කියන්න කණගාටුයි, දන්නවනෙ ලංකාවේ ෆිල්ම් 10ක් ආවොත් 8ක් විතර කොපිනෙ. ඔයාලා හැමෝම වගේ දන්නවා නේද ටෙනිසන් කුරේ රඟපෑ "වැඩ බැරි ටාසන්". හැමෝම වගේ බලලත් ඇති. ඉතින් මේ පාර ඔයාලට අරගෙන ආවේ ඒකෙ ඉංග්‍රීසි සිනමා පටය. මගේ පළමු කොමඩි උපසිරැසිය. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ වගේ පට්ටම පට්ට සිනා සාගරයක් ඒ තමයි "වනාන්තරයේ ජෝර්ජ්" හෙවත් George of the Jungle. හැබැයි ඒක මේකෙ කොපිය මිසක් මේක ඒකෙ කොපිය නෙමෙයි හොඳද. පටලවගන්න එපා. වැඩ බැරි ටාසන් චිත්‍රපටයේ සමහර කැලේ දර්ශන වලට යොදාගෙන තිබුනේ ඉංග්‍රීසි ෆිලුමේ දර්ශනම තමයි. ඒක බලනකොට නම් ඇත්තටම හිරිකිතයක් දැනුනා. කොහොමත් අපේ සිනමා කර්මාන්තෙ වැඩිපුරම ඉන්නෙ 'වැඩ බැරි ටාසන්ලා' තමයි. හැමෝම නෙමේ. ලෝකෙටම ගහන්න පුලුවන් සයිස් එකේ අග්‍රගණ්‍ය කලාකරුවොත් අපිට ඉන්නවා. ඒක සතුටක්. අපි අපේ කතාවට යමුකෝ.
"ජෝර්ජ් ඔෆ් ද ජන්ගල්" ඇමරිකන් ෆිලුමක්. මුලින්ම තිරගත වුනේ 1997 ජුලි 16. ධාවන කාලය මිනිත්තු 92 යි. Action, Adventure, Romance, Comady ගණයට තමයි අයිති වෙන්නෙ. IMDb අගය 5.5/10 ක්ද, Rotten Tomatoes අගය 57% ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 90% ද ලබාගෙන තියෙනවා. Jay Ward ගේ කාර්ටූන් චරිතයක් පාදක කරගෙන තමයි මේ ෆිලුම නිර්මාණය කරලා තියෙන්නේ. මේක එක්තරා ආකාරයක ටාර්සන් චරිතය අනුසාරයෙන් නිර්මාණයකල ප්‍රහසනයක් කිව්වොත් නිවැරදියි. සුප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක්. ප්‍රධාන චරිතයෙන් දායක වන්නේ අදටත් ජනප්‍රිය දක්ෂ නලුවෙක්. Mummy සහ Journey to the Center of the Earth වැනි චිත්‍රපටවලින් ඔබ හමුවට ආ Brendan Fraser. ඔහු සමඟ රංගනයෙන් එකතුවුනා Leslie Mann සහ Thomas Haden. මේකෙ සංගීත නිර්මාණය කලේ Marc Shaiman. ඒ ගැන නම් නොකියම බෑ. ඒ තරම් පට්ටම පට්ට සුපිරි නාද සංකලනයක්. ඔයාලම අහලා බලන්නකෝ. මේ සිනමාපටයේ ගොඩක් නලු නිලියෝ සත්තු. ඒ සඳහා ඇත්තම සතුන් උපයෝගී කරගෙන ඇති අතර එම දර්ශන කැමරා ප්‍රයෝග සහ පරිගණක තාක්ෂණයෙන් වැඩිදියුණු කර ඇත. ප්‍රධාන වානර චරිතය වන ඒප්ගේ චරිතය සම්පූර්ණයෙන්ම වානර ඇඳුමක් දමාගෙන කල රඟපෑමකි. එහි හිසෙහි ක්‍රියාකාරකම් සිදුකලේ දුරස්ථ පාලකයකින් බව කියැවේ. එසේම මෙය ආදායම අතින්ද සාර්ථක නිර්මාණයකි. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇ.ඩො.මිලියන 174.4 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර එම වසරේ George of the Jungle දෙවෙනි වූයේ විල් ස්මිත් රඟපෑ Men in Black සිනමා පටයට පමණි.
Brendan Fraser & Leslie Mann




Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Van Dammeගෙ JCVD කියල තියනව නේද film එකක් (පොරගෙ නමත් ඒකමනෙ) ඒකට සබ් දෙනවද බ්‍රෝ තව සුපිරි ඒවා තියනව Van Dammeගෙ ඒවටත් සබ් දෙන්න පුළුවන් නම් 😊😊
Windows 10Chrome 83
අම්මෝ දෙවියෙක් නෙවෙයි …දේවාලයක් …මම මේ ෆිල්ම් එක හෙව්වා ගොඩාක් කල් එත් නම මතක තිබ්බේ නැහැ නේ
Windows 7Opera 68
පට්ට සතුටුයි ලොක්කා. ඔයාගෙ වචන ටික ලෝකයක් වටිනවා. ෆිල්ම් එක බලන්න. සබ් එකට මන් මගේ උපරිමය කලා.