Fluke (1995) Sinhala Subtitle
ආයුබෝවන්,
මුලින්ම මේ උපසිරැසිය සම්බන්ධයෙන් කරපු උදව්වලට හසිත ප්‍රසාද් සහෝදරයට ස්තූතියි.
ඔන්න කලින් උපසිරැසියෙදි කිව්වා වගේම අමතක වෙමින් යන හොඳ චිත්‍රපටයකට මගේ දෙවෙනි උපසිරැසිය අරං ආවා.මං හිතන්නේ මේක ගොඩක් දෙනෙක් බලල ඇති, මොකද මේක සිංහලෙන් හඬකවලා කීපවතාවක්ම (මේ ළඟදිත්) රූපවාහිනියෙ විකාශය වුණා. (බැලුවද, නැද්ද, ශුවර් නැති අය මේක අහල මතක් කරගන්නකො) බලපු අයට, නම දැකපු ගමන්ම, කතාව මතක්වෙලා, සමහරවිට ඇහැට කඳුලකුත් ඇවිල්ලත් ඇති. මොකද මේක ඒ තරමට මේක හැඟීම්බර, ලස්සන චිත්‍රපටයක්. නොබලපු අයට කියන්න තියෙන්නෙ නම්, ජීවිතයට ලොකු දෙයක් එකතු කරගන්න පුලුවන් මේ ලස්සන නිර්මාණය අතහැරගන්න එපා කියලයි!
චිත්‍රපටයට ගැන බලමු…
1995දි, කාර්ලො කාර්ලෙයිගෙ අධ්‍යක්ෂණයෙන් නිකුත් වුනු ෆැන්ටසි, ඩ්‍රාමා ගණයට අයත්වන මෙම චිත්‍රපටයට, මැක්ස් පොමෙරැන්ක් (Searching for Bobby Fischer-1993හි රඟපෑ), නැන්සි ට්‍රැවිස්, මැතිව් මොඩයින් (Full Metal Jacket-1987හි රඟපෑ), එරික් සෝල්ට්ස් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න සැමුවෙල් එල්. ජැක්සන් (MCU එකේ නික් ෆියුරි) මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට හඬ-කැවීමෙන් දායක වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 6.7ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 27%කුත් සහ ගූගල් පරීශීලක ප්‍රසාදය 90%කුත් මෙයට හිමි වී තිබෙනවා. ඒ වගේම Carlo Siliotto විසින් සංගීත සංයෝජනය කරපු මේ චිත්‍රපටයේ, පසුබිම් සංගීතය ගැන අනිවාර්‍යයෙන් කියන්න ඕනි. ප්‍රේක්ෂක අදහස් බහුතරයක වගේම, මගේ අදහසත්, චිත්‍රපටයේ හැඟීම්බර තැන් අපිට මාර විදිහට දැනෙන්න, මේකෙ Memories of Another Life පසුබිම් සංගීතය ඇතුළු චිත්‍රපටයේ සංගීතය ලොකු හේතුවක් වෙලා තියෙනවා.
චිත්‍රපටයේ කතාව…
ෆ්ලූක් කියන්නෙ ඉපදුනු කාලෙ වගේ ඉඳන්ම ක්ෂණික දර්ශණ(Flashes) හා සිහිනවලින්, එක්තරා රිය අනතුරක් ඇතුළු මනුෂ්‍යයෙකුගේ මතකයන් අත්විඳින, නගරබද වීදියක උපත ලැබූ බල්ලෙක්. මේ අත්දැකීම් විඳිමින් කාලයක් යද්දි ෆ්ලූක් සැකකරනවා තමන් මේ දකින්නේ, තමන් මනුෂ්‍යයෙක් වෙලා හිටපු කාලෙක ගතකරපු ජීවිතයක අපැහැදිලි මතකයන් කියලා. තමන්ගෙ සුනඛ ජීවිතයේ කුඩාකල සිට යාළුවා, “රම්බෝ” එක්ක සාමන්‍ය බලු ජීවිතයක් ගතකරන ෆ්ලූක්, මේ අපැහැදිලි මතකයන් ටිකෙන් ටික පැහැදිලි වෙද්දි දකින, තම මනුෂ්‍ය ජීවිතයේ පවුල හා සම්බන්ධව එක්තරා සිදුවීමක් නිසා දැඩි තීරණයක් ගන්නව: කොහොමහරි තමන්ගේ මනුෂ්‍ය ජීවිතයේ පවුල හොයාගෙන තමා මතකයන්වලින් දුටු ඔවුන්ට සිදුවෙමින් පවතින අනතුරකින් ඔවුන්ව බේරාගෙන, නැවතත් තම පවුල, තම ආදරණීයන් සමඟ ජීවත්වීමට…
ඉතින් ෆ්ලූක්ට පුළුවන් වෙයිද පවුලෙ අයව හොයාගන්න? හොයාගත්තත් ඒගොල්ලො ෆ්ලූක්ව අඳුරගනියිද? ෆ්ලූක් මැරුනෙ අර උඩදි කියපු රිය අනතුරින්ද? එතකොට අර ෆ්ලූක් දැකපු සිද්ධිය මොකක්ද? ෆ්ලූක් මනුස්සයෙක් කාලෙ මොනවගේ කෙනෙක්ද? චිත්‍රපටය නරඹලම දැනගන්න.
(මතක තියාගන්න මේ කිව්වට වඩා ලොකු කතාවක් චිත්‍රපටයේ තියෙනවා, මේ ස්පොයිල් නොකර උපරිම කෙටියෙන් කියලා තියෙන්නෙ. පුලුවන්නම් කතාව ගැන තව අදහසක් ගන්නත් එක්ක මං මේ පහලින් දාලා ට්‍රේලර් එකත් බලන්න.)
මේකෙ, මං කලින් දුන්නු Replicas එකේ වගේ විශේෂයෙන් පැහැදිලි කරන්න දෙයක් නම් නෑ. හැබැයි මේකෙ හිතන්න දේවල් ගොඩක් තියෙනවා. “පුනරුප්පත්තිය” කියන සංකල්පය (ඒ කියන්නෙ මරණින් පසු, විඥානය(මතක ඇති මම Replicas එකේ ලිපියෙදි කිව්වා, විඥානය ගැන ගොඩක් මත තියෙනවා කියලා. මේ තව එකක්) එහෙමත් නැත්නම් මනස/ආත්මය මැරුණු ශරීරයෙන් පිටවෙලා නැවත තවත් සත්ත්වයෙක් විදියට ඉපදෙනවා කියන මතය) පාවිච්චි කරලා, ජීවිතය ගැන ලොකු පණිවිඩයක් මේ චිත්‍රපටයෙන් ලබාදෙනවා. මේ උපසිරැසිය ලබාදීමෙන් මං බලාපොරොත්තු වෙන්නෙත් මේ චිත්‍රපටය බලලා නැති හා බලලා මේ පණිවිඩය තේරුම් නොගත්තු අයට, මේ චිත්‍රපටයෙන් ලබාදෙන පණිවිඩය ලඟා කරවලා දීමයි. ඒ නිසා පුළුවන්නම් චිත්‍රපටය නරඹලා, උපසිරැසියෙ අඩුපාඩු පෙන්වලා දෙන ගමන්ම චිත්‍රපටය ගැන තමන්ට හැඟුනු දේ ගැනත් කමෙන්ටුවක් දාගෙන යන්න.
ජය වේවා!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම්,
Babe – 1995
Babe: Pig in the City – 1998
චිත්‍රපට දෙකටත් උපසිරැසි දෙන්න.
අදහසක් තියෙනව ඕකට උපසිරැසියක් කරන්න. ඉස්සරහට බලමු.
ස්තූතියි කමෙන්ට් එකට.
මේ ෆිල්ම් එකේද අර තමන්ගේ යාලු බල්ලා නැති වෙන්නේ …තමන් බල්ලෙක් වෙලා තමන්ගේ යාලු බල්ලා නැති වෙන්නේ මේකද? /// මොනවා වුනත් හොද ෆිල්ම් එකක් වාගේ බලන්න ඕන …තැන්ක්ස් ෆිල්ම් එකට !!
ඔව් ඔව් මේ ඒක තමයි.
මාර කතාවක් තියෙනව මේකෙ පොඩි කාලෙ බලද්දි නොතේරුණු.
මං ලිපියෙ දාලා තියෙන සවුන්ඩ් ට්‍රැක් එක අහල බලන්න. හරියටම මතක්වෙයි.
මම ෆිල්ම් එක බැලුවා ..ඔයාගේ සබ් එකත් එක්ක ..ලස්සනට කරලා තියෙනවා ..අපේ නික් පියුරි නේ යාලුවා ට ඉන්නේ ..මාරම ලස්සන හොද ෆිල්ම් එකක්
බොහොම ස්තූතියි. ❤
තෑන්ක්ස් සහෝ Primal Fear, K-Pax ෆිල්ම් දෙකට සබ් කරන්න පුළුවන් නම්
කමෙන්ට් එකට ස්තූතියි.
වෙලාවක් හොයාගන්න අමාරු නිසා පැය 1.45ට අඩු ෆිල්ම් වලට උපසිරැසි කරන්නයි බැලුවෙ. අනික ඔය දෙක Sci-Fi ෆිල්ම් දෙකක් නිසා තවත් ටිකක් අමාරුයි. ඉස්සරහට වෙලාවක් හම්බුනොත් බලන්නම්කො.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තූතියි කමෙන්ට් එකට.