I Am All Girls (2021) Sinhala Subtitle

May 23, 2021 Admin
Subtitle by Rasika Samanjith
දාම ඝාතකයාගේ පලිගැනීම

 

                       Netflix වෙතින් ඉදිරිපත් කල නවතම සිනමා නිර්මාණයක් අරන් තමයි මේ පාරත් Subz.lk එකට ගොඩ වැදුනේ.  තමයි 2021 මැයි 14 දින එක්සත් රාජධානියේදී ප්‍රදර්ශනය ආරම්භ කල I Am All Girls චිත්‍රපටය. Action,  Crime, Drama, Mystery, Thriller යන කාණ්ඩයන්ට අයිති මෙය ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවූ දකුණු අප්‍රිකානු සිනමා පටයක්. දැනටමත් IMDb අගය 5.6/10 ක්ද, Rotten Tomatoes අගය 69% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 92% ක් ලබාගෙන ඇති අතර විනාඩි 107 ක ධාවන කාලයකින් සමන්විතයි. Erica Wessels ( ජෝඩි ), Hlubi Mboya ( නටොම්බි ), Brendon Daniels ( අරෙන්ඩ්සේ ) සහ Mothusi Magano ( ජෝජ් ) රංගනයෙන් දායක වෙනවා.
කතාවට පාදක වන්නේ ලොව පුරා වයිරසයක් මෙන් පැතිරී ඇති කාන්තා ජාවාරමයි. ඇමරිකා ප්‍රාන්ත දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් අනුව සෑම වසරකම ලෝකයේ කාන්තාවන් 500,000 – 700,000 ක් ජාවාරම් වන අතර එයින් බාගයකටත් වඩා ප්‍රමාණයක් ළමයින් වේ. නමුත් ඔවුන්ගෙන් නැවත සොයා ගැනීමට ලැබෙන්නේ 1% ටත් වඩා අඩු ප්‍රමාණයකි. මෙවන් වාතාවරණයක් යටතේ අපේ කතාව පටන්ගන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයෙන්. මේ මිනිස් ජාවාරම් ගැන විමර්ශනය කරන අවංක, කැපවී වැඩ කරන නිලධාරිනියක් තමයි ජෝඩි ස්නයිමන්. නමුත් ඇය ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට අපොහොසත් වීම නිසා ඇයව ඒ මෙහෙයුමෙන් ඉවත් කරලා, මිනීමැරුම් නඩුවකට දානවා. ඒ ගැන සෙවීමේදී ඇයට අනාවරනය වන්නේ ඒ අභිරහස් මිනීමැරුමත්, කාන්තා මිනිස් ජාවාරමට සම්බන්ධ බවත්, ඒ පිටුපස ඉන්නෙ බලවත් දේශපාලනඥයෙක් බවත්‍ය. නමුත් ඒ සඳහාත් උනන්දුවක් නොදක්වන ඇගේ බොස් කරන්නෙ ඇයව මාස තුනකට නිවාඩු යැවීමයි. ඒ වුනත් ඇයව නැවතත් වහාම සේවයට කැඳවීමට පාලනාධිකාරියට සිදුවන්නේ, මේ ළමා සහ කාන්තා ජාවාරම් වලට සම්බන්ධ යැයි සැක පවතින පුද්ගලයන් අභිරහස් ලෙස ඝාතනය වීමට පටන් ගැනීමත් සමඟයි. ඔවුන්ගේ පපුවේ ඉංග්‍රීසි අකුරු වගයක් කොටා යන මේ දාම ඝාතකයා කවුද? ඔහුගේ අරමුණ කුමක්ද? මේ ඉංග්‍රීසි අකුරුවල තේරුම මොකක්ද? ඊළඟ ඝාතනය ගැන පණිවුඩයක්ද? සෑම විටම පියවර දෙකක් ඉදිරියෙන් සිටින මේ දාම ඝාතකයාත්, ජෝඩි ස්නයිමනුත් අතර ගැටුම ඉරණම කොහොම තීරණය කරයිද? ඉතාම ප්‍රබල කතාවක් රැගත්, මුල සිට අග දක්වාම එක හුස්මට බැලිය හැකි I Am All Girls බලලම දැනගමු නේද?

ජය වේවා.

QUALITY – 720p – 770MB – 800MB – 980MB

                       1080p – 1.9GB

SUB FORMAT  –  SRT  & IDX

♣♣  WEBRip / 720p / 1080p  ♣♣

Available Torrents
720p web 983.86 MB
1080p web 1.98 GB
2160p web 4.78 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (13)
  • අසංක Unregistered
    Windows 10 Chrome 90

    හම්මෝ මම ඉල්ලන්න කියල හිතන් හිටපු ෆිල්ම් එකක්,
    නියමයි රසික සහෝ.. බොහොම ස්තූතියි! ජයවේවා!! තවත් සුපිරි ෆිල්ම් ඕනී….

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      සතුටුයි මල්ලි. ඔයාටත් ජයවේවා.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      කමෙන්ට් එකට ස්තූතියි මල්ලි.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 90

    නියමයි!
    උපසිරැසියට ස්තූතියි.

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thank u very very much, Bro. why late. we are waiting for a sub.

  • අසංක Unregistered
    Windows 10 Chrome 90

    මචං srt එක දියංකෝ මේකෙන් ටිකක් බලන්න අමාරුයි.

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ඔන්න දුන්නා.

  • nipuni Unregistered
    Android 6 Chrome 90

    me film eke subtitle download karanna bane

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 91

      fixed!!!!!!!!!!!!!!!!!

    • තිසර Unregistered
      Windows 8.1 Chrome 91

      ඒ ඇඩ් හින්ද.. 2පාරක් විතර ට්රයි කරන්න.. එතකොට හරි

  • තිසර Unregistered
    Windows 8.1 Chrome 91

    අඩේ මේක ශෝක් සයිට් 1ක්නෙ.. අද තමයි මං මේකට ආවෙ…නියමයි.. ලේසියි..

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ඔව් මල්ලි මේක පරණම සයිට් එකක්. සබ් හදන්න කලින් අපිත් මුල් කාලයේ සබ් ගත්තෙ මේකෙන් තමයි. ගුණාත්මක බවෙන් සහ විවිධත්වයෙන් යුතුව, තරගකාරීත්වයෙන් තොරව ඉදිරියට යන සයිට් එකක්. subz.lk එකට සාදරයෙන් පිලිගන්නවා. අපිත් එක්ක දිගටම ඉන්න.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search