Ice Princess (2005) Sinhala Subtitle
හාවර්ඩ් ශිෂ්‍යත්වයට පයින් ගසා අයිස් පිටියට බට යෞවනිය
Ice Princess කියන්නෙ 2005 මාර්තු 18 දින මුලින්ම තිරගත කෙරුනු, Tim Fywell විසින් අධ්‍යක්ෂණය කරන ලද, The Princess Diaries හි නිර්මාතෘ Meg Cabot සහ Hadley Davis ගේ කතාවක් ඇසුරෙන් හැඩ්ලි ඩේවිස් විසින් තිරරචනය කරන ලද ඇමරිකානු යෞවන ක්‍රීඩා, හාස්‍ය, නාට්‍යමය Teen sports / Comedy / Drama / Family චිත්‍රපටයකි. විනාඩි 98 ක ධාවන කාලයක් සහිත මෙහි Michelle Trachtenberg (කේසි කාලයිල්) , Joan Mary Cusack (ජෝන් කාලයිල්), Kim Cattrall (ටීනා) සහ Hayden Panettiere (ජෙනිෆර්) ප්‍රධාන චරිත රඟපානවා. වෘත්තීයමය ෆිගර් ස්කේටර් (figure skater) කෙනෙකු වීමේ තම අලුත් සිහිනය සබෑ කරගැනීම වෙනුවෙන් සාර්ථක විය හැකි තම අනාගත අධ්‍යාපනික ජීවිතය කැප කරන කේසි කාලයිල් (Casey Carlyle) නැමැති සාමාන්‍ය යෞවනියගේ කතාවක් තමයි චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නෙ. වෝල්ට් ඩිස්නි පික්චර්ස් (Walt Disney Pictures) සමාගම මගින් නිකුත් කරන ලද අතර, ඊට හිමිවූයේ මිශ්‍ර ප්‍රතිචාරයන්ය. ඩොලර් මිලියන 25 ක නිෂ්පාදන පිරිවැයකට එරෙහිව සිනමාහල්වල තිරගත වූ කාලය තුළ ඩොලර් මිලියන 25.7 ක ආදායමක් ලබාගත් අතර බොක්ස් ඔෆිස් හි අපේක්ෂිත මට්ටමට ළඟා වීමට අපොහොසත් වුනා. කෙසේ වෙතත්, විශේෂයෙන්ම ට්‍රැක්ටන්බර්ග් සහ පැනෙටියර්ගේ අකල් වියෝවෙන් පසුව, එය එතැන් පටන් සුවිශේෂී ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වුනා.
විශේෂිත කාරණයක් වන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ යෞවනියන් දෙදෙනා වන Michelle Trachtenberg සහ Hayden Panettiere මේ වනවිටත් අඩු වයසින්ම මෙලොව හැර ගොස් තිබීමයි. ට්‍රැක්ටන්බර්ග් 2024 වසරේ සෙංගමාල රෝගයට ගොදුරුවී සිටි අතර, එම වසරේදීම අක්මා බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වූවාය. අනතුරුව 2025 වසරේ පෙබරවාරි 26 දින ඇගේ නිවසේදීම අවසන් හුස්ම හෙලුවාය. මිය යනවිට ඇය 39 වැනි වියේ පසුවිය.
පැනෙටියර් (Panettiere) 2026 අගෝස්තු 16 වන දින, වයස අවුරුදු 36 දී දකුණු කැරොලිනාවේ ග්‍රීන්විල් (Greenville) හි පිහිටි නිවාස සංකීර්ණයක් තුළදී මිය ගියාය. පස්වරු 1:51 පමණ වන විට ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන තත්වයක සහ හෘද ක්‍රියාකාරිත්වය නතර වී තිබියදී සොයා ගන්නා ලදී. හදිසි වෛද්‍ය සේවා (EMS) කණ්ඩායම එම ස්ථානයට පැමිණි අතර, වැඩිදුර උත්සාහයන්ගෙන් පසුව පස්වරු 2:32 ට ඇය මියගොස් ඇති බව තහවුරු කළහ. මරණ පරීක්ෂණයකින් පසුව, ග්‍රීන්විල් ප්‍රාන්ත මරණ පරීක්ෂක කාර්යාලය සැප්තැම්බර් 22 වන දින නිවේදනය කළේ මෙය අහඹු ලෙස සිදුවූ මරණයක් බවත්, මරණයට හේතුව ෆෙන්ටැනයිල් (fentanyl), 4-ANPP, ඇල්ප්‍රසෝලම් (alprazolam), මෙතොකාබමෝල් (methocarbamol) සහ ක්වෙටියාපීන් (quetiapine) යන ද්‍රව්‍යවල විෂ සහිත බලපෑම් බවත්ය. පැනෙටියර්ට එම මාරාන්තික පෙති ලබා දුන් බවට සැක කෙරෙන අලෙවිකරුවන් සම්බන්ධයෙන් පොලිසිය අපරාධ විමර්ශනයක් සිදු කරමින් සිටී. ඉතින් ඒ ශිල්පිනියන් දෙදෙනාට, මතු ආත්ම භවයන්හීදී මෙවැනි අවාසනාවන්ත අකල් මරණයන් හිමි නොවේවායි, අපේ දහම අනුව ප්‍රාර්ථනා කරමු.
සාමාන්‍ය කොලේජ් ශිෂ්‍යාවක් වන කේසි කාලයිල් භෞතික විද්‍යා වැඩ්ඩෙක්. හාවඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සඳහා ඇයට භෞතික විද්‍යා ව්‍යාපෘතියක් කරන්න වෙනවා. ඇය ඒ සඳහා තෝරගන්නේ ෆිගර් ස්කේටින් ක්‍රීඩාවේ චලනයන් සඳහා භෞතික විද්‍යා නියමයන් යොදාගැනීමේ හැකියාව ගැන පරීක්ෂණයක්. ඒ සම්බන්ධ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා ඇය ස්කේටින් කරන්න පටන් ගන්නවා. ව්‍යාපෘතිය සඳහාම ඇය ස්කේටින් වලට යොමුවුනත්, ටිකෙන් ටික ෆිගර් ස්කේටින් ඇගේ සිහිනය බවට පත්වෙනවා. එය ඇයව කොතැනකට අරන් යයිද? පවුලේ සැමට එකට සිට නැරැඹීමට හැකි මේ ලස්සනම ලස්සන නිර්මාණය බලන්න කියල ආරාධනා කරනවා.
මම මේ චිත්‍රපටය තෝරගත්තෙ විශේෂ හේතුවක් නිසා. පෙරේදා, එනම් සැප්තැම්බර් 30, මා දියණියගේ උපන් දිනය. “අයිස් ප්‍රින්සස්” හී කේසි කාලයිල් වගේම, තමාගේම සිහිනයක් පසුපස හඹා යන ඇය වෙනුවෙන් සහ එවැනි සුවහසක් දියණියන් වෙනුවෙන් මෙම උපසිරැසිය පිලිගන්වමි.
ජය වේවා.
Quality // 720p – 906mb // 1080p – 1.8gb