Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Drama
  3. Doctor Sleep (2019) Sinhala Subtitle

Doctor Sleep (2019) Sinhala Subtitle

February 21, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.5
GENRES
DramaEnglish MoviesfantasyGenresHorrorMoviesThriller
CAST

Ewan McGregor, Rebecca Ferguson, Kyliegh Curran, Cliff Curtis

උපසිරැසි ගොණුව තුල…
Theatrical Cut (සිනමාශාලා ප්‍රදර්ශන සංස්කරණය – ධාවන කාලය පැය 2 මිනිත්තු 32යි) – WEB
Director’s Cut(අධ්‍යක්ෂවරයාගේ සංස්කරණය – ධාවන කාලය පැය 3)- WEB

Theatrical Cut (සිනමාශාලා ප්‍රදර්ශන සංස්කරණය – ධාවන කාලය පැය 2 මිනිත්තු 32යි) – BLURAY
Director’s Cut (අධ්‍යක්ෂවරයාගේ සංස්කරණය – ධාවන කාලය පැය 3)- BLURAY

යන පිටපත් සඳහා වෙන් වෙන්ව සැකසූ උපසිරැසි 4ක් අන්තර්ගතය.කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටි Doctor Sleep (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ස්ටීෆන් කිං ලේඛකයාගේ අතින් ලියැවී ස්ටැන්ලි කුබ්‍රික් නම් අති දක්ෂ සිනමාකරුවාගේ අතින් රිදී තිරයට පැමිණි The Shining (1980) චිත්‍රපටය සංත්‍රාස චිත්‍රපටවලට ඇලුම් කරන්නන්නට අලුත් දෙයක් නෙමෙයි, ඒ මෙය නැරඹූ අයෙක් සොයාගැනීමත් අපහසු නිසා. මෙය එතෙක් මෙතෙක් සිනමා ලෝකය තුල නිමැවුණු හොඳම සංත්‍රාස චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නේ. ස්ටීෆන් කිං විසින් 1977 වසරේදී ලියා පලකල The Shining පොතේ එන සිදුවීමට පසු සිදුවීමක් ඇතුලත් තවත් පොතක් 2013 වසරේදී ඔහු විසින්ම Doctor Sleep නමින් පලකරනවා. අන්න ඒ කෘතිය ඇසුරින් තමයි මේ Doctor Sleep (2019) චිත්‍රපටය අපි හමුවට එන්නෙ (කෙසේ වෙතත් චිත්‍රපටයට නැගෙද්දී පොතට වඩා යම් යම් වෙනස්කම් සිදුකර තිබෙනවා). The Shining 1997 වසරේදී කොටස් තුනක රූපවාහිනී කෙටි කතාවල් ලෙසත් නිර්මාණය වුණා ඔබට මතක ඇති. කෙසේ හෝ ඉතාම ප්‍රසිද්ධ කාරණයක්නෙ ස්ටැන්ලි කුබ්‍රික්ගේ The Shining (1980) චිත්‍රපටයට ස්ටීෆන් කිං ඉතාම අකමැති බව. නමුත් කෙටි රූපවාහිනී කතාවට වඩා එය රසිකයන් අතර ඉතාම ජනප්‍රිය වීම යන හේතුව නිසාම Doctor Sleep නිර්මාණය කිරීමට යාමේදී අධ්‍යක්ෂ මයික් ෆ්ලැනගන් ඉතාම අසීරුවෙන් තමයි ඔහුව කැමති කරගෙන තිබෙන්නේ මුල් චිත්‍රපටයේ කතාවට ගැලපෙන ලෙස Doctor Sleep නිර්මාණය කරන්නට.

The Shining  කෘතිය

Doctor Sleep කෘතිය

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය මයික් ෆ්ලැනගන්ගෙන්. ඔහු කොහොමත් හොරර් චිත්‍රපටවලටම නම් දැරූ අයෙක්. IMDB අගය 7.4ක්, Rotten Tomatoes 77%ක් සහ මෙටාක්‍රිටික් වෙතින් 59%ක අගයක් ලෙස ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන 24කට නිර්දේශව එයින් 6ක් තමන් සතු කරගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ එවන් මැක්ග්‍රෙගර් (ඩෑන් ටොරන්ස්), රෙබෙකා ෆර්ගියුසන් ( රෝස්), කයිලී කරන් (ඇබ්‍රා ස්ටෝන්), ක්ලිෆ් කර්ටිස් ( බිලී), සාහ්න් මැක්ලනන් ( ක්‍රෝ), එමිලි ඇලින් ලින්ඩ් (ඇන්ඩි), රොබට් ලෝන්ස්ට්‍රීට් (බැරී) වැනි පිරිසක්. කතාව පැත්තට යන්න කලින් අපි කතාකරමු The Shining (1980) ගැන, මොකද එය නිකුත්වෙලා දැන් අවුරුදු 40ක් වෙන නිසා සහ ඔබ බොහෝ දෙනෙක් මෙය නරඹලත් සෑහෙන කාලයක් ගතවී තිබීමට ඉඩ ඇති නිසා. එය නරඹා නැති අයෙක් සිටිනවනම් මුලින් එය නරඹා සිටින ලෙසත්, එසේ නොකර ලිපිය මින් ඉදිරියට කියවීම ඔබේ රසවින්දනයට බාධාවක් විය හැකි බවත් මතක් කරන්නට කැමතියි.

The Shining (1980)

පෙර පාසල් ගුරුවරයෙකුව සිට පසුව ලේඛකයකු බවට පත්වන ජැක් ටොරන්ස් නැමැත්තා ඈත රොකී කඳුවැටියේ පිහිටි ඕවර්ලුක් නම් හෝටලයකට ලඟාවෙනවා ශීත සමය තුල එහි භාරකරුගේ රාජකාරියට අදාල සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට. 1909 වසරේ විවෘතකර ඇති මේ හෝටලය ගොඩනගා ඇත්තේ ස්වදේශික රතු ඉන්දියානු සොහොන් බිමක වන අතර, සාමාන්‍යයෙන් ශීත කාලය තුල වසා දැමෙනවා. රැකියාව ලැබුණහොත්, ජැක් ටොරන්ස්ගේ බලාපොරොත්තුව වැඩි රාජකාරියක් නොමැති මේ කාලය තම ලේඛන කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම. හෝටලයේ කළමනාකරු වන ස්ටුවර්ට් අල්මන් ජැක්ට හෝටලයේ අතීතය ගැන පවසන අතර, 1970 වසරේදී හෝටලයේ භාරකරුවූ චාල්ස් ග්‍රේඩි නැමැත්තා තම පවුලද මරා දමා තමන්ද වෙඩිතබාගෙන සියදිවිනසාගත් කතාවක්ද පවසනවා. සිත සසල කරන මේ කතාව ගණනකට නොගෙන ජැක් රාජකාරිය භාරගන්නවා.ශීත සමය මාස ගණනාවක් නිසා අදාල කාලය තුල පවුලේ සියලු දෙනා සමග හෝටලයේ පදිංචිවීමේ වරප්‍රසාදයද භාරකරුවන්ට හිමිවෙනවා. ජැක්ගේ සහ ඔහුගේ බිරිඳගේ පුත්‍රයා වන ඩැනී ටොරන්ස් “ටෝනි” නම් තමන් සිතේ මවාගත් චරිතයක් සමග නිතර කතාබහේ යෙදෙනවා. ටෝනි ඔහුට පවසනවා පියා සමග හෝටලයේ පදිංචියට යාම අතිශය භයානක බව. ඔහු එය වෙන්ඩිට පවසන අතර ඇය වෛද්‍යවරියකට එම කාරණයත් , ඔහුගේ ටෝනි නම් මිතුරා ගැනත් පවසනවා. ඇය පවසන්නේඑය ගණන් ගත යුතු දෙයක් නොවන බව.

හෝටලය ශීත සමය සඳහා වසාදමන දිනයේ ජැක් ඇතුළු පවුලේ සියලු දෙනා හෝටලයට ලඟාවන අතර, හෝටලයේ ප්‍රධාන කෝකිවරයා වන ඩික් හැලොරන් ඩැනීව පුදුමයට පත් කරනවා ඔහුට අයිස් ක්‍රීම් දෙන්නදැයි චිත්ත සන්නිවේදනය භාවිතා කර අසමින්. ඔහු ඩැනීට පවසනවා මේ හැකියාව තම මිත්තණියටත් ඇති බව, ඔහු එය හඳුන්වන්නේ “බැබලීම” ( ඩැනී ටෝනි ලෙස සිතාසිටින්නේ මේ හැකියාව) නමින්. ඔහු තවදුරටත් ඩැනීට පවසනවා හෝටලයටද බොහෝ මතකයන්ද සමග එවන් හැකියාවක් ඇති බවත්, ඒ මතකයන් සියල්ලක්ම යහපත් ඒවාද නොවෙන බවත්.මෙසේම ඔහු ඩැනීට පවසනවා හෝටලයේ අංක 237 දරන කාමරයට නොයන ලෙසත්.

කාලය මසක් ගෙවී යනවා, ජැක්ගේ ලිවීමේ කටයුත්තත් කිසිදු සාර්ථකත්වයක් නෑ. ඔය අතරේ හැලරන් ෆ්ලොරිඩාවලට යනවා. වෙන්ඩිට දැනගන්නට ලැබෙනවා අධික හිම පතනය හේතුවෙන් දුරකථන මාර්ග අක්‍රීයබව, එසේම ඒ අතරෙදි ඩැනීට බියකරු සිහිනයන් පෙනෙන්නට ගන්නවා. ජැක් ටොරන්ස්ට ඉතා අමුතු හැසිරීමක් රටාවක් පෙන්නුම් කරන අතර, ක්ෂණයකින් කෝපයට පත්වන්නෙකු බවට පත්වෙනවා. ඒත් සමගම 237 කාමරය ගැන ඩැනීගේ ඇති කුතුහලය දිනෙක පාලනය කරගන්නට බැරි තැනකට පත්වෙනවා එහි දොර විවර කර තිබෙනු දැකීමෙන්. පසුව, තම යතුරු ලියනය උඩම නින්දට වැටී සිටි ජැක් කෑගහසන ශබ්දයකින් වෙන්ඩි එතනට එන අතර, ඇය විසින් ඔහුව අවදිකිරීමෙන් පසුව ජැක් පවසනවා තමන් ඇයව සහ ඩැනීව මරාදමනු සිහිනෙන් දුටු බව. එවිට එතැනට ඩැනී (237 කාමරයට ගොස්) පැමිණෙනවා ගෙල අවට තැලුම් ලකුණු සහිතව, එය ජැක්ගේ අඩන්තේට්ටමක් නිසා සිදුවූවක් බවට විශ්වාස කරන වෙන්ඩි ජැක්ට දොස් පවරනවා.

ඉබාගාතේ ඇවිදිමින් සිටින ජැක් හෝටලයේ ගෝල්ඩ් බෝල්රූම් වෙත ඇතුල්වන අතර එහිදී ඔහුට ලොයිඩ් නම් අද්භූත බාටෙන්ඩර්වරයෙකු හමුවෙනවා, ඔහු ඔහුට පවසනවා තම විවාහ ජීවිතයේ දුක් හා වසර තුනකට තමන් අතින් ඩැනීගේ අත විසන්ධි වූ සිදුවීමට තම බිරිඳ තවමත් තමන්ට සමාව දී නැති බවට මැසිවිලි නගනවා. මේ කතාබහ අතරතුර බේස්බෝල් පිත්තක්ද රැගෙන එතනට පැමිණෙන වෙන්ඩි ජැක්ට පවසනවා 237 කාමරයේ නාන කාමර බේසමේ සිටි උමතු කාන්තාවක් තම ගෙල සිරකරන්නට තැත් කලේයැයි ඩැනී පැවසූ බව. පසුව ජැක් 237 කාමරය සෝදිසි කරන අතර, එහිදී මියගිය තරුණ කාන්තාවකගේ භූතාත්මයක් ඔහුට හමුවන අතර ඔවුන් හඳුනන දෙදෙනෙකු මෙන් දෙදෙනා සිප වැලඳගන්නා අතර පසුව ඇය ක්ෂණයකින් ජරාජීර්ණවූ මහළු කයක් බවට හැරෙනවා, ජැක් ඒ කිසිවක් වෙන්ඩිට පවසන්නේ නෑ. ඩැනීව හෝටලය තුල තැබීම නුසුදුසු බවට වෙන්ඩි ජැක් හා වාද කරන අතර, කේන්තියෙන් පිපිරෙමින් ඔහු ගෝල්ඩ් රූම් වෙත පිවිසෙනවිට දකින්නේ බෝල්රූම් නර්තණයට පැමිණ සිටින මිනිස් පෙනුමැති භූතයන් රැසක්. එතනදී ඔහුට භූත පෙනුමින් යුත් ඩෙල්බර්ට් ග්‍රේඩි නම් වේටර්වරයෙකු හමුවන අතර මේ ඕවර්ලුක් හෝටලයේදී සිදිවිනසාගත්තේයැයි කියන චාල්ස් ග්‍රේඩි නම් ශීත සෘතු භාරකරු බවට විශ්වාස කරන ජැක් ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්ණ කලත් ඔහු ඒ කාරණය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ හෝටලයේ හැමදාමත් ශීත සෘතු භාරකරුව සිටියේ ජැක් බව. පසුව ඔහු පවසනවා ඩැනී තම “දක්ෂතාව” භාවිතා කරමින් (ෆ්ලොරිඩාවල සිටින) හැලරන් හා අදහස් හුවමාරු කරගෙන ඇති බවත් (පෙර රූපරාමු කීපයක අපිට මෙය දකින්නට ලැබෙනවා), ජැක් තම බිරිද හා දරුවා හරියාකාරව හදාගත යුතු බවත්. ඕවර්ලුක් හෝටලයට දුරකථන ඇමතුමක් ගැනීමට තැත් කලත් හිම පතනය හේතුවෙන් දුරකථන සේවා ඇණහිට ඇති නිසා, හෝටලයේ කුමක් සිදුවේදැයි බියෙන් සිටින හැලරන් නැවතත් කොලරාඩෝ වෙත එනවා. මේ අතර ඩැනී “REDRUM ( MURDER යන වචනය විරුද්ධ අතට)” ලෙස පවසමින් ආවේශවනවා තමන්ගේ නම “ටෝනි” ලෙස පවසමින්.
ජැක්ව සොයමින් සිටින අතරෙදි, වෙන්ඩි දකිනවා මේවනවිට ව්‍යාකූල මනසකින් යුත් ජැක් “විවේකයක් නැති වැඩවලින් ජැක්ට ජීවිතය තිත්තවී ඇත” ලෙස පිටු ගණනාවක් යතුරු ලියනය කර ඇති අයුරු.එවිටම එතනට පැමිණෙන ජැක්ට හෝටලයෙන් පිටවයමු යැයි වෙන්ඩි ආයාචනා කලත්, ජැක් ඇයට තර්ජණය කරනවා. ජැක්ට බේස්බෝල් පිත්තකින් සිහිසුන් වන්නට පහර දෙන වෙන්ඩි ඔහුව මුළුතැන්ගෙයි පැන්ට්‍රි කාමරයක් තුල සිර කරන නමුත් මේ වනවිට ඇය හා ඩැනීත් හෝටලය තුල සිරකරුවන්වයි සිටින්නේ, ජැක් විසින් හෝටලයේ ද්වි-මාර්ග රේඩියෝ පද්ධතිය හා ස්නෝකැට් රථය ක්‍රියාවිරහිත කර තිබීම හේතුවෙන්. පැන්ට්‍රි කාමරයේ සිරවී සිටින ජැක් දොර හරහා ග්‍රේඩි සමග කතාබස් කරනවා. ඇසිල්ලකින් දොර විවරවෙනවා ජැක්ව නිදහස් කරමින්.

ඩැනී නොනවත්වාම කියවමින් “REDRUM” වචනය දොරේ ලියන්නට පටන්ගන්නවා. එම වචනය කැඩපත තුලින් නිවැරදි පිලිවෙලට එනම් MURDER ලෙස දකිනවා වෙන්ඩි. පොරවක් දෑතට ගත් ජැක් තමන් මරාදැමීමට එද්දී වෙන්ඩි ඩැනීව නානකාමර කවුළුව හරහා නිවසෙන් ඉවත්කලත්, ඇයට හැකිවන්නේ නෑ කවුළුව හරහා යාමට. ජැක් නානකාමර දොර බිඳගෙන එන්නට තැත් කලත් වෙන්ඩි විසින් ඔහුගේ අතට එල්ල කරන පිහි පහරක් ඉදිරියේ මෙල්ලවී පසුබසිනවා. මේ අතරේ ස්නෝකැට් රථයකින් එන හැලරන් එන හඬ ඇසී වෙන්ඩිව මරාදැමීම පසෙක දමන ජැක් හැලරන් සොයාගොස් හෝටල් ලොබිය තුල ඔහුව මරාදමා, හෝටලයේ මිදුලේ ඇති පඳුරු වංකගිරිය තුලට දුවනවා ඩැනී පසුපස. වෙන්ඩි ඩැනීව සොයමින්හෝටලය පුරා දිවයද්දී ඇයට ඩැනී විසින් හෝටලයට එන්නට පෙර පැවසූ සියල්ලක්ම ඇස් ඉදිරියේ දකින්නට ලැබෙන අතර හැලරන්ගේ මලසිරුරද ඒ අතර වෙනවා. කෙසේ හෝ උපායෙන් ජැක්ව නොමග යවන ඩැනී ඔහුගෙන් මිදී සැඟවෙනවා. ඩැනී වංකගිරියෙන් පැනගොස් නැවත වෙන්ඩි හා එක්වන අතර ඔවුන් හැලරන්ගේ ස්නෝකැට් රථයෙන් පලායනවා. ශීතලට ගොදුරුවන ජැක් එයින්ම මියයනවා. අවසානයේදී අපිට දකින්නට ලැබෙන්නේ 1921 වසරේ ඕවර්ලුක් හෝටලයේ පැවැත්වුණු සාදයක ඡායාරූපයක ජැක් සිටින ආකාරයයි ( මෙය ස්ටැන්ලි කුබ්‍රික්ට අනුව පුනුරුප්පත්තිය සංකේතවත් කිරීමක්, ඔහු කියන ආකාරයට හෝටලයේ අමුත්තෙකුගේ පුනුරුප්පත්තිය තමයි ජැක් ටොරන්ස්.)

එම ඡායාරූපය

Doctor Sleep (2019)

මේ සිදුවීමෙන් වසර ගණනාවකට පසු එනම් 2011 වසරෙනුයි මෙවර කතාව ඇරඹෙන්නේ. ඕවර්ලුක් හෝටලය තුලදී ලමාකල අත්විඳි බිහිසුණු අත්දැකීම නිසා මේ වනවිට ඩෑන් ටොරන්ස් දැඩිව මත්පැනට ඇබ්බැහිවූවෙක්. ඒ නිසාම අඬ දබරවලත් පැටලෙන ඔහු මේ ජීවිතයෙන් වෙනසක් සොයා නිව් හැම්ප්ෂයර් වෙත යන්නට යනවා. එහිදී ඔහුට හමුවන කරුණාවන්ත පුද්ගලයන් කීපදෙනෙකු නිසා ඔහුගේ ජීවිතය යලි යහපත් අතට හැරෙන්නට පටන්ගන්නවා..ඒත් ලමාකල ඔහුගේ භයංකර ජීවිතය නැවතත් ඔහුට හොල්මන් කරන්නට පටන්ගන්නවා.. එතනින් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්, හමුවෙමු The Skin I Live In (2011) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
9932 වාරයක්
Download Links
720P
DIR
720P
DIR
1080P
DIR
1080P
TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 1.62 GB
GET
1080p bluray 3.2 GB
GET
2160p bluray 3.75 GB
GET
720p web 1.37 GB
GET
1080p web 2.71 GB
GET
Discussion (19)
← Older
  • supun danushka Unregistered
    Windows 7 Chrome 80
    2020-03-18

    සබ් එකට බොහොම ස්තූතියි

    Reply
  • Lakshan Unregistered
    Android 9 Chrome 81
    2020-05-10

    Thanks directioncut sub ekata..

    Reply
  • Legion Unregistered
    Android 8.1 Chrome 87
    2021-01-02

    බොහොම ස්තූතියි

    Reply
  • Viraj Unregistered
    Android 10 Chrome 135
    2025-12-17

    Thanks

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved