ID:A (2011) Sinhala Subtitle

නොදැන ගියොත් අතරමග
                      අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා 2011 වසරේ නිකුත්වුනු ඩෙන්මාර්ක් චිත්‍රපටයක්. හරියටම කිව්වොත් 2011 නොවැම්බර් 24 ඩෙන්මාර්කයේදී මුලින්ම තිරගත වුනා. භාෂාවත් ඩෙන්මාර්ක්මයි. විනාඩි 104 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය තමයි ID:A. ඒ කියන්නෙ IDENTITET ANONYM. මේක Thriller, Crime, Mystery වර්ගයේ චිත්‍රපටයක්. ඩෙන්මාර්කයේ Robert Awards සම්මාන උලෙළේදී හොඳම නිලිය, හොඳම සංස්කරණය සහ හොඳම විශේෂ ප්‍රයෝග සම්මාන සඳහා නිර්දේශිත වුනත්, එම අංශ තුනම Melancholia [2011] චිත්‍රපටයට පරාද විය. රංගන ශිල්පිනියක්, අධ්‍යක්ෂිකාවක් සහ ගායිකාවක් වන ස්වීඩන් ජාතික Tuva Matilda Moa Karolina Novotny හෙවත් Tuva Novotny මෙහි ප්‍රධාන භූමිකාව වන ඊඩාගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව Flemming Enevold (ජූස්ට්), Carsten Bjørnlund (මාටින්) සහ Arnaud Binard (පියරේ) රංගනයෙන් එකතුවෙනවා.
                      මේකෙ කතාව ගැන කිව්වොත්, චිත්‍රපටය පුරාම කුතුහලය රඳවා තබාගෙන යාමට සමත්, අභිරහස් ගණයේ කතාවක්. ඒ නිසා මම වැඩි විස්තර කියන්න යන්නෑ. හැඳින්වීමක් හැටියට කිව්වොත්, එක්තරා තරුණ කාන්තාවක් සිහිය එනකොට ඉන්නෙ ප්‍රංශයේ, පාළු ප්‍රදේශයක ගඟක ගල් අතරෙ. නලලෙ පොඩි තුවාලයක්. සපත්තුවක් ගැලවිලා. අසල සල්ලි වලින් පිරුණු ලොකු ස්පෝර්ට් බෑග් එකක්. නරකම දේ තමයි ඇගේ මතකය අහිමිවෙලා. ඇය ඒ ප්‍රදේශයේ කුඩා හෝටලයක නවතිනවා. හෙමින් හෙමින් ඇය සොයාගන්නවා තමා ඩෙන්මාර්ක් ජාතිකයෙක් බවත්, යම් කණ්ඩායමක් තමන් පස්සෙ පන්නන බවත්. තමන් කවුද කියල හොයාගන්න ඩෙන්මාර්කයට යන්න ඇය තීරණය කරනවා. ඇය කවුද? ඩෙන්මාර්ක් ඇය ප්‍රංශයට ආවෙ කොහොමද? හතුරෝ, මිතුරෝ, නෑදෑයෝ වෙන් කරල හඳුනාගන්න බැරි තත්ත්වයක, ඇගේ මේ චාරිකාව ඇයව මොන අවසානයකට අරන් යයිද? ඉතින් කම්මැලිකමක් නැතුව රස විඳින්න පුලුවන් මේ නිර්මාණය ට්‍රයි කරල බලන්න. පරණයි කියල අතහරින්න එපා.
ඉතින් 18+ සීන් නම් මොකුත් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. ගිහින් එන්නම්.
ජයවේවා.
QUALITY // 720p – 960MB // 1080p – 1.9GB
♣♣ BRRip / 720p / 1080p ♣♣
Available Torrents
720p bluray 961.59 MB
1080p bluray 1.93 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search