Dragons Forever (1988) Sinhala Subtitle
සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම ගෙනල්ල තියෙන්න ජැකීගෙ ෆිල්ම් එකකට සබ් එකක්. නලුවගෙ නම කිව්ව ගමන් දන්නවනේ ෆිල්ම් එකේ ඇක්ශන් අතින් අඩුවක් නෑ කියලා.
මේ ෆිල්ම් එකේ Ratings අතින් ගත්තම මේක imdb දර්ශකයේ 7.2/10ක් ලබාගෙන තියෙනවා.
ඒ විතරක් නෙවේ Google Usersලා 95% කුත් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා.
DRAGONS FOREVER 1998
ඉතින් මේ ෆිල්ම් එකේ ජැකී කියන්නේ නීතීඥ්ඥයෙක්, කතාව ගෙතිලා තියෙන්නේ කෙමිකල් ෆැක්ට්‍රියකුයි, මාලු ෆාර්ම් එකකුයි අතරේ. මේ කෙමිකල් ෆැක්ට්‍රියේ එන අපවිත්‍ර ජලය මාලු ෆාර්ම් එකට යන හින්ද ඒ ෆාර්ම් එකේ අයිතිකාර නෝනා කම්හලේ වැඩ නවත්වන්න උසාවි තහනම් නියෝගයක් ගන්න යනවා.අපේ ජැකී ඉන්නෙ ඉතින් නපුරගෙ පැත්තේ නීතීඥ්ඥයට, ඒවගේම මේ වැඩේට ජැකී අපූරු යාලුවො දෙන්නෙකුත් සෙට් කරගන්නවා.
කොහොම උනත් අර මාලු ෆාර්ම් එකේ නෝනට ලස්සන ඥාති දුවෙකුත් ඉන්නවා. එයා තමා ෆාර්ම් එක වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ.ජැකී ඉතින් මේකෙ ටිකක් කුකුලෙක්. ඉතින් මේ ෆිල්ම් එක මේ චරිත වටේ ගෙතුනු action පිරුනු හරිම ලස්සන එකක්.
ඉතින් ජැකීටයි යාලුවන්ටයි මොනවා වෙයිද?, කෙමිකල් ෆැක්ට්‍රියෙ මොනවා හදනවා ඇත්ද?, නපුර ජයගනීද? මේ ටිකට උත්තර බලලම හොයාගන්නකෝ!
සබ් එකට ස්තූතියි මල්ලි. හොඳ ෆිල්ම් එකක්. මාත් මේකට සබ් හදන්න හිතාගෙන ඩවුන්ලෝඩ් කරන් හිටියේ. අලුත් ෆිල්ම් ටිකක් කරපු නිසා ලේට් වුනා. දැන් ඉතින් ඔයාගෙ සබ් එක අරගන්න පුලුවන්.ඒ වගේම අපිත් දිග ගමනක් යාමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තූතියි අයියේ..:heart_eyes::heart_eyes:
තෑන්ක්ස් යාළුවා සබ් එකට.:star_struck::star_struck:
මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් දිගටම දෙන්න.
හැකිනම් ජැකී චෑන්ගේ මේ ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න.
Thunderbolt (1995)
City Hunter (1993)
Gorgeous (1999)
Dragon Lord (1982)
ගොඩක් ස්තූති සබ් එකට