2020 ඔක්තෝම්බර් 29 දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කල සිනමා පටයක් තමයි GOBLIN. මේක Horror ෆිල්ම් එකක්. ධාවන කාලය විනාඩි 72 යි. රංගනයෙන් දායක වෙනවා Ashley Rene (සාරා), Joe Cummings( ඩැනී) සහ Houston Towe (සෑම්). අධ්‍යක්ෂනය Chris Lee.
සාරා තම පවුල සමග අලුත් පළාතකට පදිංචියට එනවා. තම පුතු සෑම්, සාරාගෙ නව සැමියා ඩැනී සහ ඔහුගේ පුතා ඩැනී ජූනියර් යන හතර දෙනා. ආපු දාම රෑ සාරා එයාලගෙ මිදුලේ අමුතු ජාතියේ දෙයක්, නැත්නම් සතෙක් දකිනවා. පහුවදා කිට්ටුව ගෙදරක බල්ලෙක්ට වුනු දෙයක් නෑ. ඊට පස්සෙ දැනගන්න ලැබෙනවා පහුගිය දවස් වල බල්ලන් රාශියක්ම ඒ වගේ අතුරුදහන් වෙලා තියෙනවා කියලා. කට්ටිය හිතන්නෙ ඒ ලොකු කැලෑ පූසෙක්, වලහෙක් නැත්නම් කිඹුලෙක් වෙන්න පුලුවන් කියලා. ඌව අල්ලගන්න වෙර දරනවා. නගරෙ වටේට උගුල් පවා අටවනවා. ඒත් සාරාගෙ අසල්වැසි, ඉතිහාසය පිළිබඳ මහාචාර්‍යවරයෙක් වන වයසක එලියස් රස්මුසීන්ගෙන් සාරාට දැනගන්න ලැබෙන්නේ ඊට වඩා වෙනස් භයානක කතාවක්. ඔහු ඇයට පවසන්නේ ප්‍රමාද නොවී මේ නගරෙන් පිටවෙන ලෙසයි. ඒත් සාරා ඒ පිස්සු කතාව විශ්වාස කිරීමට සූදානම් වන්නේ නෑ. ඉදිරිය කෙසේ වේද? එය බල්ලන්ගෙන් නවතීවිද?
තව උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා.
WEBRip / 720p / 1080p
sub ekata thanks saho
Thanx.