Double Impact (1991) Sinhala Subtitle

June 01, 2020 Admin
Subtitle by Rasika Samanjith

 

             අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු Jean Claude Van Damme ගේ රංගන ජීවිතයේ පෙරලියක් කල සිනමා පටයක් තමයි 1991 අගෝස්තු 09 දින මුලින්ම තිරගතවූ Double Impact  කියන්නෙ. මේක තමයි ඔහුගේ ප්‍රථම ද්විත්ව චරිත නිරූපනය. මාෂල් ආර්ට් සටන් නලුවෙක් ලෙස රංගන ජීවිතයට කොටුවී සිටි වෑන් ඩෑම් චරිතාංග නලුවෙකු ලෙස තමාගෙ දක්ෂතාවය ලොවට පෙන්වා තමාගෙ ප්‍රතිරූපය වෙනස් කර ගැනීමට මෙම සිනමා පටයෙන් ඔහුට හැකිවිය. චැඩ් සහ ඇලෙක්ස් යන නිවුන් සොහොයුරන් ලෙස ඔහු රඟපෑ අතර ඇලෙක්ස්, දඩබ්බර ගති ඇති, වහා කිපෙන සුලු මැරයෙක් ලෙසද, චැඩ් නිවුනු ගති ඇති, සැහැල්ලු, විටෙක කොමඩි ගතියක්ද පෙන්වන, ෆැන්සි ජීවිතයක් ගතකරන කරාටේ ගුරුවරයෙකි. මෙම එකිනෙකට වෙනස් චරිත දෙක ඉතා දක්ෂ ලෙස නිරූපනය කර ඇති අයුරු මේ සිනමා පටය නැරඹීමේදී ඔබට පෙනෙනු ඇති. පෙනුම, හැසිරීම් පමණක් නොව කටහඬ සහ හඬ උච්ඡාරනයද වෙනස් කරමින් කෙතරම් දක්ෂ ලෙස තම කාර්යය ඉටුකර ඇද්ද කියනවානම් එකම නලුවා මේ චරිත දෙකම කරන බව චිත්‍රපටය නරඹන විට කිසිම මොහොතක දැනෙන්නේ නැත. එසේම මෙම චිත්‍රපටයේ තවත් විශේෂයක් වන්නේ ප්‍රධාන චරිතය රඟපෑමට අමතරව, කතාව, තිර රචනය සහ නිෂ්පාදනයටද වෑන් ඩෑම් දායක වීමයි. වෑන් ඩෑම්ගේ Lionheart(1990) , Order(2001) සහ Hard Corps(2006)යන චිත්‍රපට අධ්‍යක්ෂනය කල Sheldon Lettich විසින් මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂනය කර ඇත.

 

       පෝල් වැග්නර් හොංකොංහී ධනවත් ව්‍යාපාරිකයෙක්. බිරිඳ කැතරින්. චූටි බබාලා දෙන්නෙකුත් ඉන්නවා. පුතාලා. නිවුන්නු. ඇලෙක්ස් සහ චැඩ්. පෝල්ගේ ව්‍යාපාර සගයා වන ග්‍රිෆිත්, ඔහුගේ ව්‍යාපාරවල සම්පූර්ණ අයිතිය සහ ලාබය ලබාගැනීම සඳහා මුලු වැග්නර් පවුලම සමූල ඝාතනය කිරීමට සැලසුම් කරනවා. දරුවන් දෙදෙනා ඝාතනය කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණක්. මොකද දේපළ වලට අයිතිවාසිකම් කියාගෙන කවදාවත් එන්න බැරිවෙන්න. ඒත් පෝල්ගේ ආරක්ෂක නිලධාරියා වන ෆ්රෑන්ක් නිසා ඔවුන්ගේ සැලසුම තරමක් අවුල් වෙනවා. පෝල් සහ කැතරින් මරණයට ලක්වුවත් දරු දෙදෙනා බේරාගැනීමට ෆ්රෑන්ක් සමත්වෙනවා. ඇලෙක්ස්ව මෙහෙකාරිය විසින් රැගෙන ගොස් අනාථ ළමා නිවාසයක් ළඟ දමා යන අතර චැඩ්ව ෆ්රෑන්ක් අරන් යනවා. ඒත් ඔහුට ඇලෙක්ස්ව හොයාගන්න බැරිවෙනවා. ඊට පස්සෙ කතාව පටන්ගන්නෙ අවුරුදු 25 කට පස්සෙ ඇමෙරිකාවෙන්. ෆ්රෑන්ක් කරාටේ පාසලක් පවත්වාගෙන යනවා. තරුණ චැඩ් ඒකෙ ගුරුවරයෙක්. ඇලෙක්ස්ට මොකද වුනේ? කොහොමද? මොනා කරනවද? මේවා ෆ්රෑන්ක් කවදාවත් අමතක කලේ නෑ. ඔහුගේ සෙවීම් වල ප්‍රතිඵලයක් හැටියට චැඩ්ගේ රූපෙට සමාන, හොංකොංහි දඩබ්බර මැරයෙක්ගේ පොටෝ ඔහුට ලැබෙනවා. ෆ්රෑන්ක් අඳුරගන්නවා මේ ඇලෙක්ස් තමයි කියලා. ෆ්රෑන්ක්, චැඩ්වත් එක්කරගෙන හොංකොං යනවා. සහෝදරයන් දෙදෙනා එකතුකරලා, ඔවුන්ගෙ දෙමව්පියන් මරපු එකේ පලියත් අරගෙන, මිනීමරුවෝ භුක්තිවිඳින පෝල්ගේ දේපළ ඇලෙක්ස් සහ චැඩ්ට යලි ලබාදීම ෆ්රෑන්ක්ගේ එකම අරමුණයි. හැබැයි මේ කිසිම දෙයක් මේ නිවුන් සහෝදරයෝ තාම දන්නෙ නෑ. අඩුගානෙ තමන්ට සහෝදරයෙක් ඉන්නවා කියලවත් දන්නෙ නෑ. මේ වෙනකොට ග්‍රිෆිත් හොංකොංහි රජ කරමින් ඉන්නෙ. ඔහු යටතේ ඉතා දක්ෂ සටන්කරුවන් රැසක් ඉන්නවා. මූන් සහ කාරා ඉන් ප්‍රධානයි. එයාලගෙන් බේරිල ග්‍රිෆිත්ට ලන්වෙන්න බෑ. තත්ත්වය ඔහොම තියෙනකොට තමයි ෆ්රෑන්ක් සහ චැඩ් අවුරුදු 25 කට පස්සෙ හොංකොංවලට පය තියන්නෙ. නිවුන් සහෝදරයන්ගේ හමුවීම කොහොමට තියේවිද? ෆ්රෑන්ක් සමඟ එක්වී තම දෙමව්පියන්ගේ පලිය ගැනීමට නිවුන් සහෝදරයන් කරන යුද්ධය තමයි ඊට පසු සිනමා පටය පුරා දිගහැරෙන්නෙ. ඇලෙක්ස්ගෙ පෙම්වතිය වන ඩැනියෙලුත් මේකෙදි ඔවුන්ට උදව් කරනවා.

Bolo Yeung   &  Van Damme

     Van Damme ට අමතරව Geoffrey Lewis ෆ්රෑන්ක් ලෙසද, Alonna Shaw ඩැනියෙල් ලෙසද, Corinna Everson කාරා ලෙසද, Bolo Yeung මූන් ලෙසද රංගනයෙන් දායකවෙනවා. Van Damme සහ Bolo Yeung යුගලය එකට හමුවන්නේ Bloodsport [1988] චිත්‍රපටයෙන් පසුවයි.

Bolo Yeung                  Van Damme                    Alonna Shaw

            Action, Thriller, Martial Arts ගණයට තමයි වැටෙන්නෙ. IMDb අගය 5.6/10 ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 90% ක්ද ලබාගෙන තියෙනවා. Double Impact සිනමාපටයේ මුල්වරට Double Van Damme යෙදීම ඉතා සාර්ථකවූ බව පසක් කරමින් ඇමරිකා බොක්ස් ඔෆීස් ලිස්ට් එකේ අංක 02 බවට පත්වීමට මෙය සමත්විය. තිරගතවූ මුල් සතිය තුලදී ඩොලර් මිලියන 7.5 ක වාර්තාගත බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර මුල් දින 11 පසුකරනවිට එය ඩොලර් මිලියන 15.3 දක්වා ඉහළ ගොස් තිබුනි. සමස්ථ බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඩොලර් මිලියන 30.5 ක් උපයාගැනීමට සමත්වූ මෙම සිනමාපටය නැරඹීමට ඔබටත් ආරාධනය කරමින් නවතින්නම්.   ජය වේවා.

BRRip / 720p / 1080p

Available Torrents
720p bluray 960.41 MB
1080p bluray 1.78 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (5)
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    අම්මෝ! කොහොම ස්තූති කරන්නද මන්දා!
    වෑන් ඩෑම්ගේ මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට බොහොම ස්තූතියි.

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 68

      ඉල්ලීම ඉටුකලා.

  • Rajitha Unregistered
    Android 9 Chrome 81

    Thanks jayawewa……!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. තව සුපිරි film තියනව Van Dammeගෙ ඒවටත් සබ් දෙන්න පුළුවන් නම්

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 70

    ගොඩක් ස්තූති සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search