Invasion U.S.A. (1985) Sinhala Subtitle

July 11, 2021 Admin
Subtitle by Rasika Samanjith
ඇමරිකාවට වැදුණු පහර

 

                 චක් නොරිස් කිව්වම පරණ චිත්‍රපට බලන අයට නම් අලුත් නමක් නෙමෙයි. හොලිවුඩ් සිනමාව හොල්ලපු දැවැන්තයෙක්. ඔහුගේ සුපිරිම සිනමා නිර්මාණයක් තමයි අද අරගෙන ආවෙ. ඒ තමයි 1985 සැප්තැම්බර් 27 දින මුලින්ම ඇමෙරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල Invasion U.S.A. චිත්‍රපටය. Action, Thriller ගණයට වැටෙන ෆිලුමක්. ධාවන කාලය විනාඩි 107 වන අතර IMDb අගය 5.5/10 ක්ද, ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 87% ක්ද ලබාගෙන තියෙනවා. කතාව සහ තිර නාටකයටත් දායක වෙලා තියෙන්නෙ චක් නොරිස් සහ ඔහුගේ සහෝදරයා වන Aaron Norris. Cannon Group සමාගම චක් නොරිස් සමග අත්සන් කල චිත්‍රපට හයක පළමුවැන්න තමයි මේක. එක්සත් ජනපදය හා කැනඩාව තුල ප්‍රදර්ශනයෙන් ආරම්භක සති අන්තයේදීම ඇ.ඩො. 6,891,609 ක වාර්තාගත බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත්තේ බොක්ස් ඔෆීස් ලිස්ට් එකේ හිනි පෙත්තටම නගිමින්. “ඉන්වේෂන් යූඑස්ඒ” තම ගමන අවසන් කලේ සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඇ.ඩො. 17,536,256 ක් තම ගිණුමට බැර කර ගනිමින්. Chuck Norris (මැට් හන්ටර්) සමග Richard Lynch (මිකායිල් රොස්ටොව්), Melissa Prophet (ඩේලියා මැක්ගුවර්) සහ Alexander Zale (නිකෝ) රංගනයෙන් දායක වෙනවා.

රොස්ටොව් විසින් මෙහෙයවන රුසියන්/කියුබා ගරිල්ලා හමුදාවක් රහසේම ඇමෙරිකාවට ඇතුල් වෙලා, රටේ තැන් තැන් වල ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේ ත්‍රස්තවාදීන් දේපල විනාශ කරමින්, බෝම්බ තබමින්, ජනතාව ඝාතනය කරමින් මහ විනාශයක් කරනවා. අසරණ වෙන බලධාරීන් විශ්‍රාම ගිය FBI නිලධාරියෙක් වන මැට් හන්ටර්ගෙ සහාය පතනවා. රොස්ටොව්ව මීට පෙර වතාවකත් අත් අඩංගුවට ගන්නෙ මේ හන්ටර්. හන්ටර් ඒ ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරනවා. නමුත් ඔහු ගැන වෛරයෙන් ඉන්න රොස්ටොව්, හන්ටර්ව හොයාගෙන ඇවිත් බර ප්‍රහාරයක් එල්ල කරලා ඔහුගේ ගේත් සුණුවිසුණු කරනවා. නමුත් රොස්ටොව් නොසිතූ ලෙස එයින් දිවි ගලවාගන්නා හන්ටර් නගරයට පැමිණෙනවා. ඊට පස්සෙ රොස්ටොව්ගෙ ප්ලෑන් අංජබජල් වෙන්න ගන්නවා. මොකද ඔහු සහ ඔහුගේ අරමුණ අතර තනි මිනිහෙක් හිටගන්න නිසා. ඒ තමයි මැට් හන්ටර්.

ජයවේවා.

SUB FORMAT – SRT & IDX

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

Available Torrents
720p bluray 802.37 MB
1080p bluray 1.65 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (9)
  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 81

    ස්තුතියි රසික අයියා :thumbsup::thumbsup::thumbsup:

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thanks Malli.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට අයියෙ

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ගොඩක් ස්තූතියි, මල්ලි.

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 90

    ගොඩක් ස්තූති බ්‍රෝ මේ වගේ ෆිල්ම් වලට සබ් දෙනවට අපේ පොඩි කාලේ වීරයෝ මේ

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      අනිවාරෙන් මල්ලි.

  • Shamal Manojan User
    Android 7 Chrome 91

    උපසිරැසියට බොහොම ගොඩක් ස්තූතියි සහෝ.

    ඇත්තටම හරිම වටිනවා මේ වගේ පැරණි ෆිල්ම් වලට උපසිරැසි දෙන එක. ගොඩක් පින්. දිගටම මේවාට සබ් දෙන්න සහෝ. චක් නොරිස්, ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, ආර්නොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, Dolph වැනි ඒ කාලේ සුපිරි නළුවන් ගේ චිත්‍රපට වලටම දිගටම සබ් දෙන්න. පුලුවන් නම් 80, 90 දශකයේ හොඳ Horror movies ටිකකුත් දෙන්න.
    Poltergeist 1, 2, 3
    Omen 1, 2, 3, 4
    Hellraiser Collection
    Amityville Collection
    Exorcist Collection
    වගේ සුපිරි බය හිතෙන ෆිල්ම් ටිකක් දෙන්න. අලුත් Horror movies වලට වඩා මේ පැරණි Horror movies නියමයි.

    මේ චිත්‍රපට වලත් සබ් දෙන මෙන් ඉල්ලා සිටිමි.

    My Lucky Stars – 1985
    Twinkle Twinkle Lucky Stars – 1985

    The Fearless Hyena – 1979
    The Fearless Hyena 2 – 1983

    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986

    The Legend – 1993
    The Legend 2 – 1993

    Swordsman – 1990
    Swordsman II – 1992

    Iron Monkey – 1993
    Fearless – 2006
    Once Upon a Time in China Collection

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ලොකු ලිස්ට් එකක්. හිමීට කරමු.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search