Enough (2002) Sinhala Subtitle

October 24, 2021 Admin
Subtitle by Rasika Samanjith
සෑම දෙයකටම සීමාවක් ඇත

                   ඔයාල දන්නවා ඇතිනෙ J.Lo කියන සුරතල් නාමයෙන් හැඳින්වෙන Jennifer Lynn Lopez, එහෙමත් නැත්නම් ජෙනිෆර් ලෝපස්ව. ජනප්‍රියත්වයේ හිනි පෙත්තෙම ඉන්න සුපිරි, ඇමෙරිකානු නිළියක්, ගායිකාවක් සහ නැටුම් ශීල්පිනියක්. 1969 ජුලි 24 දින නිව්යෝක් හීදී උපත ලද ඇය සිය රංගන දිවිය පටන්ගන්නේ 1991 වසරේ, ඇමරිකන් කොමඩි ටීවී සීරීස් එකක් වන In Living Color හී ප්‍රධාන නොවන චරිතයකට පෙනී සිටිමින්. චිත්‍රපටයක රඟපෑම සඳහා ඇ.ඩො. මිලියනයකට ඉහළ මුදලක් අය කරන ප්‍රථම ලතින් ඇමරිකානු නිළිය බවට පත්වූ ලෝපස්, Anaconda [2007] සහ Out of Sight [2008] යන චිත්‍රපටත් සමග ඉහළම මුදලක් ගෙවනු ලබන ලතින් ඇමරිකානු නිළිය බවට පත්වුනා. ඇගේ සිනමා ජීවිතයේ ඉහළම ආදායම් වාර්තාවට හිමිකම් කියන්නෙ Maid in Manhattan (2002) චිත්‍රපටයයි. සංගීත ඇල්බම් 8 ක් නිකුත් කර ඇති ඇය සිනමා පට 30 කට පමණ රංගන දායකත්වය ලබාදීල තියෙනවා. 2022 වසරේ තිරගත වීමට නියමිත Marry Me චිත්‍රපටයෙන් අපට ඇයව නැවත දැකගන්න හැකියාව ලැබෙනවා.
     ඉතින් අද ඔයාලට අරන් ආවෙ 2002 මැයි 24 දින ඇමරිකාවේදී තිරගත කිරීම ආරම්භ කල ජෙනිෆර් ලෝපස්ගෙ Enough සිනමා පටයෙ සිංහල උප සිරැසියයි. ආරම්භක සතියෙම ඇ.ඩො.මි. 14 කට අධික මුදලක් උපයා ගනිමින් බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක 5 ට පත්වූ අතර උපයාගෙන ඇති සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො. මිලියන 51.8 ක්. Crime, Drama, Thriller වර්ගයන්ට අයත් වන අතර විනාඩි 115 යි. සුරූපී Jennifer Lopez (ස්ලිම්)  සමග Billy Campbell (මිච්), Tessa Allen (ග්‍රේසි), Juliette Lewis (ජිනී) සහ Dan Futterman (ජෝ) රංගනයෙන් එකතුවෙලා තියෙනවා. 
                මේකෙ තේමා පාඨය හැටියට තියෙන්නෙ “Everything has a limit” කියල ඒ කියන්නෙ “සෑම දෙයකටම සීමාවක් තියෙනවා” කියන එකයි. තම සැමියාගෙන් දරුණු වධහිංසා වලට ලක් වන බිරිඳක් ඔහුගෙන් පළිගන්න හදන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ. ස්ලිම් (ලෝපස්) කියන්නෙ දෙමව්පියන් නැති දුප්පත් තරුණියක්. ඇය රෙස්ටුරන්ට් එකක් සේවය කරනවා. එහිදී ඇයට දැන හඳුනගන්න ලැබෙන පොහොසත් තරුණයෙක් වන මිච් සමඟ විවාහ වෙනවා. මිච් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක්. හොඳ සල්ලිකාරයෙක්. එයාලගෙ පවුලට දූ සිඟිත්තකුත් එකතු වෙනවා. ඒ ග්‍රේසි. කියන්න බැරි තරම් සුන්දරව අවුරුදු 3-4 ක් ගෙවීගෙන යනකොට එක් නරුම දවසක් උදාවෙනවා. මිච්ගෙ වෙන සම්බන්ධයක් ස්ලිම්ට අහුවෙනවා.මෙච්චර කාලයක් ස්ලිම් නොදැක්ක මිච්ගේ මරුමුස් මුහුණ එදා ඇය දකිනවා. ස්ලිම්ගේ සුන්දර ජීවිතය සැනකින් අපායක් වෙනවා. ඊට පස්සෙ ඉතින් රණ්ඩු සරුවල්, ගුටි බැට. ඇය ග්‍රේසිවත් අරන් පැනල යනවා. ඔහු පස්සෙන් පන්න පන්න පහර දෙනවා. ඇයට උදව් කරන ස්ලිම්ගේ හිතවතුන්ට පවා මැරයෝ දාලා තර්ජනය කරනවා, හිරිහැර කරනවා. ඇය දුවනවා. ඔහු පන්නනවා. මේක දරුවටත් බලපාන්න ගන්නවා. හැමදේකම සීමාවක් තියෙන්න එපැයි, නේද? ඇය තීරණය කරනවා දුවන එක නවත්තලා ඔහුට මුහුණ දෙන්න. මුල ඉඳන් අග වෙනකම්ම එක හුස්මට බලන්න පුලුවන් ලස්සන ෆිලුමක්. ඒක සහතිකයි. අසභ්‍ය ලිංගික දර්ශන නම් නෑ. ඒ සම්බන්ධ වචන ටිකකුයි, සිප ගැනීමේ දර්ශන කීපයකුයි තියෙනවා. දැනුවත් වෙන්නයි සඳහන් කලේ.

ජය වේවා.

QUALITY // 720p  –  973 MB  // 1080p  –  1.8 GB

SUB FORMAT // SRT & IDX TV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 973.49 MB
1080p web 1.84 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (4)
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 95

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Shamal Manojan User
    Android 7 Chrome 94

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම පැරණි ෆිල්ම් දෙන්න.
    හැකිනම් ජෙට් ලීගේ Once Upon A Time in china collection එක හා ජැකී චෑන් ගේ Island of Fire – 1990 දෙන්නකෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 94

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    De Oost (2020)

  • bandara Unregistered
    Windows 7 Firefox 94

    Thanks Rasika Bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search