Jaal: The Trap (2003) Sinhala Subtitle

May 21, 2025 Admin
Subtitle by Rasika Samanjith
ඉල්ලන් කෑ පරිප්පුව
                ජීවිතේ, හරියටම කිව්වොත් රැකියාවේ ඇතිවුනු යම් කාර්යබහුල තත්ත්වයක් නිසා මාස දෙකකට වැඩි කාලයක් උපසිරැසිකරනයෙන් ඈත්වෙන්න වුනා. ඒ තත්ත්වය පිළිවෙළක් කරගෙන ඔන්න ඔයාලට අරන් ආවා හින්දි සිනමාවේ පතාක යෝධයෙක් වන සනී ඩියෝල්ගේ බොලිවුඩ් බොක්ස් ඔෆීස් හිට් එකක්. ඒ තමයි 2003 ජුලි 18 මුලින්ම ඉන්දීය රිදී තිරයේ දිගහැරුනු Jaal : The Trap. පැය 2 විනාඩි 22 ක් පුරා දිවෙන Action, Crime, Thriller, Drama, Romance එකක්. සනීගෙ සුපුරුදු නාහෙට අහන්නැති ජාතියේ චරිතයකුත් සමඟ ඉතාම ලස්සන ගීත ගොන්නකුත් අඩංගු වුනා. Sunny Deol (අජේ කෞල්) සමග සුරූපී Tabu (නේහා පණ්ඩිත්) සහ අනීතා චෞද්‍රී ලෙස දඟකාර රුවැත්තිය Reema Sen කරට කර රංගනයක නිරතවන අතර Amrish Puri (අම්රිෂ් කෞල්), Anupam Kher (කැප්ටන් රෂීඩ්), Farida Jalal (සුදා කෞල්), Ashish Vidyarthi (නවේඩ් රබ්බානි) සහ Mukesh Rishi (ජුනයිඩ්) යන බොලිවුඩ් දැවැන්තයන්ගෙ රංගන දායකත්වයත් මේකට ලැබිල තියෙනවා. ඒ වගේම සනී සහ අම්රිෂ් පූරි එක්ව රඟපෑ අවසන් චිත්‍රපටයත් මෙය බවයි වාර්තා වෙන්නෙ.
 ත්‍රස්තවාදය පාදක කරගත් කතාවක් තමයි තියෙන්නෙ. ත්‍රස්තවාදී නායකයෙක් වන නවේඩ් රබ්බානි ඉන්දීය රජයේ අත් අඩංගුවේ ඉන්නෙ. ඔහුව බේරාගැනීම සඳහා හෝම් මිනිස්ටර්ගෙ තරුණ දියණිය වන අනීතා චෞද්‍රීව ගැනීමට ත්‍රස්තවාදීන් සැලසුම් කරනවා. ඇගේ ආරක්ෂාව බාරව ඉන්න මිස්ට කෞල්ගේ පුතා තමයි අජේ. ත්‍රස්තවාදීන් අජේගේ පෙම්වතිය වන නේහාව පැහැර ගන්නවා. ඇයව නිදහස් කිරීම සඳහා ඔවුන් අජේට කියන්නේ අනීතාව ඔවුන්ට ගෙනත් දෙන ලෙසයි. තම රට සහ තම ආදරය අතර අජේ අතරමං වෙනවා. මොකක් වෙයිද?
එහෙනම් ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. මේ ලස්සන නිර්මාණය රස විඳින්න ආරාධනා කරමින් නවතිනවා.
ජය වේවා.
QUALITY // 720p – 1.3gb

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 1.36 GB
1080p web 2.52 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (2)
  • Deneth Unregistered
    Android 10 Chrome 145

    Kyon Ki (2005)
    De Dana Dan (2009)
    Me film dekata sub dennako

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 145

      කවුරුවත් කරලා නැත්නම් බලමු. කමෙන්ට් එකට ස්තුතියි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search