Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • CANTONESE Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Justice League (2017) Sinhala Subtitle

Justice League (2017) Sinhala Subtitle

Justice League (2017) Sinhala Subtitle
Watch Now
Sinhala Subtitles

Justice League (2017) Sinhala Subtitle

HD
6
Justice League (2017) Sinhala Subtitle
HD
6 views
HD Quality
Sinhala Sub
Close
December 24, 2017 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.2
GENRES
ActionAdventureEnglish MoviesfantasyGenresMovies
CAST

ben affleck, henry cavill, amy adams, gal gadot

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලුම දෙනාට.අදනම් ටිකක් විශේෂ උපසිරැසියක්.ඒකට හේතු දෙකක් තියනවා.එකක් මේ මගේ 100වන උපසිරැසිය.අනිත් කාරණය මේ DC කොමික්ස් රසිකයන් පුල පුලා බලාසිටි චිත්‍රපටයක්.මගේ 100වන උපසිරැසිය වෙනුවෙන් මේ චිත්‍රපටය මට බාර දුන්න දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මණ්ඩලයේ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.ඒකට විතරක්ම නෙමෙයි අඩවියට සම්බන්ධවූ දා සිටම මේ තරම් ලොකු  දුරක් එන්න  මට දුන්න ශක්තියටත්.ඔයගොල්ලන්ගෙ කැපවීම, ඉවසීම (මොකද සමහරවෙලාවට මගෙ අතින් උපසිරැසි ප්‍රමාද වෙනවා මම  හිතන්නෙ.එහෙම වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නැ) සහ සහයෝගය නැත්නම්, අනිවාර්යයෙන්ම මට මේ තරම් දුරක් එන්න බෑ.ඒ වගේම නම් වශයෙන් නොකිව්වත් අපේ සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාටත් බොහොමත්ම ස්තූතියි ඕගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගයට.ඒ වගේමයි හැමදාමත් අපිව පොඩිමහරි වචනයකින් දිරිමත් කරන්නට කාරුණික වන Subz LK ප්‍රේක්ෂක (වචනෙ හරිද මන්ද) සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි.ඔබේ ඒ මහමෙරක් වගේ වචන කීපය අපට ලබාදෙන ශක්තිය වචනවලින් කියා නිමකරන්න බෑ.යමෙක් ප්‍රතිචාරයක් නොදැක්වූවා කියාත් හිතේ කිසිම තරහක් නෑ.උපසිරැසි කරන මුල්කාලයේනං ඒ නිසා යම් කලකිරීමක් වගේ දෙයක් හිතට දැනුනත් අදනම් ඒක එහෙම නෑ.මොකද ප්‍රතිචාර නොදැක්වීමටත් යම් සාධාරණ හේතු තිබෙන්නට පුළුවන් නිසා.අනිත් කාරණය ප්‍රතිචාර නොදැක්වූවත්, ඔබ අඩවියට පිවිසීම, ඔබේ එක් බාගත කරගැනීමක් පවා අඩවියට හා උපසිකරුවෙකුට ලොකු ශක්තියක්…

ඒ වගේම කියන්න ඕනේ ඕගොල්ලො මගෙන් යම්චිත්‍රපටවලට උපසිරැසිඉල්ලලත්, විවිධ හේතු නිසා මට ඒවා ලබාදෙන්න නොහැකිවෙලා තියනවා ගොඩක් අවස්ථාවල.ඒ හේතුවෙන් හෝ ප්‍රතිචාරයකට මම දක්වන පිළිතුරකින් හෝ වෙන මොනයම් හෝ හේතුවක් නිසා කාගෙහරි සිත් රිදීමක් ඇතිවී ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා.50 වෙනි උපසිරැසියටත් මං දිග හෑල්ලක් ලිව්ව නිසා 100වෙනි උපසිරැසිය එහෙම නොකර මම මේ කතාව මෙතනින් නවත්වලා චිත්‍රපටය පැත්තට යන්නම්…

Justice League (2017)

ජස්ටිස් ලීග් නොහොත් යුක්ති එකමුතුව අපි හමුවට එන ජස්ටිස් ලීග්  චිත්‍රපටය මේ වසරේ DC කොමික්ස් රසිකයන් බොහොම උනන්දුවෙන් පෙරමග බලාසිටි එකක්.IMDB අගය 7.1ක් ලබා ගත් මේ චිත්‍රපටයට Rotten Tomatos ලගෙන්නම් ලැබෙන්නෙ 41% ක වගේ අගයක් (කතාව පැත්තෙන් ගත්තම මේ අගය ලැබෙන්න සාධාරණ හේතු තියනවා).මෙහි අධ්‍යක්ෂණය ජනප්‍රිය අතිදක්ෂ අධ්‍යක්ෂ Zack Snyder මහතාගෙන්.කෙසේවෙතත් මෙම වසරේ මාර්තු 17වන දින සිදුවූ තම දියණියගේ අවාසනාවන්ත සියදිවිනසාගැනීම නිසා ඔහු චිත්‍රපටයෙන් ඉවත්වන්නට තීරණය කල අතර ඉන්පසු මෙහි අවසන් අදියරේ අධ්‍යක්ෂණ කටයුතු කර තිබෙන්නේ Joss Whedon විසින්.රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු විදියට Ben Afleck (බැට්මෑන්), Gal Gadot ( වොන්ඩ(ර්)වුමන්), Amy Adams (ලොයිස් ලේන්), Jeremy Irons ( ඇල්ෆ්‍රඩ් ), Jason Mamoa (ඇක්වාමෑන්/දියමිනිසා), Erza Miller (බැරී ඇලන්/ෆ්ලෑෂ්), Ray Fisher (වික්ටර් ස්ටෝන්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පෙළක්.කොහොමවුණත් මෙහි අධ්‍යක්ෂණ කාර්යය බෙන් ඇෆ්ලෙක්ට බාරදෙන්නත් මුලදි යම් අදහසක් තිබිල තියනවා.ඉන්පසු අධ්‍යක්ෂණ බාරවූ Zack Snyder මහතා චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නෙ වික්ටර් ස්ටෝන් ( සයිබෝග්වරයා)  මූලික කරගෙන චිත්‍රපටය දිවෙන ආකරයට.නමුත් Joss Wheldon විසින් ඒ රූපරාමු සෑහෙන ප්‍රමාණයක් චිත්‍රපටයෙන් ඉවත්කරන්නට කටයුතු කර තිබෙන අතර සංගීත අධ්‍යක්ෂණ කාර්යය සඳහා Zack මහතා තෝරාගෙන සිටි Junkie XLවත් එම කාර්යයෙන් ඉවත් කර තිබෙනවා.දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

සුපර්මෑන්ගේ මරණය නිසා මේ වනවිට ලෝකයා තම ආරක්ෂාව ගැන යම් සැකයකින් ඉන්නේ.බැට්මෑනුත් සුපුරුදු ලෙස ‘දවල් බෲස්, රෑ වවුලා’ ක්‍රමේට තමන්ට හැකි අයුරින් තම රාජකාරිය ඉටු කරනවා.වොන්ඩ(ර්) වුමනුත් ලෝකයෙන් සැඟවෙලා ඩායානා ප්‍රින්ස් විදියට කාලය ගත කරනවා.ඔය අතරේ ලෝකයට තවත් බරපතල තර්ජණයක් ලඟම එන බව බෲස් වේන් දැනගන්නවා.මෙවර සතුරා එන්නේ යම් බලයක් ඇති මංජුසාවත් තුනක් සොයමින්. බෲස් වේන්, වොන්ඩ වුමන් ඇතුළු කණ්ඩායමක් එක්රැස් කරගෙන මේ තර්ජණයට එරෙහිව සටන් වැදීම තමයි චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.මීට වඩා කියන්න දෙයක් නෑනෙ.මෝකද මම දන්නවා මට වඩා හොඳ කොමික් රසිකයෝ ඉන්නවා ඕනෙතරම් , අපේ ඇඩ්මින් මණ්ඩලයත් ඇතුළුව.

එහෙනම් මීලඟට රූපවාහිනී කතාමාලාවකුත් බාරවෙලා තියනවා.බොහෝවිට මං ඊලඟට ඕගොල්ලන්ව හමුවෙන්නෙ එහි කොටසක උපසිරැසියකින් වෙන්න ඉඩ තියනවා.එහෙනම් ගිහින් එන්නම් සියලු දෙනාටම බොහොම ස්තූතියි.අපේ Subz LK අඩවියට, ඇඩ්මින් මණ්ඩලයට, සහෝදර උපසිරැසි කරුවන්ට ඕගොල්ලො ලබාදෙන සහයෝගය,ධෛර්යය ඉදිරියටත් ලබාදෙන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිමින්ම මම ගිහින් එන්නම්.අපි මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

(1) පිටපත ගැන :- මම මුලින් මේකට උපසිරැසිය කලේ  (HDTS) කැමරා පිටපතකට.ඒත් පළකිරීම සඳහා යවන්න ඔන්න මෙන්න තියෙද්දි HC-HDrip පිටපත් කීපයක් අන්තර්ජාලයට නිකුත් වුනා.මේ පිටපත් හැම එකකම වීඩියෝ තත්වය හොඳ මට්ටමක තිබුණත් ඕඩියෝ තත්වයනම් අසතුටුදායකයි.හේතුව යම් යම් ස්ථානවල ශබ්දය විකෘතිවීම් සහ Sync වීමේ ගැටලු තිබීම.කොහොමවුණත්ඒවායෙන් මම තෝරාගත්ත පිටපත 1080P එකක්, ප්‍රමාණය 1.22GB.මේකෙනම් Sync ගැටලුව නෑ.නමුත් යම් යම් ස්ථානවලදී ශබ්ද විකෘතිවීමේ ගැටලුව ඒ විදියටම තියනවා.ඒක ලොකු ගැටලුවකුත් නෙමෙයි හැබැයි.කැමති අය බාගන්න.ඉවසල ඉන්න පුළුවන්නම් වඩා හොඳයි.හොඳ තත්වයේ පිටපතක් ආව ගමන් යාවත්කාලීන කරන්නත් බලාපොරොත්තු වෙනවා.

(2) මෙන්න ස්ක්‍රීන්ෂොට්

(3) උපසිරැසිය :-

  • ASS උපසිරැසිය – හාඩ්කෝඩ් උපසිරැසිය ආවරණය වීමට පසුබිමක් යොදා ඇත.
  • SRT උපසිරැසිය – පසුබිමක් යොදා නැත.

Fueled by his restored faith in humanity and inspired by Superman’s selfless act, Bruce Wayne enlists newfound ally Diana Prince to face an even greater threat. Together, Batman and Wonder Woman work quickly to recruit a team to stand against this newly awakened enemy. Despite the formation of an unprecedented league of heroes — Batman, Wonder Woman, Aquaman, Cyborg and the Flash — it may be too late to save the planet from an assault of catastrophic proportions…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය සහ වීඩියෝව බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
32210 වාරයක්
Available Torrents
3D bluray 1.92 GB
GET
720p bluray 1.08 GB
GET
1080p bluray 2.01 GB
GET
2160p bluray 5.65 GB
GET
720p web 879.76 MB
GET
1080p web 1.82 GB
GET
Discussion (96)
← Older
Newer →
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 UC Browser 7
    2017-12-25

    මචං හසිත! 100 වන උපසිරැසියට හදවතින්ම සුබ පතනවා! අනිත් චිත්‍රපට වගේම ඔයාගේ මේ උපසිරැසිය සහිත චිත්‍රපටයත් මම බැලුවා. ඇත්තටම නියමයි. මම කියන්න ඕන ගොඩක් දේවල් අනිත් අය කමෙන්ට් කරලා තියෙන්නේ. දිගටම අපි එක්ක රැදී සිටියි කියලා හිතනවා. එහෙනම් ඔබට සුබ නත්තලක් වගේම සුබ නව වසරක් වේවා කියලා පතමි.

    Reply
    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-26

      බොහොම ස්තූතියි, ඉසුරු 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් කරා සාර්ථකව ලඟාවීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
      ඒ වගේම සුභ නත්තලක් වේවා ?

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54
    2017-12-25

    ඔන්න ඉතින් හසිත ශතකයක් වාර්ථා කරා.උඩ දමිත් කියුවා වගේ කලින් උපසිරැසි කරපු අය හිටයත් සයිට් එකේ පලවෙනි මෙම්බර් හසිත.හසිතගේ 100 එනකම් ඇඩ්මින් මන්ඩලයේ හතර දෙනාම මග බලාගෙන හිටියේ ? ඒ වගේම අපේ සහෝදර උපසිරැසි කරු දෙන්නෙක් වන පසිඳුයි & සුමින්දයි දෙන්නත් වරින් වර අපෙන් ඇහුවා.හසිතට දැන් උපසිරැසි මැස්මක් කියුවත් වැරදි නෑ ? Justice League චිත්‍රපටය ගැන අහන්න ලැබෙන කට කතා නම් සුබවාදී නෑ ? ඩිරෙක්ටර් වෙනස් උන නිසා කියලා තමා ගොඩ අය කියන්නේ ?? DC die hard fan කෙනෙක් විදිහට ෆිල්ම් එකට නරකක් කියන්නත් බෑ ? මේ වගේ තව කඩයිම් වලට යන්න සුබ පතනවා.ජය වේවා!

    Reply
    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-26

      100ට ලඟාවුණේ දමිත් ඇතුළුව ඕගොල්ල හැමදෙනෙක්ගෙන්ම ලැබුණ කාරුණික සහයෝගය නිසා තමයි. නැත්තං ඉතිං හසිත කියල උපසිරැසිකරුවෙක් නෑ අද. ඒකට ගොඩක්ම ස්තූතියි, කවීෂ. ඔයාටත් උපසිරැසි කඩයිම් වෙත ඉක්මනින් සාර්ථක ලඟාවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුභ නත්තලක් වේවා ?

      * දමිතුයි ඔයයි සමීරයි ඇරුණකොට තව කෙනෙක් ඉන්නවද ඇඩ්මින් මණ්ඩලේ?
      * ෆිල්ම් එක ගැනනම් මටත් තියෙන්නෙ සුභවාදී අදහසක් නෙමෙයි, කවීෂ. ඔය ගොඩක් අය කියන හේතුවම
      වෙන්න ඇති කියලයි මගෙත් අදහස.

    • mithun Unregistered
      Android 6 Chrome 58
      2017-12-26

      සයිඩ් එකෙ ඉන්න ඇඩ්මීනල ටික පොඩ්ඩක් මෙ සයිඩ් එකේ උපසිරැසි යාවල්ලින් සම්බන්ධව තව ටිකක් උනන්දු උනා නම් තවත් සුපිරි . මෙච්චර සංඛ්‍යාවක් මෙකෙනුත් උපසිරැසි බාගන්න එකෙ. ෆිල්ම් අප්ඩෙට් වලට කට්ටියට පෙන්න වෙනම තිරුවක් හදන්න. අප්ඩෙට් එක සෑහෙන වටිනව කොපි බලන අයට උනත් සහෝදරවරුනි

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 63
      2017-12-26

      working on that bro…

  • gihan Unregistered
    Windows 8.1 Opera 49
    2017-12-25

    තැන්කු සහෝ සබ් එකට…පට්ට නත්තල් තෑග්ග ආ දිගටම සබ් දෙන්න….ජය වේවා

    Reply
  • mismo pescador Unregistered
    Android 5.1 Chrome 63
    2017-12-25

    අද සයිට් එක පැත්තෙ ආවෙම හසිත සහො 100 නත්තල් දවසෙ අනිවා දිලා ඇති කියල හිතලමයි එත් සබ් එක ඉයෙද කොහෙද දිලනෙ. හසිත සහොගේ මේ උපසිරස ලැබෙනකම් ගැන ගැන හිටියේ(ගානනම් මගදි රැයිතෙටගියා?)සියට සියක්හොදම ෆිල්ම්ස්සියට සියක්" හොදම කොලිටියකින් කින් උපසිරස ගන්වා,""සියපාරක්"" උපසිරසවල් ගෙනාවට කිපාරක් ස්තුති කරන්නද මන්ද?කිපාරක් ස්තුති කිව්වත් මදි.එ මහන්සියෙ තරම හිතාගන්න පුලුවන් jwm,hgf වගෙ ෆිල්ම් දෙද්දි time line ගහගෙන ලොකුකට්ටක් කාගෙන උපසිරසවල් කරපුව මතකයි(එකනිසාද කොහෙද දමිලා master සබ් creater කියල ඩිසයිග්නෙෂන් එකක් දිල ති⁣යෙන්නෙ එකට මම මාර කැමති මොකද එකෙන් ලොක්කයියා කියලා අදහසක් ඇතිවෙනව මට??)

    Reply
  • mismo pescador Unregistered
    Android 5.1 Chrome 63
    2017-12-25

    ඔයාගෙ වගේම subzlk එකෙ පලවෙනි සියය.මට තාමත් මතකයි පටන් ගත්ත මුල් දවස් පොඩි පොඩි උපසිරස කරල කවිෂල එහෙම මහන්සි උනාට ගොඩක් උපසිරස කරැවන් dl,කමෙන්ට් අඩුව නිසා අතඇරල දාාලයද්දි නොගිහින් හිටපු ඔයාවගෙ අයනිසා තමයි අපේ මෙ වෙබ් එක තාමත් ගුවන්ගත වෙන්නෙ??.මට හරිම සතුටුයි දැක්කහම ඔයාගෙ ලිපියෙ කමෙන්ට් ඩවුන්ලොඩ් කියන්නෙ එච්චර හින්නැති දෙයක් කියල එවගෙම මම එක ඇහැටම දැක්ක ඔයාගේ එක හොදම ගුනයක්(උපසිරසකරැවෙක් විදිහට)

    Reply
  • mismo pescador Unregistered
    Android 5.1 Chrome 63
    2017-12-25

    එවගේම හොද රසයක් තියන කෙනෙක් දමිත් කිව්ව වගේ විවිධ නිර්මාන ගෙනාව පසිදු කිව්ව වගේ ස්පෑන් එව තමා පිස්සු වැට්ටුවෙ(කලින් නිගමනය කිරිමෙ පිස්සු සෙල්ලම එවත් එක්ක කොරන්නම බැ):'(ස්පැනිෂ් එව කරලම දැන් වචන දෙක තුනක් එහෙම පාඩම් ඇති නේද , El Sr.?ගොඩක් අයගෙ ඉල්ලිම් වලට ප්‍රතිචාර දක්වල තියනව(වැඩියෙන්ම කිවිෂගෙ මම හිතන්නෙ???)එවගෙම හරිම සුහදශිලි(ගොඩක් අය එක නිතරම අගෙකරනව දැකලතියනව ඇඩ්මින් සෙට් එක එහෙම,)subzlk හැම කෙනෙක්ම වගෙහරිම සුහද සෙට්එකක් එ ගුණෙ මෙකෙ බොහො උපසිරස කරැවන්ට තියනව එකට ගොඩක් ආසයි subzlk  එකට ආවම දැනෙන්නෙ amigos ලා ටිකක් ඉන්න තැනකට ආවවගෙ.කියන්න දෙවල් ගොඩක් තිබ්බත් post කිරිමෙ අවුලකුත් තියනව එක නිසා Adios amigo(හරිද මන්ද?).දහසවාරයක් ස්තුති

    Reply
    • mismo pescador Unregistered
      Android 5.1 Chrome 63
      2017-12-25

      Post කිරිමෙ අවුල දමිත් හදල වගේ.ස්තුති මචං ?(best admin ever)

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-26

      Hola ,Mismo pescador ( Same fisherman) , Cómo estás? බොහොමත්ම ස්තූතියි හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. ? ඒ ගමන නමත් ස්පැනිෂ්වලට හැරෙව්වද ආ..? Muy bien-Muy bien! අවංකවම සෑම් ,දමිත්ල කවීෂල සමීරල එහෙම මාර මහන්සියක් දරනවා සයිට් එක සහ අපි වෙනුවෙන් (ෂිෆ්ට් ක්‍රමේටයි වැඩ, කොච්චර රෑ වෙලා මේල් එකක් දැම්මත් එක්කෙනෙක් හරි ඇහැරලා ඉන්නවා). ඒ වගේම ඒ තියන සුහදශීලි බව නිසාමයි තාමත් අපි අඩවිය එක්ක රැඳී ඉන්නෙත්. එහෙනං Muchas gracias por tu apoyo, Amigo. Feliz Navidad ?
      hasta pronto…….!

      * ” Best admin ever ” you’re 100% correct.

    • sam fisher Unregistered
      Android 5.1 Chrome 63
      2017-12-26

      Estoy bien bro ඔබ උපසිරස ගැන්වු සියලු නිර්මාන වලට නැවතත් ස්තුති

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 63
      2017-12-26

      මටත් අදුර ගන්න බැරි උනා ….mismo pescador කියන්නේ කවුද කියලා ..

  • Sudesh Unregistered
    Windows 10 Chrome 63
    2017-12-25

    Sub ekata thanks bro.. Ilaga kadaima ikmaninma lagakaraganna heki wewa kiya suba pathanawa..

    Reply
  • jhon snow User
    Windows 10 Chrome 43
    2017-12-25

    sub ekata godaak thnx sahoo

    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62
    2017-12-25

    සහෝට සුබ පතන්න ගොඩක් පරක්කු වුණාට සමාවෙන්න..?ඇත්තටම සහෝ 100 ගහනකම් මග බලාගෙන හිටියේ..?ඇත්තටම ගොඩක් සතුටුයි සහෝ..??සහෝගේ 100 වෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුබ පැතුම්..??ඇත්තටම සහෝ හදන උපසිරැසි වල කිසිම අඩුපාඩුවක් නෑ..??සැලකිල්ලෙන් තමා හදන්නේ..හොදට කාලය වැය කරලා ඉහළ ගුණත්මයක් තියෙන උපසිරැසි අපිට දෙනවා..??විශේෂයෙන්ම සහෝට ඒකට තමා ස්තූතියිවන්ත වෙන්න ඕනේ..?අනික සුපිරිම ෆිල්ම්ස් තමා තෝරගන්නෙත්..??තව මේ වගේ 150 200 කඩයිම් වලින් එහා යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..?ඔබට ජය සහෝ..?
    ( මම සහෝට කියලා උපසිරැසි කරන්න ඕනේ කියපු ෆිල්ම්ස් වල නම් මම සහෝට ඊමේල් එකක් දාන්නම්..)

    Reply
    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-30

      හෘදයාංගම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, සුමින්ද 🙂 ෆිල්ම්ස් ටික කියල මේල් එකක් දාන්න. මම හෙමීට කරල දෙන්නම්. ඔබටත් සාර්ථකව උපසිරැසි කඩයිම් කරා ලඟාවෙන්න උණුසුම් සුභ පැතුම්, මල්ලි.

  • DC Bandara User
    Android 5 Opera 43
    2017-12-25

    Thankz bro….??

    Reply
  • hasitha prasad Unregistered
    Windows XP Firefox 52
    2017-12-26

    ලහිරු, ලක්ෂාන්, අසිත ඇතුළු හැමදෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරවලට 🙂 සියලු දෙනාගේම වැඩකටයුතු
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, ඒ වගේම සුභම සුභ නත්තලක් ? වේවා හැමකෙනෙක්ටම. ( වෙන වෙනම රිප්ලයි කලත්
    සමහර ඒවා පළවෙන්නෙ නෑ මොකක්හරි Error එකක් නිසා වෙන්න ඕනෙ).

    Reply
    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 49
      2017-12-26

      මාවත් මතක් වෙලා තියෙන්නේ ස්තූති යාලුවා සුබ නත්තලක් ඔබටත්….

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 63
      2017-12-26

      spam protection නිසා ඔය පොඩි පොඩි error එන්නේ ..සුබ නත්තල් වේවා ..ඔයාටත් ..අනිත් සේරම උපසිරස් කරුවන් සේරටමත් …

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57
      2017-12-26

      ඔයාටත් සුබ නත්තලක් හසිත සහෝ…
      ඒවගේම අපේ උපසිරැසි පවුලේ හැමෝටමත් සුබ නත්තලක්!

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7
      2017-12-26

      මටත් ඔය වැඩේම වුණා. සමහර Reply පෙන්නන්නේ නෑ. කොහොම වුණත් අපි හැමෝවම මතක් කරාට ස්තූතියි.
      හැමෝටම සුබම සුබ නත්තලක් වේවා!!!

  • asitha Unregistered
    Windows 8.1 Chrome 63
    2017-12-26

    elama saho thanks

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 245
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved