Devils (2023) Sinhala Subtitle

December 11, 2023 Admin
Subtitle by Rasika Samanjith
පොලිස් නිළධාරියගෙ සිරුරට රිංගූ දාම ඝාතකයා

පසුගිය 2023 ජුලි 05 දින නිකුත්වුනු, නවතම දකුණු කොරියානු සුපිරි ත්‍රිලර් නිර්මාණයකට උපසිරැසියක් තමයි අද අරගෙන එන්නේ. චිත්‍රපටය Devils. විනාඩි 106 ක ධාවන කාලයකින් යුතු Action, Thriller, Mystery, Crime ශානරයන්ට අයත් ෆිලුමක්. මුල සිට අග දක්වාම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරි, මොහොතින් මොහොත කතාව වෙනස් මගක් ගන්නා, අවසන් විනාඩිය වෙනතෙක් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි ජාතියේ පට්ට ප්ලොට් එකක් තියෙන්නෙ. ත්‍රිලර් ෆිල්ම් බලන්න කැමති අයට රස මසවුලක්. ඔයාල විසින් මේක කිසිසේත්ම අත නොහැරිය යුතු නිර්මාණයක් නිසා තමයි, මාත් ෆිල්ම් එක බලලා ඉවරවුනු ගමන් උණු උණුවේ සබ් එක පටන්ගත්තෙ. කතාව සහ අධ්‍යක්ෂනය දෙකම Kim Jae-Hoon ගෙන්. රංගනයෙන් එකතු වෙනවා Dae-hwan Oh (චායි), Jang Dong-yoon (චා ජින්-යුක්),Jae-ho Jang (මින්-සාවා) සහ Choi Gwi-hwa (කැප්ටන්).
මිනිස්සුන්ගේ චරිත, ආත්මයන් වෙන අයගේ සිරුරු සමග හුවමාරු කිරීම් දැක්වෙන චිත්‍රපට අපි ඕන තරම් බලල තියෙනවනෙ. මේකෙත් තියෙන්නෙ ඒ වගේ කතාවක්. තරුණියන්ව අල්ලන් ගිහින් වධහිංසා කරලා, පණ පිටින් අත පය කපලා මරලා, ඒ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින දාම ඝාතක කල්ලියක් ඉන්නවා. මොවුන් ගැන ලැබුනු ඔත්තුවක් මත පරීක්ෂාවකට යාමේදී, සෝල් ප්‍රධාන අපරාධ අංශයේ රහස් පරීක්ෂක, චෝයි ජෝ-යූවෑන්ගේ සගයා, සහ මස්සිනා වන සියුන්ග් ඝාතකයන් අතින් මිය යනවා. ඒ අවුරුදු දෙකකට කලින්. ඒක චෝයිට කවදාවත් හිතින් අයින් කරන්න බෑ. අවසානයේ ඒ කල්ලියේ ප්‍රධාන සැකකරු වන චා ජින්-යුක් සහ චෝයි මුහුණට මුහුණ හමුවන අතර, චා පස්සෙ පන්නාගෙන යාමේදි කන්දකින් පහලට වැටිලා දෙන්නාම අතුරුදන් වෙනවා. මේ දෙන්නා ආයෙ මතුවෙන්නෙ මාසයකට පස්සෙ කාර් අනතුරකින්. චෝයිට රෝහලේදී සිහිය එනකොට ඔහුට ඇස් අදහගන්න බෑ. ඔහුට ඇඳේ මාංචු දාලා. ඒ මදිවට ඔහුට තියෙන්නෙ මිනීමරුවාගෙ ශරීරය. මිනීමරුවා පොලිස් කාරයගෙ ඇඟට ගිහින්. පහුගිය මාසය තුල මිනීමරුවා ඔහුට මොනාහරි කරලා. ඒ මදිවට ඒ ඇඟේ ඉන්නා මිනිමරුවා චෝයිගෙ බිරිඳ සහ දියණිය ඉන්න ගෙදරටත් යන්නයි යන්නෙ. ඒත් මේ කතාව කවුද විශ්වාස කරන්නෙ. තමන්ගෙ සිරුර මාරුකල රහස හොයාගැනීමයි, තම බිරිඳයි දියණියයි ආරක්ෂා කරගැනීමයි තමයි ඔහු ඉදිරියේ තියෙන බලාපොරොත්තු සුන් අභියෝගය. සිරුරු මාරුවෙන කොච්චර ෆිල්ම් තිබුනත්, මේක වෙනස්ම අත්දැකීමක් වේවි. මිස් කරගන්න නම් එපා.
සුපුරුදු පරිදි විශේෂයෙන් මතක් කරනවා මේකෙ කිසිම ආකාරයේ අසභ්‍ය දර්ශනයක් නෑ. හැබැයි පිහියෙන් අනින කපන වගේ අමානුෂික දර්ශන ටිකක් නම් තියෙනවා. ඒ වගේම ලින්ක් අවුලක් වුනොත් ඔයාලට හොයාගන්න ලේසිවෙන්න වයිටීඑස් කොපියට තමයි සබ කරල තියෙන්නෙ.

ජය වේවා.

QUALITY // 720p – 970mb // 1080p – 1.7gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 973.72 MB
1080p web 1.76 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (2)
  • kasun Unregistered
    Android 10 Chrome 78

    black eagle 1988 sub denna puluwanda

  • Ishan Unregistered
    Windows 10 Edge 119

    බොහෝම ස්තූතියි…
    පුළුවන්නම් Creation of the Gods I: Kingdom of Storms උපසිරැසි දෙන්න.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search