ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන්ට. The Martian උපසිරැසිය එක්කම මේ අරගෙන එන්නෙ අති දක්ෂ හොලිවුඩ් නළු රොබට් ඩි නිරෝ ප්‍රධාන චරිතයට පණ පොවන Everybody’s Fine (2009) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙය 1990 වසරේදී මෙනමින්ම ඉතාලියේ නිර්මාණය වූ චිත්‍රපටයක නිල හොලිවුඩ් ප්‍රතිනිර්මාණයද වනවා. දරුවන්ගේ යහපත පතන බහුතරයක් වූ දෙමාපියන් දරුවන්ගේ අනාගතය පිලිබඳ දකින සිහිනත්, දරුවන්ව විනිවිද දකින්නට ඔවුන්ට ඇති හැකියාවත්, සිහින වෙත දරුවන් ගෙනයාමේ ඔවුන්ගේ අරගලය දරුවන්ට විවිධාකාරයෙන් බලපාන ආකාරයත් මනාව පෙන්වා දෙන මේ චිත්‍රපටය මගේ මතය අනුවනම් රොබට් ඩි නීරෝගේ හොඳම රංගනයන්ගෙන් එකක්. IMDb වෙතින් 7.2ක අගයක්ද Rotten Tomatoes වෙතින් 48%ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර්ක් ජෝන්ස්ගෙන් වන අතර රංගනයෙන් දායක වන්නේ රොබට් ඩි නිරෝ (ෆ්‍රෑන්ක් ගුඩ්), ඩෲ බැරිමෝ(රෝසි), කේට් බෙකින්සල් (ඒමි), සෑම් රොක්වෙල් (රොබට්),ලුෂියන් මේසෙල් (ජැක්), ඩේමියන් යංග් (ජෙෆ්), ජේම්ස් ෆ්‍රේන් (ටොම්) ඇතුළු පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…
ෆ්‍රෑන්ක් ගුඩ් කියන්නෙ කර්මාන්තශාලාවක සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන අයෙක්, රැකියාව නිසාම යම් රෝග තත්වයකින් පෙලෙන ඔහුගේ බිරිඳත් මෑතකදී ඔහුව හැර දමා මිය ගිහින්. අවමංගල්‍යයෙන් පසුව මාස ගණනාවකින් තම දරුවන් සිව්දෙනා දකින්නට නොලැබීම නිසා ඔහු දරුවන්ට තම නිවසට ආරාධනා කරනවා එක්ව කිහිපදිනක් ගෙවීමට. නමුත් මේ දරුවන් විවිධ හේතු කියමින් ගමන මගහරින නිසා මේ පියා තීරණය කරනවා තම අසනීප තත්වයද නොසලකා දරුවන් බැහැදැකීමට ඔවුන්ගේ නිවෙස් බලා යාමට… එතනින් එහාට කතාව ඔබට බාරයි. නාට්‍යමය චිත්‍රපටයක් වුවත් යම් ආකාරයක හාස්‍යමය ස්වභාවයකුත් මුල් භාගයේදී අපිට දකින්නට පුළුවන්. එහෙනම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම…
ලබාදී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා පමණකි

Year :
2009
Genre :
Adventure,drama
Actors :
Robert De Niro,Kate Beckinsale,Sam Rockwell,Drew Barrymore
Writer : N/A
Director :
Kirk Jones
Plot : Directed By Kirk Jones. With Robert De Niro, Kate Beckinsale, Sam Rockwell, Drew Barrymore. A Widower Who Realized His Only Connection To His Family Was Through His Wife Sets Off On An Impromptu Road Trip To Reunite With Each Of His Grown Children.

සිංහල උපසිරැස Download කරගන්න 202 times
ගොඩක් ස්තූතියි හසිත සබ් එකට :heart::heart:
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Sensation (2021)
Moxie (2021)
Coming 2 America (2021)