
චක් නොරිස් කිව්වම පරණ චිත්‍රපට බලන අයට නම් අලුත් නමක් නෙමෙයි. හොලිවුඩ් සිනමාව හොල්ලපු දැවැන්තයෙක්. ඔහුගේ සුපිරිම සිනමා නිර්මාණයක් තමයි අද අරගෙන ආවෙ. ඒ තමයි 1985 සැප්තැම්බර් 27 දින මුලින්ම ඇමෙරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල Invasion U.S.A. චිත්‍රපටය. Action, Thriller ගණයට වැටෙන ෆිලුමක්. ධාවන කාලය විනාඩි 107 වන අතර IMDb අගය 5.5/10 ක්ද, ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 87% ක්ද ලබාගෙන තියෙනවා. කතාව සහ තිර නාටකයටත් දායක වෙලා තියෙන්නෙ චක් නොරිස් සහ ඔහුගේ සහෝදරයා වන Aaron Norris. Cannon Group සමාගම චක් නොරිස් සමග අත්සන් කල චිත්‍රපට හයක පළමුවැන්න තමයි මේක. එක්සත් ජනපදය හා කැනඩාව තුල ප්‍රදර්ශනයෙන් ආරම්භක සති අන්තයේදීම ඇ.ඩො. 6,891,609 ක වාර්තාගත බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත්තේ බොක්ස් ඔෆීස් ලිස්ට් එකේ හිනි පෙත්තටම නගිමින්. “ඉන්වේෂන් යූඑස්ඒ” තම ගමන අවසන් කලේ සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඇ.ඩො. 17,536,256 ක් තම ගිණුමට බැර කර ගනිමින්. Chuck Norris (මැට් හන්ටර්) සමග Richard Lynch (මිකායිල් රොස්ටොව්), Melissa Prophet (ඩේලියා මැක්ගුවර්) සහ Alexander Zale (නිකෝ) රංගනයෙන් දායක වෙනවා.
රොස්ටොව් විසින් මෙහෙයවන රුසියන්/කියුබා ගරිල්ලා හමුදාවක් රහසේම ඇමෙරිකාවට ඇතුල් වෙලා, රටේ තැන් තැන් වල ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේ ත්‍රස්තවාදීන් දේපල විනාශ කරමින්, බෝම්බ තබමින්, ජනතාව ඝාතනය කරමින් මහ විනාශයක් කරනවා. අසරණ වෙන බලධාරීන් විශ්‍රාම ගිය FBI නිලධාරියෙක් වන මැට් හන්ටර්ගෙ සහාය පතනවා. රොස්ටොව්ව මීට පෙර වතාවකත් අත් අඩංගුවට ගන්නෙ මේ හන්ටර්. හන්ටර් ඒ ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරනවා. නමුත් ඔහු ගැන වෛරයෙන් ඉන්න රොස්ටොව්, හන්ටර්ව හොයාගෙන ඇවිත් බර ප්‍රහාරයක් එල්ල කරලා ඔහුගේ ගේත් සුණුවිසුණු කරනවා. නමුත් රොස්ටොව් නොසිතූ ලෙස එයින් දිවි ගලවාගන්නා හන්ටර් නගරයට පැමිණෙනවා. ඊට පස්සෙ රොස්ටොව්ගෙ ප්ලෑන් අංජබජල් වෙන්න ගන්නවා. මොකද ඔහු සහ ඔහුගේ අරමුණ අතර තනි මිනිහෙක් හිටගන්න නිසා. ඒ තමයි මැට් හන්ටර්.
ජයවේවා.
SUB FORMAT – SRT & IDX
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
Download Links:
Download Torrent 720P පිටපත 802 MB Download Torrent 1080P පිටපත 1.6 GB Download Direct 480P පිටපත 450 MB Download Direct 720P පිටපත 802 MB Download Direct 720P පිටපත 956 MB Download Direct 1080P පිටපත 1.6 GB
Rasika Samanjith
Comments: 9
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Gayan Chandana
ස්තුතියි රසික අයියා :thumbsup::thumbsup::thumbsup:
Rasika Samanjith
Thanks Malli.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට අයියෙ
Rasika Samanjith
ගොඩක් ස්තූතියි, මල්ලි.
Chaminda Lakruwan
ගොඩක් ස්තූති බ්‍රෝ මේ වගේ ෆිල්ම් වලට සබ් දෙනවට අපේ පොඩි කාලේ වීරයෝ මේ
Rasika Samanjith
අනිවාරෙන් මල්ලි.
Shamal Manojan
උපසිරැසියට බොහොම ගොඩක් ස්තූතියි සහෝ.
ඇත්තටම හරිම වටිනවා මේ වගේ පැරණි ෆිල්ම් වලට උපසිරැසි දෙන එක. ගොඩක් පින්. දිගටම මේවාට සබ් දෙන්න සහෝ. චක් නොරිස්, ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, ආර්නොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, Dolph වැනි ඒ කාලේ සුපිරි නළුවන් ගේ චිත්‍රපට වලටම දිගටම සබ් දෙන්න. පුලුවන් නම් 80, 90 දශකයේ හොඳ Horror movies ටිකකුත් දෙන්න.
Poltergeist 1, 2, 3
Omen 1, 2, 3, 4
Hellraiser Collection
Amityville Collection
Exorcist Collection
වගේ සුපිරි බය හිතෙන ෆිල්ම් ටිකක් දෙන්න. අලුත් Horror movies වලට වඩා මේ පැරණි Horror movies නියමයි.
මේ චිත්‍රපට වලත් සබ් දෙන මෙන් ඉල්ලා සිටිමි.
My Lucky Stars – 1985
Twinkle Twinkle Lucky Stars – 1985
The Fearless Hyena – 1979
The Fearless Hyena 2 – 1983
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
The Legend – 1993
The Legend 2 – 1993
Swordsman – 1990
Swordsman II – 1992
Iron Monkey – 1993
Fearless – 2006
Once Upon a Time in China Collection
Rasika Samanjith
ලොකු ලිස්ට් එකක්. හිමීට කරමු.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!