Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) Sinhala Subtitle
Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2019-02-07 / 06:01 AM

 

ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ පසුගිය වසරේ නිකුත්වුණ ඉතාම සංවේදී සත්‍ය සිදුවීමක් ඇසරින් නිමවුණ Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමගයි. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ චිත්‍රපටය බාරදුන්න අපේ බොස් එහෙමත් නැත්නම් දමිත් ප්‍රියංකරට. ඇත්තටම දමිත් කියනකම්ම මම මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම ඒ එක්කම වගේ අපේ Kantha සහෝදරයත් තවත් චිත්‍රපට පෙළක් සමග මේ චිත්‍රපටයෙ උපසිරැසියත් ඉල්ල තිබුණ. ඉතින් ස්තූතිය සමසේ බෙදෙන්න ඕනෙ ඒ දෙන්නටම. හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට..

මේ චිත්‍රපටය තුල කතාවට ලක්වන සිදුවීම සත්‍ය වගේම බොහොම සංවේදී මාතෘකාවක්. ඒ තමයි ගබ්සාව. අපේ රටේ ගබ්සාව නීතියෙන් තහනම් වුණත්,ගබ්සාව නීතිගත කල යුතුයි කියලත් බොහෝ අය හඬ නගනවා. පියෙක් නොමැති දරුවෙක් මේ කෲර ලෝකය ඇතුලෙ අවජාතකයෙක් ලෙස ලේබල්වන ආකාරය දැක්කම , ගබ්සාව කියන දේ ඊට වඩා මානුෂිකයි කියල පෙනුනත්, එය මෙලොව එලිය දකින්නට සිටින ජීවයක් බලහත්කාරයෙන් මේ ලෝකයෙන් ඉවත්කරදැමීමක්ය කියන දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් ගබ්සාව කියන දේ කෲර දෙයක් විදියටයි සලකන්න වෙන්නෙ. ඇමරිකාව ඇතුළු සමහර බටහිර රටවල් යම් නීති සීමාවන්ට යටත්ව ගබ්සාව නීතිගත කර තිබුණත්, එම නීතිරාමු ගබ්සාව සිදුකරගන්නා කාන්තාවගේ පැත්තෙන් ප්‍රමාණවත් මදි කියලත් කතිකාවතක් තියනව. ඒ සියල්ල චිත්‍රපටය තුල පැහැදිලිව විස්තර කෙරෙන නිසා මම ඒ ගැන ලිපියෙ සඳහන් නොකර ඉන්නම්. කොහොමහරි මේ චිත්‍රපටයට මාතෘකාවෙන පුද්ගලයා එනම් වෛද්‍ය කර්මිට් බැරන් ගොස්නෙල් මේ නීති සීමාවන් ඉක්මවා ගිහින් ගබ්සාවන් කල කෙනෙක්. බටහිර පිලඩෙල්ෆියාවල වෛද්‍ය සායනයක් පවත්වාගෙන යමින්, විශේෂයෙන්ම එම ප්‍රදේශයේ කළු ජාතික කාන්තාවන්ට තම සේවය සපයමින් සිටින ඔහුගේ සායනය ඇමරිකානු FBI සංවිධානය, අන්තරායකර ඖෂධ පාලන දෙපාර්තමේන්තුව ( DEA) සහ පිලඩෙල්ෆියා පොලීසිය එක්ව වටලනවා. වෛද්‍යවරයෙක් යන නාමයට මුවාවෙලා , වගකිවයුත්තන්ගේ නොසැලකිල්ලේද පටු අරමුණුවලද ආශීර්වාදයෙන් ඔහු කරගෙන ගොස් තිබෙන විනාශය ඔවුන් දැනගන්නෙ එතනිනුයි. සායනයෙන් සොයාගන්නා දේ සහ සේවක සාක්ෂි මත ඔහුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු පැවරෙනවා. ප්‍රධාන වශයෙන්ම එම වැටලීම සහ නඩු විභාගය තමයි චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. දැන් ඔබට හිතෙන්න පුළුවන් නඩු විභාගයක්නං චිත්‍රපටයෙ බලන්න දෙයක් නැතුව ඇති කියල, නෑ ඒක එහෙම නෑ, ඔබ දැඩිව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු දර්ශනයක් නැතුවත් මෙය අපේ සිත් කම්පනය කරන්න පුළුවන් විදියට නිර්මාණය කරනවා, ගබ්සාව විදියට අපි එලියෙන් දකින දේ තුල සැඟව ඇති යථාර්ථය මේ චිත්‍රපටය තුලින් මනාව ප්‍රේක්ෂකයාට දක්වා තිබෙනවා. ඒ වගේම මෙහි සැබෑ සිදුවීම සම්බන්ධව අන්තර්ජාලයේ ඇති තොරතුරු බැලුවහම චිත්‍රපටය එම සිදුවීම් හැකි උපරිම ලෙස එලෙසම ඉදිරිපත් කරන්න උත්සාහ කරල තියන බව පේනව. සැබෑ සිදුවීම ගැන ලිපියට ඇතුලත් කරන්න හිතාහිටියත් එම තොරතුරු බලද්දි මට හිතුණ එහෙම නොකර චිත්‍රපටයෙන්ම ඒ කතාව නරඹන ඔබට දැනගන්න ඉඩදෙන එකයි වඩා හොඳ කියල. එසේම චිත්‍රපටය නරඹන ඔබ මතක ඇතුව අවසානය තෙක්ම නරඹන්න මොකද ක්‍රෙඩිට් අතරතුර මෙම සැබෑ වැටලීම අවස්ථාවේ ගනු ලැබූ ජායාරූප රාශියක් දකින්න පුළුවන් විස්තරද සමග. ඒ වගේම චිත්‍රපටය තුල අපට නොපෙනී ප්‍රධාන චරිතයක් වන, නඩු විභාගය තුල බේබි බෝයි A ලෙස නම්වන දරුවාගේ සැබෑ ඡායාරූපය ඔබට නරඹන්න පුළුවන් මෙම චිත්‍රපටයේ වෙබ් අඩවිය වන http://www.gosnellmovie.com වෙත පිවිසුණොත්. එය ඉතාම සංවේදී ඡායාරූපයක් බවත් මතක තබාගන්න. අඩවියේ Resources යන උප මෙනුව ක්ලික් කොට ලැබෙන වෙබ් පිටුවේ පහලටම ගිය විට ඡායාරූපයට අදාල ලින්ක් එක තියනවා Baby Boy A ලෙස නම් කරල. එහෙනම් ෆෙලිම් මැක්ලියර් ගේ Gosnell: The Untold Story of America’s Most Prolific Serial Killer නම් කෘතිය පාදක කරගෙන නික් සර්සිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන Imdb අගය 7.0කුත්, rottentomatoes වෙතින් 57%ක අගයකුත් හිමිකරගෙන ඇති මේ චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්. මෙය නරඹන්න ඔබ වැය කරන පැයකුත් මිනිත්තු තිස් තුනක කාලය අපතේ නොයන බවත් වගකීමෙන් කියන්න පුළුවන්. මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.

බේබි බෝයි A ගේ සැබෑ ජායාරූපය නැරඹීමට මෙතනින් පිවිසෙන්න. සංවේදී අය නැරඹීමෙන් වළකින්න.

Information

Year : 2018


Genre : Crime, Drama

Actors : Janine Turner, Michael Beach, Dean Cain, Nick Searcy

Writer : N/A

Director : Nick Searcy

Plot : A Movie About The Horrific Crimes And Trial Of Kermit Gosnell, America's Biggest Serial Killer.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 1443 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
8.1
60%
0%
  1. Kantha_DLA Unregistered User February 7, 2019 at 6:47 am

    මවිසින් ඉල්ලනු ලැබූ උපසිරසි ලබා දෙන ඔබතුමාහට
    මාගේ හෘද්‍යාංගම ස්තූතිය පලකරමි.

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!


    Reply
  2. Prabodha Unregistered User February 7, 2019 at 7:47 am

    Patta story broo. Sthuthi sub ekata….


    Reply
  3. Mithun Unregistered User February 7, 2019 at 12:12 pm

    Sabtitel ekata thanks brother ..hoda ekak wage neda blanna ona aram thank lot


    Reply
  4. Namal Ekanayake Unregistered User February 8, 2019 at 7:09 pm

    Thanks bro. . Theruwan saranai


    Reply
  5. Madusha Unregistered User February 8, 2019 at 10:09 pm

    බොහොම ස්තූතියි සහෝ


    Reply
  6. දමිත් ප්‍රියංකර SYSTEM Administrator February 8, 2019 at 10:20 pm

    අති විශිෂ්ට උපසිරැසිකරණයක් ..ඉතාමත් ආසාවෙන් රස වින්දා ..මේක ගොඩාක් ගැලපෙන්නේ බුද්දිමත් ප්‍රේක්ෂකයන්ට ..මොකද සටන් නැහැ ..කතා කරන්නේ සමාජ පශ්නයක් ගැන …කෙනෙකුට හිතේවි ගොස්නෙල් හරි කියලා කෙනෙකුට හිතේවි එයා වැරදි කියලා …එය බලන ඔබ සැමට භාරයි …


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin February 9, 2019 at 11:36 pm

      මමත් තාම කල්පනා කරනවා , දමිත්, ගොස්නෙල් හරිද වැරදිද කියල. විශේෂයෙන්ම ගොස්නෙල්ගෙ නීතිඥවරයා අර වෛද්‍යවරියගෙන් හරස් ප්‍රශ්ණ ඇහුවට පස්සෙ කියන කතාව හින්ද.


    • Mithun Unregistered User February 28, 2019 at 8:18 pm

      එ උනාට මිනිහට ජිවිතාන්තය දක්වා එහෙම තින්දුවක් දුන්න එක.හරිද.වැරදිද.අනේ මන්ද .


  7. හිරාන් ශාරංග Unregistered User February 11, 2019 at 5:29 am

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    තෙරුවන් සරණයි…!


    Reply
  8. Silent$ Unregistered User February 12, 2019 at 9:10 am

    Pattaaaaaaaaaaa


    Reply
  9. laxe Unregistered User February 18, 2019 at 5:49 pm

    “house of cards tv series” ekata sub denna please….


    Reply
  10. Mithun Unregistered User February 28, 2019 at 8:14 pm

    කියන්න වචන නෑ.සැහෙන කාලෙකින් මෙවගෙ බොහොම අවදානමෙන් චිත්‍රපටයක් බැලුවෙ. ඇත්තම කතාවක් හින්ද බොක්කටම දැනුන වැඩි සිංහල වචනෙන් කිව්වොත් සහෝ.. සාමාන්‍යයෙන් මුවි එකක් බලද්දී අකුරු පවා මම නම් රිවන් කරල බලන් ණැ english එකක නම් මලාට. මෙහෙම කියන්නම් ,මෙවගෙ සිංහල පරිවර්තනයක් කරන්න මාර දැනුමක් තියෙන්න ඔනෙ මම කියන්න උස්සහ කරන්නෙ මෙ චිත්‍රපටය ,චිත්‍රපටයක් ද අපි මේ බලන්නෙ කියල හැගෙන තරමට මෙකෙ කතාකරන වචන උච්චාරණය කියල වැඩක් නැ . නියම කතාව. තැන්ක්ස් සහෝ ගොඩක්
    බැලුවෙ අදයි මෙක..


    Reply
    • Hasitha Prasad Co - admin March 1, 2019 at 2:19 pm

      බේබි A ගෙ ෆොටෝ එක බැලුවද, මිතුන්, සයිට් එකෙන්? ඒක දැක්කම චිත්‍රපටය බැලුවම දැනෙන දුක සියගුණේකින් වැඩිවෙනවා.


    • Mithun Unregistered User March 1, 2019 at 9:25 pm

      අන්තිමට ඔයා දිල තියෙන සයිට් එකට ගියත් මට හම්බුන් නැනෙ සහෝ කොහොමද එක බලන්නෙ හරියටම?


    • Hasitha Prasad Co - admin March 1, 2019 at 11:42 pm

      http://www.gosnellmovie.com/babyboy/
      මේ ලින්ක් එක ක්ලික් කරන්න, එන පේජ් එකේ ලින්ක් එක තියනවා ඉමේජ් එකට.
      Very graphical හැබැයි.


    • Mithun Unregistered User March 2, 2019 at 9:06 am

      Thx brother .dakka😟


  11. Charith Unregistered User March 24, 2019 at 5:34 am

    Thank you….


    Reply
  12. Akalanka Unregistered User April 29, 2019 at 4:37 pm

    Elama bro *


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK