Dominique (2024) Sinhala Subtitle

October 16, 2024 Admin
Subtitle by Rasika Samanjith
ඉහට කඩන් වැටුනු යුද්ධය
                          සීමිත තිරගත කිරීමක් තුලින් සහ VOD ඩිජිටල් මාධ්‍යයෙන් පසුගිය 2024 ඔක්තෝබර් 11 දින නිකුත්වුනු, මුල සිට අග දක්වාම සුපිරි ක්‍රියාදාමයන් ටිකක් බලාගන්න පුලුවන්, ඇමරිකන් / කොලොම්බියා නිර්මාණයකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. Action, Thriller, Drama වර්ගයේ චිත්‍රපටයක් වන Dominique. විනාඩි 100 ක් පුරා දිග හැරෙන මේ ක්‍රියාන්විතය තුල ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකම හරි හරියට ඇතුලත් වෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ඩොමිනික්ගේ චරිතයට පණපොවන සම්මානනීය ඇමරිකන් නිලි Oksana Orlan රඟපෑමෙන් පමණක් නැවතුනු කෙනෙක් නෙමේ. ඇය මොඩ්ල් කෙනෙක්. චිත්‍රපට නිෂ්පාදිකාවක් සහ තිර රචිකාවක්. මේ චිත්‍රපටයේ තිර රචනයත් ඇය Michael S. Ojeda සමග සමසේ බෙදාගෙන තියෙනවා. ඇයට අමතරව රංගනයයෙන් එකතු එනවා Maurice Compte (සන්තියාගෝ), Maria del Rosario (පවුලිනා), Sebastián Carvajal (ජුලියෝ) සහ Alanna De La Rossa (ඒබ්‍රිල්).
                    ඩොමිනික් කියන්නෙ ඉහළ පුහුණුවක් ලද කාන්තා කුලී ඝාතකයෙක්. ඇය තමාගෙ අතීත වැරදි වලින් ඈත්වෙලා සාමකාමී ජීවිතයක් හොයාගෙන යුක්‍රේනයේ ඉඳලා දකුණු ඇමරිකාවට එනවා. ඇගේ කුඩා ගුවන් යානය කොලොම්බියා කාටලයක් විසින් වෙඩි තබා බිම දානවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇය ලූකස් කියන කුඩා කොලොම්බියානු නගරයට. ඒක ජාවාරම් කරුවන් රජකරන නගරයක්. කාටෙල් එකේ ඝාතන කණ්ඩායම විදිහට වැඩ කරන්නෙත් පොලීසිය. ඒ තරම් දූෂිතයි. එහිදී ඩොමිනික්ට හිතවත්කමක් දක්වපු එකම පුද්ගලයා වන ජුලියෝව පොලීසිය විසින් අමානුෂික විදිහට මරල දානවා. ඔවුන් ඉන්පසු එන්නෙ ජුලියෝගෙ පවුල හොයාගෙන. නමුත් ඒ ගෙදර අහම්බෙන් සිටි මේ විදේශීය කාන්තාව හෙවත් “ග්‍රින්ගා” නිසා ඔවුන්ගේ සියලු සැලසුම් වෙනස් වෙනවා. ඒ අතිශය බලසම්පන්න මිනීමරු සංවිධානය සහ අර අහිංසක පවුල අතර හිටගන්නා මේ ‘ග්‍රින්ගා’ට ඒ පවුල බේරගන්න පුලුවන් වෙයිද?

                  විශේෂයෙන්ම කියන්න ඕනෙ මුල හරියෙ පොඩි 18+ කෑල්ලක් තියෙනවා. අසභ්‍ය වචන ටිකක් ඇරුනම ඊට පස්සෙ වෙන මොකුත් නම් නෑ. ඇක්ෂන් විතරයි. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය අරගන්න.

ජය වේවා
QUALITY // 720p – 920mb / 1080p – 1.8gb

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 921.76 MB
1080p web 1.85 GB
1080p web 1.67 GB
2160p web 4.47 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (3)
  • Gihan Lakmal Unregistered
    Windows 10 Chrome 129

    ela

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 129

      Thanx.

  • Gagan pabasara Unregistered
    Android 10 Chrome 129

    Ransomed (2023) කොරියන් චිත්‍රපටය සිංහල උපසිරස කරන්න කො

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search