Double Team (1997) Sinhala Subtitle

May 29, 2024 Admin
Subtitle by Rasika Samanjith
සුපිරි ඩබලක්

                           Jean-Claude Van Damme සහ Dennis Rodman සුසංයෝගයෙන් සැදුනු Double Team මුලින්ම තිරගත වුනේ 1997 අප්‍රියෙල් 04 දින ඇමෙරිකාවේදී. ඇ.ඩො.මිලියන 48.1 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වුනු වෑන් ඩෑම්ගෙ තවත් පැරණි ජනප්‍රිය චිත්‍රපටයක්. Action, Comedy, Sci-Fi, Thriller යන කැටගරිවලට අයත්වෙන ෆිලුමක්. ධාවන කාලය විනාඩි 93 යි. Jet Li ගේ Black Mask (1996), Once Upon a Time in China film series (1991–97), Donnie Yen ගේ Iron Monkey (1993) සහ වෑන් ඩෑම්ගෙම Knock Off (1998) යන සුපිරි චිත්‍රපට සිනමා ලොවට දායාද කල හොංකොං චිත්‍රපට අධ්‍යක්ෂක Tsui Hark ගේ ප්‍රථම ඇමරිකන් නිර්මාණය. Jean-Claude Van Damme (ජැක් ක්වින්) සහ Dennis Rodman (යෑස්) සමග රංගනයට එකතුවෙන්නේ Mickey Rourke (ස්ටාව්රෝස්), Paul Freeman (ඇලෙක්ස් ගෝල්ඩ්ස්මයිත්) සහ Natacha Lindinger (කැත්රින්).
ත්‍රස්ත මර්දන ඒකකයක සාමාජිකයෙකු වන නියෝජිත ජැක් ක්වින්ගේ අවසාන පැවරුම වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදෙන ස්ටාව්රෝස්ව අල්ලාගැනීම. එය අසාර්ථක වන අතර එහිදී ක්වින් බරපතල තුවාල ලබනවා. ක්වින්ගේ නොසැලකිල්ල නිසා මෙහෙයුම අසාර්ථක වූ බව තීරණය වෙන අතර, ක්වින් මියගිය බව ලෝකයට දන්වා, ඔහුව “කොලනි රෙසිඩන්ස්” නමැති තැනකට යවනවා. එය රහසිගතව පවත්වාගෙන යන විශේෂිත ත්‍රස්ත මර්දන ඒකකයක්. හැබැයි එක්තරා ආකාරයක හිරගෙයක්. ඒක දූපතක්. මුහුදෙ පවා ලේසර් සවිකරල තියෙන්නෙ. කාටවත් පැනගන්න බෑ. එහෙ ඉන්න සියලුම සාමාජිකයො, මැරුනයි කියල ලෝකයා හිතාගෙන ඉන්න ප්‍රහාරක ඒජන්ට්ලා. ක්වින්ගෙ අවසන් මෙහෙයුමේදි අතුරු ඵලයක් ලෙස ස්ටාව්රෝස්ගේ එකම පුතා වෙඩී වැදී මිය යනවා. මේකට පලිගන්න ඔහු ක්වින්ගේ ගැබ්බර බිරිඳව පැහැරගන්නවා. මෙය දැනගත්තම හිර ගෙදරක ඉන්න ක්වින්ට මොනා හිතේවිද? කොලනියෙන් පැනගැනීම ඔහුගේ පළමු අභියෝගයයි. ස්ටාව්රෝස් සමග සටනට ක්වින්ට තවත් කෙනෙක් සහයට එනවා. ඒ තමයි ආයුධ වෙළෙඳාම්කරුවෙක් සහ පිස්සු පූසෙක් වන යෑස්.

මේකෙ ලොකු 18+ සීන් කෑලි නම් නෑ. නමුත් පොඩි පොඩි කෑලි කීපයක් නිසා ළමයින්ට සුදුසුයි කියන්න බෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. බඩුම තමයි.

ජය වේවා.

QUALITY // 480p – 350mb // 720p – 710mb // 1080p – 1.4gb

SUB FORMAT // SRT

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 713.45 MB
1080p bluray 1.44 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (3)
  • ලහිරු Unregistered
    Android 10 Chrome 125

    අම්මෝ, කාලෙකට පස්සේ පරණ ෆිලුමකට සබ් එකක් දීලා. තෑන්ක්ස්! 👍

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      Next one is old too.

    • nilanga iduwara gamage User
      Android 10 Chrome 126

      American Horror Story 2021 tv series ekata sub danna pluwanda please

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search