Hello Guru Prema Kosame (2018) Sinhala Subtitle
මේ වසරෙ කාගෙත් අවධානය දිනාගත් ලස්සන තෙලිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසික් අරගෙන ආව. 2018 වසරෙ ඔක්තෝබර් මස 18 වෙනිද තමයි මේ චිත්‍රපටය තිරගතවීම ආරම්භ වුණේ. තෙලිඟු සිනමාවෙ ඉන්න ඉතා ජවසම්පන්න නළුවෙකු වෙන Ram Pothineni මේ සඳහා ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙනව .රාම්ගෙ ජවසම්පන්න බව මේ චිත්‍රපටයෙ ඇතුළත් ගීත වල නර්තනය බැලුවම, ඔයාලට හොඳින්ම තේරෙයි. Prakash Raj ඉන්දීය සිනමාවෙ ඉන්න තවත් ප්‍රබල චරිතයක්. ඔහු මේ චිත්‍රපටය තුළ වෙනස්ම විදිහෙ චරිතයකට දායක වෙනවා. Anupama Parameshwaran, Pranitha Subhash කියන වර්තමාන පරපුරේ ඉතා ජනප්‍රියත්වයට පත්වුණු සුරූපී නිළියන් දෙපලත් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. පැය 2යි විනාඩි 20ක් පමණ මේ කතාව දිග හැරෙනව. IMDB හි 7.7 වැනි ඉහල අගයක් ලබාගන්නට සමත් වුණු චිත්‍රපටයක්. ඒ වගේම මෙහි ඇතුළත් ගීත වලටත් Youtube හි හොද ප්‍රතිචාරයක් තියෙනව .ඇත්තටම සබ් එක ඇවිත් තාම දින කිහිපයයි. සින්දු ටික ඔක්කෝම උපසිරැසි ගන්වපු නිසයි ටිකක් පරක්කු වුණේ. මෙහි සින්දු කිහිපයක් තුලම කතාව දිග හැරෙන නිසා සින්දු ටිකේ සබ් නැතුව බලල වැඩක් නෑ කියලයි මටනම් හිතෙන්නෙ. Romance, Comedy කාණ්ඩයට අයත් වෙන්නෙ. ඒත් Action ටිකකුත් තියෙනවා.
දැන් වැඩිය නෙමෙයි ටිකක් විතර කතාව කියන්නම්කො. ටිකක් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එක එකක් හින්ද නෙමෙයි. ඔයාලට තියෙන කුතුහලය නැති වෙන නිසා. ඇත්තටම මේක පවුලෙ හැමෝටම බලන්න හැකි ලස්සන කතාවක්. කතාව පටන් ගන්නෙ හයිද්‍රාබාද් වලින් ඈතට වෙන්න තියෙන ගමකින්. මේ ගමේ සංජු (Ram Pothineni) කියල ටිකක් විසේකාර කොල්ලෙක් ඉන්නව. එයා මාමගෙ කීමට හයිද්‍රාබාද්වල ජොබ් එකකට යන්නද කියල අම්මගෙනුයි තාත්තගෙනුයි අහනව. ඒ දෙන්න එක පයින් කැමති වෙන්නෙ. අම්ම පුතාට තමන්ගෙ යාලුවෙක් වෙන විශ්වනාත්ගෙ (Prakash Raj) දිහා නතර වෙන්න කියනව.කොල්ල අකමැත්තෙන් වුණත් කැමති වෙනව. ඔන්න හයිද්‍රාබාද් යන්න සංජු ස්ටේෂන් එකට එනව.එතකොට එයාට කෙල්ලෙක් (Anupama Parameshwaran) ගමේ කොල්ලන්ව අවතක්සේරුවට අරන් කතා කරන ඇහෙනව… ඊට පස්සෙ කතාව උපසිරැසියත් එක්කම බලන්නකො.
උපසිරැසිය සඳහා උදවු උපකාර කල හැමෝටම ස්තූතිවන්ත වෙනව. ඇත්තටම මේකට ගොඩක් මහන්සි වුණා මම. ටිකක් මහන්සියි වගේ. ගිහින් එන්නම්. උපසිරැසිය ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි!
After a rocky start, a friendship develops between a happy-go-lucky youth and a girl from the city.
tnq sub ekata
Niyami tawa karanna one
you are welcome
නියමයි මචං…. දිගටම දෙමු
පළවෙනි උපසිරැසියට සුබපැතුම් යාළුවා.දිගටම උපසිරැසි දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ජයවේවා!!!
ස්තූතියි හැමෝටම
Niyamai yaluwa. Tawa karanna one hode
නියමයි සහෝ…ස්තුතියි උපසිරැසියට…ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…ඔබට ජය…***Good Luck***
T hanks for sub…….. (thikka 2016) film ekata sub dennako please…….
Subtitles ekta thnxxx
Palaweni upasirasiyata suba pathum saho
Download kranna bane macho
🔥🔥🔥 wow