Doctor Strange (2016) Sinhala Subtitle
ඩොක්ට ස්ට්‍රේන්ජ්…ගොඩක් අය මේ චිත්‍රපටයෙ උපසිරැසි එනකම් මග බලාගෙන ඉන්න ඇති. ඔන්න එහෙනම් මග බලාගෙන හිටිය අයට ඩොක්ට ස්ට්‍රේන්ජ් උපසිරැසිය ගෙනාවා.මාවල්ස්ලගෙ තවත් සුපිරි නිර්මාණයක් වන මේ ඩොක්ට ස්ට්‍රේන්ජ් චිත්‍රපටය ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන37 කට නිර්දේශ වෙලා සම්මාන 5ක් දිනාගෙනත් තියනවා.IMDB අගය ගත්තොත් 7.8ක් වගේ ඉහළ අගයකුත් Rotten Tomatosවල 90%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියනවා.අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson.රඟපාන නළු නිළියො ගැන කිව්වොත් ඩොක්ට ස්ට්‍රේන්ජ් ලෙස Benedict Cumberbatch, මොර්ඩො ලෙස Chiwetel Ejiofor,ක්‍රිස්ටීන් පාමර් ලෙස Rachel McAdams යන අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.දැන් යමු කතාව පැත්තට…
වෛද්‍ය ස්ටීෆන් ස්ට්‍රේන්ජ්,ස්නායුශල්‍යවෛද්‍යවරයෙක් වගේම ඒ අංශයේ ඉන්න දක්ෂතම වෛද්‍යවරයා කිව්වත් වැරැද්දක් නෑ.කොච්චර දක්ෂ වුණත් ස්ටීෆන් කියන්නෙ ආත්මාර්ථකාමී, අහංකාර හැමවෙලේම ප්‍රසිද්ධිය හඹාගෙන යන කෙනෙක්.ඒ වගේම අන් අයව හෙලා දැකල කතා කරන්නත් දක්ෂයෙක්.ශල්‍යකර්මයක් කරන්නෙත් තමන්ට ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවනම් විතරයි.ඉතිං මේ අති දක්ෂ වෛද්‍යවරයගෙ ජීවිතය උඩුයටිකුරු වෙනව ඔහුට සිදුවන භයානක අනතුරක් නිසා. මේ අනතුරින් ඔහුගේ ස්නායුවලට බරපතල හානි සිද්ධ වෙනවා.තමන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුවයක් අත් නොවෙන තැන ඔහුට දැනගන්න ලැබෙනවා නේපාලයේ තියන හාස්කම් පිරි පෙරදිග සිද්ධස්ථානයක් ගැන. ඒවා ගැන විශ්වාසයක් නැතත් බටහිර ප්‍රතිකාරවලට වියදම් කරල කරකියාගන්න දෙයක් නැතුව ඉන්න ස්ටීෆන් අන්තිමේ තීරණය කරනවා එතනට යන්න.එය මේ ලෝකයේම තිබෙන හාස්කම්, මායාවන් පිරුණ තවත් සමාන්තර ලෝක සමග ගණුදෙනු කෙරෙන සිද්ධස්ථානයක්.(එයත් ඒ වනවිට ඔවුන්ගේ හිටපු සාමාජිකයෙක්ගෙ සොරකමක් නිසා තර්ජණයට ලක්වෙලා තියෙන්නෙ) ඒ සිද්ධස්ථානයේ ප්‍රධානියා පැරැන්නා ලෙස හැඳින්වෙන ගුප්ත විද්‍යාවන්ගේ හසල දැනුමක් කාන්තාවක්.ස්ටීෆන්ගේ අහංකාර ගති පැවතුම් නිසා ඇය ඔහුට උදවුකිරීම ප්‍රතික්ෂේප කලත් අර පෙරකී තර්ජණය හේතුවෙන් ඇයට සිද්ධ වෙනව ස්ටීෆන්ට උදවු කරන්න.ඔය ඇති නේද?එහෙනම්නරඹලම බලන්න ස්ටීෆන් තමන්ගෙ අහංකාරකම් අත්ඇරගනීද? පැරැන්නා ඔහුට උදවු කරයිද? ඇය ස්ටීෆන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවද ?සිද්ධස්ථානයට ඇති තර්ජණය මොකද්ද? කියන ප්‍රශ්ණ සේරටම උත්තර ලැබේවි ඒත් එක්කම අපි තව ආදරය කරන මාවල් චරිතයකුත් ඉන්නවා අවසානයේ. චිත්‍රපටය අවසාන වෙනකම්ම බලන්න මේකෙ දෙවතාවක් විතර අපිට අඟවනව චිත්‍රපටය අවසන් කියල නමුත් එහෙම නෑ,(මටත් ඒක අහුවුණේ සබ් එක කරගෙන යද්දි) ඒ හින්ද අවසන් වෙනකම්ම බලන්න.
තව විශේෂයෙන් මතක් කරන්න දෙයක් තියනවා මේකෙ වීඩියෝ පිටපත මං කලින් දුන්න Hacksaw Ridge ෆිල්ම් එකේ පිටපත වගේම DVD Screener එකක්. වීඩියෝ කොලිටි එකත් ඒ හා සමානයි වෝටමාක් අරව මේව මුකුත් නෑ හොඳට තියනවා.බලද්දි KM Player එක පාවිච්චි කරන්න.ඒ වගේම මේකෙ ද්‍රෘශ්‍ය ප්‍රයෝගවලට ඔබව කරකවල අතාරින්න පුළුවන් කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ.ඒ නිසා Bluray හෝ 3D පිටපතක් ආවම ආපහු බලන්න.
Great Work Bro !! 😀
Elama bro…thnx…
thanks brother,api ubalawa age karanawa
Movie eka download krnna link ekak dennko deela thyna eka wada krnne nane
sub ekata godak sthuthiyi saho.
Thanks machan.