I Am Rage (2023) Sinhala Subtitle

                    පසුගිය, එනම් 2023 අගෝස්තු 01 වැනි දින ඇමෙරිකාවේදී VOD / Digital මාධ්‍යයෙන් නිකුත්වූ
බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන I am Rage සිනමා පටයට සිංහල උපසිරැසියක් තමා අද අරගෙන ආවෙ. 3.5/10 ක IMDb අගයක් තමයි අරන් තියෙන්නෙ. හැබැයි 75% කට Rotten Tomatoes මීටරේ නම් කරකවගෙන තියෙනවා. ඔයාලම බලලා තීරණය කරන්නකෝ. විනාඩි 89 ක ධාවන කාලයකින් යුතු මෙය Action, Horror, Thriller වර්ගයේ චිත්‍රපටයක්. Hannaj Bang Bendz (එරින්), Antonia Whillans (සාරා), Marta Svetek (මාග්‍රට්), Derek Nelson (ඇඩම්), Luke Aquilina (මයිකල්), Jamie B. Chambers (පීටර්), Niko Foster (විල්සන්) සහ Debbie Sheridan (රූත්) රංගනයෙන් එකතු වෙනවා.
                           මෙහි කතාව ගොඩනැගෙන්න පැරණි ස්කොට්ලන්ත ධනවත් පවුලක් වටා.  එරින් එයාගෙ පෙම්වතා වන ඇඩම් එක්ක, ඇඩම්ගෙ දෙමාපියන්ගෙ ගෙදර යනවා. ඇඩම්ගෙ සහෝදරයා වන මයිකලුත් එදාම එයාගෙ පෙම්වතිය සමග ඒ ගමනට එකතු වෙනවා. මේ ගේ පාරම්පරික නිවසක්. නගරයෙන් බොහෝ ඈත හුදෙකලා පෙදෙසක තියෙන්නෙ. හැතැප්ම සීයකට කවුරුත් නෑ කියලයි කියන්නෙ. ඇඩම් සහ මයිකල් දෙන්නගෙ තාත්තා පීටර්. අම්මා රූත්. සහෝදරිය මාග්‍රට්. තරුණියන් දෙදෙනාට මුල ඉඳන්ම මේ පවුල අල්ලන්නෙ නෑ. අමුතු ජාතියෙ විකාර සිරිත් විරිත් තියෙන්නෙ. ඇඩම් නම් කියන්නෙ එයාගෙ දෙමව්පියෝ පරණ තාලෙ අය කියලා. කෙල්ලො දෙන්නට නවතින්න කාමරයක් ලැබුනට එයාලගෙ බෑග් කාමරේට ලැබෙන්නෙ නෑ. මෙයාලගෙ හැසිරීමත් වෙලාවකට අමුතුයි. කොහොමහරි රෑ කෑම මේසෙදි එයාලගෙ සම්ප්‍රදායක් කියල මොකක්දෝ බීමක් දෙනවා. කෙල්ලො දෙන්නා බිව්වට අනිත් කට්ටිය බොන්න හදනවා විතරයි බොන්නෙ නෑ. ඇයි ඔයාල බොන්නෙ නැත්තෙ කියල ඇහුවම හිනාවෙනවා. ඊට පස්සෙ කෙල්ලො දෙන්නට මොනවදෝ වෙනවා. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ? මොකක්ද මේ පවුලේ අභිරහස? හොඳ හරිය පස්සට. වචන කීපයක් ඇරෙන්න අසභ්‍ය දර්ශන නම් නෑ. හැබැයි අමානුෂික දර්ශන නම් තියෙනවා.

ජය වේවා.

QUALITY // 480p – 300mb // 720p – 810mb // 1080p – 1.6gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Available Torrents
720p web 810.05 MB
1080p web 1.62 GB
1080p web 1.47 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (2)
  • Rajitha Unregistered
    Android 10 Chrome 115

    Thanks jayawewa….!

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      Thanks for the feedback.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search