Great White (2021) Sinhala Subtitle
IMDB RATING
3.9
CAST
Katrina Bowden,Aaron Jakubenko,Te Kohe Tuhaka,Tim Kano
සුදු මරුවා සමඟ මුහුදේ
Subz.lk පාඨක සහෝදරයෙකුගේ තවත් ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. අපත් සමඟ රැඳී ඉන්න පාඨකයන්ගේ ඉල්ලීමක් ඉටු කරන්න Subz.lk කණ්ඩායම සැමවිටම හැකි සෑම උත්සාහයක්ම දරනවා. මේ මස, ඒ කියන්නෙ 2021 මැයි මාසයේ නිකුත් වීමට නියමිත තවත් නවතම ඕස්ට්‍රේලියානු සිනමා නිර්මාණයක් තමයි Great White. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Horror, Thriller වර්ගයේ චිත්‍රපටයක්. දැනට IMDb අගය 3.9/10 ක් සහ ගූගල් සැරිසරන්නන්ගේ කැමැත්ත 69% ක් ලබාගෙන තියෙනව. අධ්‍යක්ෂනය Martin Wilson ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Katrina Bowden ( කැස් ), Aaron Jakubenko ( චාලි ), Tim Kano ( ජෝ ), Kimie Tsukakoshi ( මිෂෙල් ) සහ Te Kohe Tuhaka ( බෙනී ).

Great White Shark, White Shark, White Pointer සහ සරලව Great
White කියන්නෙ මැකරල් මෝර විශේෂයක්. ලොව ප්‍රධාන මුහුදු සෑම එකකම පාහෙ ජීවත් වෙනවා. වෙරළාශ්‍රිත මුහුදේ ජීවත් වන මොවුන් දිගින් අඩි 20 ක් පමණ දක්වා වර්ධනය වෙනවා. ඉතින් ඒ කිව්වෙ මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ගැන. තම සීප්ලේන් එකෙන්, ධනවත් ජපන් යුවලක් රැගෙන, තම කෝකියාද සමග අපායෙ ගල්පරය හෙවත් “හෙල්ස් රීෆ්” නමැති කුඩා දූපතට කුලී සංචාරයක් යන, තරුණ යුවලක් වන කැස් ෆෙලෝස් සහ චාලි… මහ මුහුදේ සිටින විශාල සුදු මෝරෙකුට, සොරි.. දෙන්නෙකුට මැදිවෙන්නේ කොහොමද? ඔවුන්ගේ ආකර්ශනීය ගුවන් සංචාරය හිටපු ගමන්, තෙරක් නොපෙනෙන මහ මුහුද මැද දිවි පරදුවට තබා කරන බිහිසුණු සටනක් බවට පත්වෙන්නේ කොහොමද? ජපන් යුවලට “අපායේ ගල්පරයටම” යන්න ඕන වෙන්නෙ ඇයි? මේ සියල්ලටම පිළිතුරු, මුල සිට අග දක්වාම ත්‍රාසයෙන්, භීතියෙන්, කුතුහලයෙන් පිරි, එක හුස්මට බැලිය හැකි සලරුවක් වන “ග්‍රේට් වයිට්” බලලම දැන ගමු නේද? මේ චිත්‍රපටයේ අසභ්‍ය දර්ශන හෝ අසභ්‍ය වචන නම් නැති බව විශේෂයෙන්ම සටහන් කරන්න ඕනි.
ජය වේවා!
QUALITY – 720p – 840MB / 1080p 1.6GB
SUB FORMAT – SRT & IDX
සබ් එකට බොහොම ස්තූති.. :ok_hand::heart::heart: පුලුවන්නම් those how wish me dead ෆිල්ම් එක්ටත් සබ් එක දෙන්න් :kissing_heart:
ඔන්න අපේ හසිත සහෝදරයා ඔයාගෙ ඉල්ලීම ඉටුකරලා.
තැන්ක්ස් මචො සබ් එකට.
ස්තූතියි බ්‍රදර් කමෙන්ට් කලාට.
බොහොමත්ම ස්තූතියි රසික සහෝදරයා ඉල්ලීම ඉෂ්ඨ කරාට! පට්ටම ෆිල්ම් එකක්, සබ් එකත් නියමෙටම තිබ්බා!!
The Woman in the Window (2021)
Oxygen (2021)
Vanquish (2021)
Stowaway (2021)
American Fighter (2021)
Twist (2021)
හැකිනම් මෙම චිත්‍රපට වලින් එකකට හෝ උපසිරැසි ලබා දෙන මෙන් ඉල්ලනවා.
ඔයාගෙ ඉල්ලීම ඉටු කරන්න ලැබීම සතුටක්. ඇගයීමට ස්තූතියි. වෙන සබ් එකක් කරමින් ඉන්නෙ. ඒක ඉවර කරල අනෙක් ඉල්ලීම් ගැන බලමු.
සුපිරි ❤:kissing_heart::kissing_heart::kissing_heart::kissing_heart::kissing_heart::kissing_heart::ok_hand::ok_hand::ok_hand::ok_hand::ok_hand::ok_hand::ok_hand::ok_hand:
තෑන්ක්ස් සහෝ
සබ් එකට ස්තුතියි..සබ් දෙනකන් බලන් ඉදියේ..දිගටම කරගෙන යමු..ජය වේවා:heart_eyes:
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!