ඔන්න යාලුවනේ මගෙ පළමුවන උපසිරසි ගැන්වීම විධියට ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි මම මුලින්ම ඔබ හමුවට එන්නෙ. මේ චිත්‍රපටයට උපසිරසි කරල ටිකක් දවසක් වෙනවා. මට හදිසියක් වුන නිසා වෙන කෙනෙකුට භාරදුන්නා උපසිරසිය upload කරන්න. එයා පොඩි පිස්සුවක් නටල තිබුනා upload කරන්න ගිහින්. මීට පෙරයි Sub එක එවන්න තිබුනෙ. ඒ වගේම subzlk වෙබ් අඩවියට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනව!
The Horde [2016]
චිත්‍රපටිය ගැන කියනවනම් මේ චිත්‍රපටිය release වෙලා තියෙන්නෙ 2016 මැයි 6 වෙනිදා තමයි. Action, Horror කියන කාණ්ඩවලට තමයි චිත්‍රපටය අයත් වෙන්නෙ. මේකට 4.1 ක IMDB අගයකුත් ලැබිල තියෙනව. කතාව ගැන කිවුවොත් මේ කතාව පටන් ගන්නෙම විනෝද වෙන්න ඇවිත් කුඩාරමක රාත්‍රිය ගතකරන දෙදෙනෙක්ව වනගත පිරිසක් විසින් දරැණු විදියට ඝාතනය කරන සිදුවීමකුත් එක්ක. කොහොමහරි සිසුන් පිරිසක් අධ්‍යාපන කටයුත්තක් සදහා ඡායාරූප ගැනීමේ කදවුරකට නිල් විලේ චාරිකාවකක් යනවා.මේ කට්ටිය එක්ක තව සුවිශේෂී පුද්ගලයෙක් යනවා. මෙයා සීල් බලකායෙ කෙනෙක්(John Crenshaw). කට්ටිය යන අතරමගදි අවන්හලක් කියල හිතපු තැනනට යනවා. එතනදි හමුවන කෙනෙක් ජෝන්ට යුද්දයක් ගැන අමුතු කථාවක් කියනව.
මිනිසුන් ආහාරයට ගන්න විකෘතිවුන මිනිසුන් පිරිසක්!! හිරෙන් පලාගිය දරුණු අපරාධකරුවන් පිරිසක් !!!! කොහොමට තියෙයිද මේ දෙගොල්ලො එකතු උනාම. තම සගයන් වෙනුවෙන් ඔවුන්ට එරෙහිව දරුනු සටනක යෙදෙන සීල් භටයෙක් !!!!!! කියන්න ඕනි පැය1 මිනිත්තු 28ක් දිවෙන මෙහි අතිශය බිහිසුණු සිදුවීම් පෙලක් ඔබට දැකගන්න පුලුවන් බව.මේ චිත්‍රපටය කම්මැලි නැතුව නරඹන්න පුලුවන් චිත්‍රපටයක්. මේ මගෙ පලවෙනි උපසිරසි නිර්මාණය නිසා ඒකෙ අඩුපාඩු තිබ්බොත් තරහගන්නෙපා. එහෙනම් ආයෙත් හමුවෙමු. සියලු දෙනාටම සුභ දවසක් !
නියම film එක.මේකෙ සබ් එක හොය හොය හිටියෙ. thank you.
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්.
ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
ඔබට ජය!!
පළවෙනි උපසිරැසියට සුබ පතන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!!
බුදු සරණයි.!!!
දෙවි පිහිටයි.!!!
සියලු දෙනාටම බොහොම ස්තූතියි. ජයෙන් ජය!
tnx for sub
thganx yalu
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..?ඔබට ජය..?
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
elama saho thanks
Supiri brooo
Digatama ohoma yan…..