• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitle

Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitle

2019/08/29 at 5:25 pm
Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම. කොහොමද යාලුවනේ? ඉතින් මුලින්ම කියන්න ඕනේ අද මට විශේෂ දවසක් කියලා. හැම උපසිරැසි කරුවෙක්ටම එක් එක් කඩයිම් තියෙනවා. ඒවගේ අද මාත් එක් කඩයිමක් සාර්ථක කරගත්තා. ඒතමා මගේ 50වැනි උපසිරැසි කඩයිම.

ඉතින් මන් මේ උපසිරැසි ජීවිතේට එකතු වුණ හැටි ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ඉතින් මාත් ඉස්සර ඔයාලා වගේ කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ෆිල්ම් බාලා ඒකේ උපසිරැසියත් වෙබ් එකකින් බාලා ආතල් එකේ නිකන් ඉන්න වෙලාවට බල බල ඉන්නෝ. මන් site එක හොයාගත්තේ 2017 වගේ. ඒ Badrinath Ki Dulhania කියන ෆිල් සබ් එක download කරන්න හොය හොය යද්දී. එතකොට තමා මට මේ site එක හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මේ ෆිල්ම් එකට සබ් එක හදලා තිබ්බේ අපෙ ඇඩ්මින් දමිත් සහෝ. ඒ කාලෙදි මේ සයිට් එකට හරියට ආවා අලුතින් ෆිල්ම් වලට සබ් දාලද බලලා යන්න. ඒත් පස්සේ ෆිල්ම් බලන එක නැවතිල online game පිස්සුව ගහන්න ගත්තා. ඉතින් යාලුවොත් එක්ක online game ගහන එකේ ආතල් එක දන්නවා ඇතිනේ. ඒවගේම මටයි අපේ යාලුවෝ කාටවත් router නෑ තියෙන ඩොංගල් කට්ටෙන් ඉන්ටර්නෙට් යන්නේ. ඒත් කාඩ් එකක් ගත්තේ ක්ලාස් වලදී අම්මා මොනාහරි කන්න කියලා දෙන සල්ලි එකතු කරලා.ඉතින් ඔහොම ඔහොම යද්දී ආයේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී අපේ යාලුවෝ ගොඩක්ම වගේ ගේම් ගහන එක නවත්තන්න ගත්තා.ඉතින් ඊටපස්සේ තමා මට ආයේ ෆිල්ම් මේනියාව හැදෙන්න ගත්තේ. ඇත්තටම කිව්වොත් මන් ඒ කාලෙදි වැඩියෙන්ම ආස හින්දි, දෙමළ, තෙලුගු ෆිල්ම් වලට. හැබැයි ඔය කාලෙදි මට මේ site එක ගැන මතකයක් වත් තිබ්බේ නෑ. හැබැයි ඔය කාලෙදි තමා Bumblebee එක රිලීස් වුණේ. මන් ඉතින් එකේ කැම්කොපියට සබ් එක තියද කියලා හොය හොය යද්දී ආයේ මේ site එක හොයාගත්තේ.ඉතින් Bumblebee එක තමා හසිත අයියගේ 250 සබ් එක. හැබැයි මන් එදා සබ් එක ගත්තේ නෑ කැම්කොපි මොකටද ඩේටා කපාගෙන බලන්නේ කියලා. හැබැයි ඊළග දවසේ මෙන්න HDRip එකට update කරලා. ඒවගේම කියන්න ඕන සබ් කරන්න පටන්ගත්තම තමා ඔය HDRIP,BLURAY,WEBRIP ගැන හරි අදහසක් ආවේ. ඉතින් ඔන්න ඔය විදියට තමා මන් මේ සයිට් එක හොයාගත්තේ.ඔහොම ඔහොම ගියායින් පස්සේ, මට දවසක් හිතෙන්න ගත්තා ඉස්කෝලෙත් නිවාඩු දීලා ගෙදට්ට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මාත් පොඩ්ඩක් සබ් එකක් හදලා බලන්න ඕන කියලා.ඉතින් මන් Patiala House කියන ෆිල්ම් එකෙන්.ඉතින් මුලින් හිතුවෙ වැඩේ ලේසි එකක්.අද උදේ පටන්ගත්තනම් දවල් වෙද්දී ඉවර කරන්න පුළුවන් ඇති කියලා.හැබැයි එදා සබ් එක කරන්න ගත්තම තේරුණේ මේක මොන කරදරයක්ද කියලා.මගදී වැඩේ නවත්තන්නත් හිතුණා.ඒත් කමක් නෑ කියලා ඉවර වෙනකන්ම කරලා දැම්මා.පස්සේ සබ් එක දාන්නේ මොන site එකටද කියලා හිතාද්දී කෙලින්ම හිතට වැටුණේ Subz.lk site එක.ඉතින් මන් දෙපාරක් හිතන්නෙ නැතුව සබ්ස් එල් කේ ඊමේල් එකට මගෙ සබ් එක මේල් කළා.ඉතින් 2019 ජනවාරි 19 වෙනිදා මගේ සබ් එක සයිට් එකේ දාලා තිබ්බා. ඉතින් මාරම සතුටක් ආවේ. කියලා නිම කරන්න බෑ. ඉතින් එදා මට ලැබුණ comment තමා මාව මේ වැඩේට ඇබ්බැහි කළේ. එදා ඉදන් පටන්ගත්ත මේ ගමන දැනට මාස 8ක්ම ගිහින් සබ් 50 ගහන්න.හැබැයි මාස 8ක් ගියාද කියන එක දැණුනෙවත් නෑ.ඉතින් ඔය විදියට තමා මන් උපසිරැසි ජීවිතේට එකතු වුණේ.

ඒවගේම ඔයාලත් අපෙන් ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලීම් කරනවා වගේ.මටත් ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා.ඒ තමා අපි upload කරන ඕනම ෆිල්ම් එකක් හෝ ටීවී එපිසෝඩ් එකක සබ් එකක් බාගෙන යද්දී comment එකකුත් දාන්න කියලා.මොකද අපි මේ වැඩේ කළාට අපිට ලැබෙන මුදලක් ඇත්තේ නෑ.අපි මේ වැඩේ කරන්නේ විනෝදාංශයක් හැටියට.ඉතින් අපිට මේකෙන් ලැබෙන එකම වත්කම download box එකේ තියෙන ගාණයි ඔයාලගේ අදහස් වලිනුයි ලැබෙන සතුට විතරයි.ඉතින් මන් ඔයාලගෙන් ඉල්ලන්නේ ෆිල්ම් එක ගැන හරි අදහසක් කොටාගෙන යන්න කියලා.ඉස්සර මාත් ඔය වගේ කුපාඩි වැඩ කළා.ෆිල්ම් එකේ සබ් එක බෑවා ඊටපස්සේ close කළා.ඒත් මේ වැඩේට එකතුවුණාම මට තේරුණේ අපිට හුඟාක්ම වටින්නේ ඔයාලගේ අදහස් කියලා.ඉතින් ඔය comment එකක් දැම්මට එච්චර ඩේටා කැපෙන්නෙත් නෑ නේ.

අද වගේ දවසක මට මේවගේ කඩයිමක් සාර්ථක කරගන්න මංපෙත් විවර කරලා දුන් මගේ පවුලේ සැමටම ස්තූති කරන්න ඕන.ගෙදර අය නම් හැමවෙලේම computer එක ඉස්සරම ඉන්නවා කියලා කේස් දානෝ.හැබැයි ඒත් මගේ typing skill එක දැක්කම හැමෝටම පිස්සු හැදෙනෝ. ඒවගේම අපේ වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරන්න ඕන.දමිත් සහෝ, කවීෂ සහෝ, පසිඳු සහෝ, සමීර සහෝ, මේ හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕන මොකද නැත්නම් අද මම මේ වගේ සුපිරි site එකකට එකතු වෙන්න බැරි වෙන එක ගැන.ඒවගේම හසිත සහෝ,මිහිර සහෝ,සහන් සහෝ සහ අනෙක් සෑම උපසිරැසිකරුවෙක්ටම මේ අවස්ථාවේ ස්තූති කරනවා. ඒවගේම මගේ ඉස්කෝලේ සෙට් එකටත් ස්තූති කරනෝ. විශේෂයෙන් මගේ බොක්ක ෆ්රෙඩා යසිරුට. ඌ නැත්නම් මන් සබ් හදනවා කියලා ඉස්කෝලේ උන් දන්නෙත් නෑ. ඉස්කෝලේ සමහර අයනම් කිව්වා ඔය වැඩෙන් ලැබෙන්නේ මොකක්ද කියලා. සල්ලි වත් ලැබෙන්නේ නෑ නේද ඇහුවා.ඉතින් ඕන එකක් කියන්නෙ කියලා මන් වැඩියට කනට ගන්නේ නැතුව ඔහේ හිටියා.ඒත් මන් යසිරුට විශේෂයෙන්ම ස්තූති කරන්නේ මගේ සබ් එක fb page එකේ වැටුණම එදා මන් සබ් කරනවා දැනන් උබ හෙන වැඩ්ඩෙක් නේ, උබ සබ් හදනෝ, උබ පට්ට පොරක් කියලා මාව අගය කරාම වගේම අගෙ යලුවෝ ගාව තිබ්බ මන් සබ් කරනවද කියන විචිකිඡ්චාවත් නැති කරලා දැම්මා.ඒවගේම තව විශේෂ ස්තූතිය ලැබෙන්නේ අපේ ඇඩ්මින් මණ්ඩලයේ පසිදු අයියට.මන් හිතන්නෑ වෙන සයිට් එකකවත් මේ වගේ ඇඩ්මින් කෙනෙක් ඉදියිද කියලා.සහෝ, අයියා කියලා පටන්ගත්තා චැට් එක අද උබ කියලා පාවිච්චි වෙන තරම හොඳම යාලුවෙක්ගේ සයිස් එකකටම ආවා.මන් මේ අවස්ථාව එනකන් ගොඩක් ආසාවෙන් එයා බලන් හිටියා.සබ් විසිගාණට එද්දිම මට කිව්වා දැන් පනහටත් කිට්ටුයි නේද කියලා.ඉතින් අද මට මෙ වගේ කඩයිමක් සාර්ථක කරගන්න පුළුවන් වුණ එකට අනිවා පසිදු අයියට ස්තූති කරන්නම ඕන.ඒවගේම දමිත් අයියටත් ස්තූති කරන්න ඕනේ, ඉස්සර මන් සයිට් එකට ජොයින් වුණ කාලේ ඕනම ගැටලුවක් තිබ්බොත් ඇහුවේ දමිත් අයියගෙන්.අනෙක් කෙනා තමා හසිත අයියා.මට මතකයි ලිපියට image එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා ඇහුවම රචනයක් විතර සයිස් Tutorial එකක් මහ රෑ එවනෝ.ඉතින් ඒවගේ ඕනම ගැටලුවක් ආවම දන්න හැටියට උත්තරයක් දෙන සෙට් එකක් මේ සයිට් එකෙන් මට හම්බුණා.තව සහන් සහෝටයි, මිහිර සහෝටයි ස්තූති වන්ත වෙනවා වගේම අනෙක් හැම උපසිරැසි කරුවෙක්ටම ස්තූති කරනවා.ඒවගේම හම්බෙලා කතා කරන්න බැරි වුණත් නිකන් හුඟාක් නිහතමානි උපසිරැසිකරුවෝ කණ්ඩායමක් මේ සයිට් එකේ ඉන්නවා කියලා.ඒවගේම අපේ සබ් වලට අදහස් කොටන් යන සබ් එක බාගෙන යන ඔයාලටත් ස්තූති කරනවා.මොකද ඔයාලා නැත්නම් අද මන් සබ් කරන එකක් නෑ.මගේ පළවෙනි සබ් එකට ඔයාලගෙන් ලැබුණු අදහස් තමා මාව මේ වැඩේට දිරිමත් කළේ.

අනිවාරෙන්ම කියන්න ඕන මේ වගේ සයිට් එකක් උපසිරැසිකරුවෙක්ට ලැබුණු භාග්‍යයක් කියලා.මොකද තමන්ගේ සබ් එක තමන්ටම කියලා upload කරන්න පුළුවන් වෙනම ටූල් එකක් තියෙනවා වගේම සබ් එකක් ගහන්න ආසාවෙන් ඉන්න ෆිල්ම් එකක් තමන්ටම බාර ගන්න පුළුවන් හැටියේ ටූල් එකක් තියෙනවා.ඉතින් ඒක උපසිරැසිකරුවන්ට කෙරෙන පහසුවක්.ඉතින් ඔයාලත් සබ් එකක් කරන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාලට ගැළපෙන සයිට් එක මගේ හැටියෙට නම් Subz.lk තමා.

මන් මේතාක් කළ උපසිරැසි-: ⦁ Patiala House (2011) ⦁ Paheli (2005) ⦁ The Theory of Everything (2014) ⦁ The Purity of Vengeance (2018) ⦁ Wake of Death (2004) ⦁ Aambala (2015) ⦁ CJ7 (2008) ⦁ Arctic (2018) ⦁ Gully Boy (2019) ⦁ The Prodigy (2019) ⦁ Majili (2019) ⦁ Pet Sematary (2019) ⦁ Der Mann aus dem Eis (2017) ⦁ Mandy (2018) ⦁ The Skin of the Wolf (2017) ⦁ Daughter of the Wolf (2019) ⦁ Escape Plan : The Extractors (2019) ⦁ Crawl (2019) ⦁ The Wind (2018) ⦁ Hush (2016) ⦁ Annabelle Comes Home (2019) ⦁ Nekromantik 2 (1991) ⦁ Fast and Furious Presents : Hobbs and Shaw (2019) ⦁ The Long Road Home TVSeries ⦁ Black Summer TVSeries ⦁ The End of the F...ing World TVSeries (S01 : E02-E08) ⦁ Knightfall TVSeries (S02 : E05-E08) ⦁ The Boys TVSeries (S01 : E06)

ඉතින් දැනට මන් Movies 23 කට සහ TV Episode 27 කට සබ් කරලා තියෙන්නෙ. ඉතින් මන් කියනවා මන් සබ් කරපු අනෙක් Movies සහ TVSeries බලලා අදහසක් ලියාගෙන යන්න කියලා. ඉතින් දැන් මන් ගැන කිව්වා ඉවරයි.කතාව පැත්තට යමු.

Fast and Furious Presents : Hobbs and Shaw

Fast and Furious කිව්වම හැම දෙනෙක්ම ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක්.ෆිල්ම් 8කින් යුත් මේ කතා මාලාවෙ හාස්ජජනක චරිත දෙකක් උපයෝගි කරගෙන තමා මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ.

කතාවේ නමින්ම් තේරෙනෝ චරිත දෙක කවුද කියලා.හොබ්ස් සහ ෂෝ.ඉතින් ඔයාලට මොනවගේද හිතෙන්නේ?දෙන්නට දෙන්නා වළි දාගන්න එක The Fate of the Furious චිත්‍රපටියෙන් හොදටම පේන්න තිබ්බා.ඉතින් මේ කතාව ගැන කෙටියින්ම කිව්වොත් වයිරස් එකක් ගැන තියෙන්නෙ.ඉතින් ඒ වයිරස් එක ගැන හොයන්න හොබ්ස් සහ ෂෝ ව වෙනම මෙහෙයුමකට ඇතුළත් කරනවා වගේම දෙන්නා මෙහෙයුම ඇතුළේ වැඩ කරන්න ඕනේ එකට එකතු වෙලා.ඉතින් ඔයාලටම තේරෙවි මේ දෙන්නා කොහොම එකට වැඩ කරන එක.ඒවගේම තාම කැම් කොපි ඇවිත් තියෙන්නෙ.

Cast -: Dwayne Johnson – ලූක් හෝබ්ස්. Jason Stathom – ඩෙකඩ් ෂෝ. Idris Elba – බ්‍රික්ස්ටන්. Vanessa Kirby – හැටී.

මේ ප්‍රධාන චරිත වලට අමතරව Eiza González, Roman Reigns, Cliff Curtis වැනි අය රංගනයෙන් දායක්ත්වය සපයලා තියෙනවා. ඉතින් කතාවේ චරිත ගැන කිව්වොත් ෆිල්ම් එකේ හතුරා වෙන්නේ Thor ෆිල්ම් එකේ Heimdall චරිතයට රග දැක්වූ Idris Elba.

ඒවගේම චිත්‍රපටිය අධ්‍යක්ෂණය David Leitch විසිනි.ඒවගේම නිෂ්පාදනය Chris Morgan, Hiram Garcia විසිනි.2019 ජුලි 31 ඊජිප්තුවේ මුල්වරට මෙම චිත්‍රපටය මුල්වර නිකුත් කර ඇත.දැනට Box Office ආදායම $445.8 million අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් කතාව ගැන කිව්වොත් කලින් කිව්වා වගේම ලෝකයම නසන වයිරස් එකක් ගැන තියෙන්නේ. ඒ වයිරස් බ්‍රික්ස්ටන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ.එයාට ඒක ඕනවෙලා තියෙන්නේ ලෝකේ දුර්වල අය නැති කරලා මනුෂ්‍ය විප්ලවයක් ආරඹන්න.ඉතින් ඒක මේ හොබ්ස් සහ ෂෝ විසින් නවත්තන එක තමා තියෙන්නේ.ඒවගේම ඔයාලට සුපිරි රෙස්ලිං චරිත ටිකක් මේ ෆිල්ම් එකේදි බලගන්න පුළුවන්.

අවසාන වශයෙන් කතාවේ ratings ගැන කිව්වොත් IMDb දර්ශකය 6.8 අගයකට හරවා ගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම කුණු තක්කාලි 67%ක් දිනාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙන අතර Metacritic හි 60% අගයක් ලබා ගන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. Google පරිශීලකයින්ගෙන් 90%කගේ ප්‍රසාදය මේ ෆිල්ම් එකට හිමිවෙලා තියෙනවා.ඒවගේම මේ ෆිල්ම් එකට රසිකයින්ගෙන් හොද ප්‍රතිචාර රැසක් හිමිවෙලා තියෙනවා.

ඉතින් වැඩි කතාවක් කියන්න යන්නේ නෑ.ඔයාලට ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.ඉතින් අතත් හොදටම රිදෙන්න අරන් තියෙන්නෙ.ඉතින් හැමෝටම සුභ දවසක් කියලා මගේ කතාව ඔන්න මන් ඉවර කරා.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

♪ I done been around the world ♪ ♪ Ain't nobody else ♪ ♪ That can do it like us ♪ ♪ With nobody help ♪ ♪ When the chips about to fall ♪ ♪ And our back against the wall ♪ ♪ Know it's only one place I go ♪ ♪ All roads lead home ♪ ♪ Home ♪

ඉතින් කතාව ගැන කමෙන්ටුවකුත් කොටාගෙන යන්න කියනවා.ඒවගේම ෆ්ල්ම් එකේ ලස්සන සින්දු වගයක් තියෙනවා වගේම කතාව Mystery/Action යන කාණ්ඩ වලට ෆිල්ම් එක අයත් නිසා ආසාවෙන් බලන්න පුළුවන් වෙයි.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ WEB සහ Bluray යන පිටපත් දෙවර්ගයටම අඳාළ උපසිරැසි දී ඇත. නැරඹීමේදී පිටපතට අඳාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 68422

Download Links:

480P පිටපත (Direct)
720P පිටපත (Direct)
720P පිටපත (Direct)
1080P පිටපත (Direct)
Fast & Furious Presents: Hobbs & Shaw
  • 3D (bluray)
    2.13 GB
    Download Torrent
  • 720p (bluray)
    1.19 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.15 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.35 GB
    Download Torrent
  • 720p (web)
    1.16 GB
    Download Torrent
  • 1080p (web)
    2.11 GB
    Download Torrent
Profile
40
Movies
49
Tv episodes
89
All

SubzLK වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
Newer Comments →
  • Pubudu Unregistered User
    Android 6Chrome 70

    Thanks bro

    2019-10-23 at 2:26 pm
    Reply
  • geeth Unregistered User
    Windows 7Chrome 77

    50 වෙනි උපසිරසි කඩයිමට උණුසුම් සුබ පැතුම්

    2019-10-27 at 10:24 am
    Reply
  • kavinda Unregistered User
    Windows 7Chrome 69

    1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .

    2019-10-28 at 12:58 am
    Reply
  • Supun akalana Unregistered User
    Android 9UC Browser 12.13

    Thanks kollo..gd lck

    2019-10-30 at 8:02 am
    Reply
  • Sanju cr7 Unregistered User
    Android 7Chrome 77

    50-****ට හැපිබර්ත්ඩේ බ්‍රෝ😂😂

    මුලින්ම කියන්න ඕනෙ, ඉස්සර ඉංග්‍රීසි ෆිල්ම් බලන්න ආසාවක් තිබුනට ඒක ආසා නිසා බැලුවා. හබයි සමහර ඒවා තේරුන්‍ර්ර් නම් නෑ.😅

    හැබැයි සබ්ස්ටයිටල් සීන් එක ඇත්තටම ෆට්ට.. ඕනෙම ෆිල්ම් එකක ගන්න පුලුවන් නිසා අවුලක් නැතුව බලනවා.. 👌
    උඹලා වගේ උන් මේවා හදන නිසා තමයි බන් අපිත් මේවා බලන්නෙ ආසාවෙන්න්.
    Keep it up broo..
    දිගටම කරගෙන පලයන් වරදින්නෙ නෑ.. ආදරෙයි😘😘😘 කෲ එකටම

    2019-10-31 at 7:30 am
    Reply
  • Hiran D Ruwanpathirana User
    Android 9Chrome 77

    සබට ගොඩාක් ස්තුතියී,
    50ක් කියන්නේ එසේමෙසේ ගානක් නෙමේ, කොච්චර කාලයක් කැප කරලා ඇතිද, තවකෙනෙකුගේ රසවින්දනය වෙනුවෙන්
    එහෙන කරන එකට ගොඩාක් ස්තූතියි,

    දිගටම සබ් දෙන්න,
    ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභපතනවා, ඔබට ජය

    2019-11-08 at 4:35 pm
    Reply
  • VSS Unregistered User
    Windows 7Chrome 77

    Good job saho,Sub eka supiriyt hadala tiyenwa.Thanx

    2019-11-23 at 7:56 am
    Reply
  • අනුරාධ Unregistered User
    Windows 10Opera 65

    නියමයි හොඳ වැඩක් සුබ පැතුම් ඉදිරි වැඩ කටයුතු වලට ……………………

    2019-12-03 at 2:06 pm
    Reply
  • Roshana nuwan Unregistered User
    Android 8Chrome 74

    ස්තුතියි සහෝ

    2019-12-30 at 8:35 pm
    Reply
  • Biron shaluka Unregistered User
    Windows 10Opera 65

    Thank you very much.

    GOOD LUCK

    2020-01-02 at 7:21 am
    Reply
  • Kanishka Bandara Unregistered User
    LinuxChrome 79

    Thank you sahoo…suba nawa wasarak wewa..jayen jayama wewaaa 🙂

    2020-01-05 at 7:52 am
    Reply
  • Prabath Kulathunga Unregistered User
    Windows 10Chrome 79

    Brother..
    apith join wennada???
    meeta kalin subz re script karala na…
    eth karanna asai…

    thawath deyak…
    advetisements wanantharayak meda alpeneththak hoyanawa wge nathuwa me site 1 thiyana widihata kamathii…
    advertisements gaththama usersla ta karadarayak nowenna me widihatama digatama thibboth loku traffic ekak hadaaganna puluwan wei….
    ehema unoth advertising walin oyaata labena laabayath wedi wei

    jaya wewa

    2020-02-06 at 8:37 am
    Reply
    • පසිදු සාරංග ExPERT Subtitler
      Windows 7Chrome 79

      Admin@subz.lk අපිට මේල් එකක් දාලා සම්බන්ද වෙන්න සහෝ..

      2020-02-06 at 9:34 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms