In This Corner of the World (2016) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ආයිත් මේ උපසිරසියක් අරගෙන එන්නෙ සෑහෙන කාලයකින්. මේ දවස්වල උපසිරැසියකට කාලය හොයාගැනීම ඉතාමත්ම අසීරු නිසයි කලින් තරම් උපසිරැසි ඔබ හමුවට ගේන්න නොවෙන්නෙ. කොහොමහරි මම මීට කාලෙකට කලින් පටන් අරන් මග නතර කරල තිබුණ උපසිරැසියක් හොයාගෙන එහි අඩුපාඩු සම්පූර්ණ කරල ඔබ වෙත ගේන්න තීරණය කලා, විශේෂයෙන්ම විටෙක සිනහවෙන් විටෙක කඳුලින් පිරුණ සංවේදී කතා පුවතක් ඇතුලත් මේ චිත්‍රපටය එහෙම පැත්තකට කර තැබීම එම නිර්මාණයට කරන අසාධාරණයක් යැයි සිතුන නිසා. ඔබ දන්නවා ජපන් බොහෝ සජීවීකරණ නිර්මාණ ඉතාම සංවේදී ඒවා, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය අලලා නිර්මාණය වුණ චිත්‍රපට. ඔබ නරඹල ඇතිනෙ Grave of the Fireflies (1988) එහෙම. මෙයත් ඒ හා සමානවම අනුවේදනීය , දෙවන ලෝක යුධ සමය අලලා නිමැවුණ කතා පුවතක් ඇතුලත් චිත්‍රපටයක්. මෙහි ජපන් නම Kono sekai no katasumi ni වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත්වූවේ In This Corner of the World (2016) නමින්. ජපන් ජාතික මැන්ගා නිර්මාණකාරිනියක් වන ෆුමියෝ කොනෝගේ කතාවක් ඇසුරින් චි උරාටනිගේ තිර රචනයෙන් සුනාඕ කතාබුචිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය ලබා ඇති Imdb අගය 7.8ක්. එසේම Rotten Tomatoes වෙතින් 97%ක්ද මෙටාක්‍රිටික් වෙතින් 73%ක්ද තරම් දැවැන්ත අගයක් ලබාගන්නත් මෙය සමත් කම් දක්වා තිබෙන අතර සම්මාන 18කට නිර්දේශව එයින් 9ක් තමන් සතු කරගන්නත් සමත්වී තිබෙනවා. සජීවීකරණ , නාට්‍යමය, ඓතිහාසික යන තෙවර්ගයට අයත් මෙහි ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු නමයක්. ඔබ මෙය දරුවන්ට නැරඹීම සඳහා ලබාදෙන්නේනම්, මෙය වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ වයස 13න් ඉහල වයස් සීමාවන්වල දරුවන්ට නැරඹීම සඳහා (PG-13 ) නිර්දේශ කර ඇති චිත්‍රපටයක් බවත් මතක තබාගන්න. දැන් අපි යමු කතාව පැත්තට…
මෙහි කතාව දිවයන්නේ දිවයන්නේ හිට්ලර් ප්‍රමුඛ ජර්මනියටත් ඔවුන් හා එක්ව මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව සටන් වැදුනු ජපන් අධිරාජ්‍යයටත් දරුණු පරාජයක් උරුම කරමින් අවසන්වූ දෙවන ලෝක යුධ සමයේ ජපානයේ හිරෝෂිමාහි දිවි ගෙවන කුඩා දැරියකගේ ජීවිතය වටායි. නව යොවුන් වියට පා තබන ඇය විවාහවී දුර ඈත පලාතකට ගොස් තමන් මත බලෙන් පැටවුණු නව ජීවිතයට ක්‍රම ක්‍රමයෙන් හුරුවෙන ආකාරයත්, ලෝක යුධ සමයේ අගහිඟකම් අතරත් පවුල වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉෂ්ට කරන්නට වෙහෙසන ආකාරයත්, යුද්ධය උච්චතම අවධියකට පැමිණිකල එයින් විඳින්නට සිදුවන දහසකුත් එකක් දුක් වේදනා මතින් ඇය කරනා ජීවන සටනයි මේ චිත්‍රපටය පුරාවට ඔබට දකින්නට ලැබෙන්නේ. මම හිතන්නෙ ආරම්භයක් විදියට එය ප්‍රමාණවත් ඔබට කතාවට පිවිසෙන්නට. මීට වඩා දෙයක් කිව්වොත් එය ඔබේ රසවින්දනයට බාධාවක් කියලයි මගේ මතය. එහෙනම් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු කල්වේලා ලැබෙන විදියට.
ලබාදී ඇති BLURAY වීඩියෝ පිටපතට මෙම උපසිරැසිය 100%ක් ගැලපෙන අතර , වෙනත් BLURAY පිටපත් සඳහා නොගැලපීමට ඉඩ ඇත. එසේම මෙම උපසිරැසිය ජපන් භාෂා පිටපතට නිර්මාණය කල එකක් නිසා ඉංග්‍රීසි භාෂාවෙන් හඬකැවූ පිටපත්වලටද නොගැලපේ. ලබාදී ඇති වීඩියෝ පිටපත ජපන් භාෂා එකකි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
kalin download karala thibbe balanna bari unata, 🙂
thanks me anime eka genawata.,
jaya weva..!!
නියමයි සහෝ.බොහොම ස්තූතියි
හොද මුවි එකක් ඇවිත් තියෙනවා කරමුකො සබ් එක.. තාම HC HDRIP ආව විතරයි Brightburn (2019) MKACAGE
දෙන්නම්, මිතුන් 🙂
Download karagannawa ehanm 1080p HC HDRIP ekama..😍
ඔන්න දුන්නා 😉
thx bn
me jathiye film walata digatama sub dennoooo
sub ekata thanx brother
godariyak thanks..The.Boy.and.the.Beast (2015 movie ekenth sinhala sub ennako
Thank You:grin:
ගොඩාක් ස්තූතියි මේ වගේ අනර්ඝ ඇනිමේ නිර්මාණයකට ගුණාත්මක උපසිරසියක් ලබා දුන්නට…
Ghibli movies subtitles ekka dennako