Trending

The Killer’s Game (2024) Sinhala Subtitle

කණපිට හැරුණු ඝාතන කොන්ත්‍රාත්තුව    

                    ඉතින් අලුත්ම සුපිරි හොලිවුඩ් ඇක්ෂන් කොමඩියක් තමයි අද අරගෙන ආවෙ. 2024 සැප්තැම්බර් 13 දින ඇමරිකන් / කැනඩා රිදී තිරයටත්, ඔක්තෝබර් 04 දින VOD සහ ඩිජිටල් මාධ්‍යයටත් නිකුත්වුනු Killer’s Game. රෙස්ලින් වලල්ල මෙන්ම හොලිවුඩයත් ජයගත්, කාගෙත් ආදරය දිනාගත් ඩේව් බැටිස්ටාගෙ නවතම සිනමා ක්‍රියාදාමය. ප්‍රදර්ශනය වූ මුල් දින සහ මුල් සතියේම බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගන්න සමත්වුනු මෙය Action, Comedy, Thriller වර්ගයේ චිත්‍රපටයක්. මුල සිට අග දක්වාම පැය 1 යි විනාඩි 44 ක් එක හුස්මට බලන්න පුලුවන්. සුපිරි සටන් සහ ක්‍රියාදාම වැලකින් පිරුණු පට්ට ෆිලුමක්. ඒකටම හරියන පට්ට සෙට් එකක් තමයි රංගනයෙන් එකතුවෙලා ඉන්නෙ.
                      Dave Bautista (ජෝ ෆ්ලඩ්), Ben Kingsley (ස්වී රීව්ස්) සහ Kingsman: The Secret Service (2014), Star Trek Beyond (2016), The Mummy (2017), Climax (2018), Rebel Moon (2023) යන චිත්‍රපට වලින් රසික  හදවත් දිනාගත් ඇල්ජීරියන් සුරූපිනිය Sofia Boutella (මේසි) සමග සටන් වලින් චිත්‍රපටය වර්ණවත් කරන්න කුලී ඝාතකයන් ලෙසින් එකතුවෙනවා අපේ බොයිකෝ, එහෙම නැත්නම් Scott Adkins (ඇන්ගස් මැකෙන්සි),,,,, රෙස්ලින් ක්‍රීඩක Drew Galloway (රෝරි මැකෙන්සි),,,, Terry Crews (ලව්ඩාල්),,,, Bloodsport 2, 3 සහ 4 යන චිත්‍රපටවලින් අතිශය ජනප්‍රියත්වයට පත් සටන් නලු Daniel Bernhardt (මැක්ස්),,,, Kiltro [2006], Undisputed III: Redemption [2010], Redeemar [2014] වැනි චිත්‍රපට වල දස්කම් දැක්වූ, චිලී රටෙන් මතුවූ මාෂල් ආට් තරුව Marko Zaror (බොටාස්),,,, දකුණු කොරියාවෙන් Lee Hoon (ගොයාන්ග්), Shaina West (ටොන්යා) සහ Lucy Cork (ගින්නි) ප්‍රධාන චරිත වලට දායක වෙනවා.
                                ජෝ ෆ්ලඩ් ප්‍රවීන කුලී ඝාතකයෙක්. හදිසියේ හමුවෙන බැලේ නර්තන ශිල්පිනියක් වන මේසි සමග ආදරයෙන් බැඳෙනවා. ඒ ආදරේ කොතරම්ද කියන්නෙ ජෝ තීරණය කරනවා විශ්‍රාම යන්න. ඒ අතර ඔහුට තිබෙන දරුණු හිසරදයක් ගැන පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබෙන්නේ ඔහුට සුව කල නොහැකි මොලේ ආබාධයක් තිබෙන බවත්, ඔහුට තව ජීවත්වන්නට ඇත්තේ මාස 3 ක කාලයක් පමණක් බවත් ය. දුර්වල වී මැරෙන්නට අකමැති වන ජෝන් සිය ජීවිතය නැති කරගන්න හිතනවා. ජීවිත රක්ෂණයක් ගන්නා ජෝ, තමා සියදිවි නසාගත්තොත් එම රක්ෂණ මුදල මේසිට නොලැබෙන නිසා, තමාව ඝාතනය සඳහා ඩොලර් මිලියන දෙකක කොන්ත්‍රාත්තුවක් බාරදෙනවා. ඒ අනුව යුරෝපය පුරා සිටින කුලී ඝාතකයින්ගේ පෝන් වලට මේ පණිවුඩය යැවෙනවා. එදින රාත්‍රී 12 ට තමයි ගිවිසුම ඔන් වෙන්නෙ. නානාවිධ විලාසිතාවල ඝාතකයන් ජෝගේ ගෙදරට එන්න ගන්නවා. ජෝ තම නිවසේ ආරක්ෂාව ඉවත් කරලා දොරත් ඇරලයි තියන්නෙ. රෑ 12 ට විනාඩි 4 ක් තියෙනකොට ඩොක්ට කෝල් කරලා කියනවා. ලැබ් එකට වැරදිලා, පරීක්ෂණ සාම්පල් මාරුවෙලා, ජෝට එහෙම අසාධ්‍ය ලෙඩක් නෑ කියලා. කෙලියා නේද තාප්පෙට. රෑ 12 න් පස්සෙ සීන් ටික බලන්න වෙන්නෙ චිත්‍රපටියෙන්ම තමා. ඒ ටික අකුරෙන් ලියන්නවත්, කටින් කියන්නවත් බෑ, බ්‍රෝ.
                          දරුණු සිපගැනීම් ඇරුණම අසභ්‍ය දර්ශන නම් නෑ. අසභ්‍ය වචන නම් තියෙනව. ඇතැම් ඒවා මන් සිංහලට හැරෙව්වෙ නෑ. අමානුෂික දර්ශනත් තියෙනවා. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
QUALITY // 480p – 450mb / 720p – 630mb, 950mb / 1080p – 1.7gb

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
6 FILES
720p bluray 955.1 MB x264
▲18 · ▼2
Magnet GET
1080p bluray 1.91 GB x264
▲19 · ▼4
Magnet GET
720p web 954.89 MB x264
▲37 · ▼2
Magnet GET
1080p web 1.91 GB x264
▲56 · ▼1
Magnet GET
1080p web 1.73 GB x265
▲48 · ▼1
Magnet GET
2160p web 4.63 GB x265
Discussion (9)
  • sangeeth Vithanage Unregistered
    Android 10 Chrome 129

    Good doctor tv series එකට sinhala sub දෙන්නකො.

  • sangeeth Vithanage Unregistered
    Android 10 Chrome 129

    ස්තූතියි

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 130

      Thanx

  • sangeeth Vithanage Unregistered
    Android 10 Chrome 129

    Good

  • sangeeth Vithanage Unregistered
    Android 10 Chrome 129

    ස්තූතියි.Good doctor series එකට sub දෙන්න පුළුවන් නම්.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search