Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Comedy
  3. Knives Out (2019) Sinhala Subtitle

Knives Out (2019) Sinhala Subtitle

February 11, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.0
GENRES
ComedyCrimeDramaEnglish MoviesGenresMoviesMysteryThriller
CAST

Daniel Craig, Chris Evans, Ana de Armas, Jamie Lee Curtis

 

[ BLURAY  පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර, ‍WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. මෙහි ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම සහිත හා ස්පාඤ්ඤ භාෂාව පමණක් ඇතුලත් පිටපත්ද නිකුත්ව ඇති බැවින් වෙනත් ලින්ක්වලින් ලබාගැනීමේදී සැලකිලිමත් වන්න. ]

 

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ පසුගිය වසරේ නිකුත්වූ රහස් පරීක්ෂක කතන්දරවලට ප්‍රිය කරන්නන්ට අපූරුවට ගැලපෙන, අතීත හොලිවුඩය සිහිගන්වන, වර්තමාන හොලිවුඩයේ ඉතාම දුර්ලභ ඝනයේ නිර්මාණයකට උපසිරැසි අරගෙනයි. මේ තමයි Brick (2005), Looper (2012) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල රියාන් ජොන්සන් අධ්‍යක්ෂවරයාගේ නවතම නිර්මාණය.. Knives Out (2019) . මෙය රියාන් ජොන්සන්ගේම රචණයෙන් සහ නිෂ්පාදනයෙන් තමයි නිර්මාණය වෙන්නෙ. මේ වනවිට IMDB අගය 8.0කුත් , Rotten Tomatoes වෙතින් 97%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 82%ක ලෙස ඉතා ඉහල අගයක් දිනා ඇති මේ චිත්‍රපටය පෙබරවාරි 10 වන දින නිමාව දුටු 92 වන ඔස්කා සම්මාන උළෙලේ සම්මානයකට නිර්දේශ වුණා, ඒ හොඳම සැබෑ මුල් තිර පිටපත ( එනම් පෙර ලියවුණු යමක් ඇසුරින් නොලියූ) සඳහා වූ සම්මානය සඳහා, කෙසේ වෙතත් එම සම්මානය හිමිවන්නේ මෙවර සම්මාන වැඩි ප්‍රමාණයක අයිතිය තමන් සතු කරගත් Parasite (2019) චිත්‍රපටයේ තිර පිටපත රචනය (මෙන්ම අධ්‍යක්ෂණය) කල බොන් ජූන් හෝ සහ හැන් ජින්-වොන් හටයි. ඊට අමතරව මේ Knives Out (2019) චිත්‍රපටය සම්මාන 42ක් ලබා තිබෙනවා ඒ සම්පූර්ණ ගණන සම්මාන 128ක නිර්දේශවීමෙන් අනතුරුවයි. පැය දෙකකුත් මිනිත්තු එකොලහක ධාවන කාලයකින් යුත්, හාස්‍යමය, අපරාධමය, නාට්‍යමය යන තුන් ඝනයට අයත් මේ චිත්‍රපටය ඒ මුළු කාලය පුරාවට නරඹන්නා අසුන්වල හිඳවා තබන්නට තරම් ශක්තිමත් කතාවකින් යුත් බවත් සඳහන් කරන්නටම ඕනෙ. එසේම මෙහි බෙනෝ බ්ලාන්ක් චරිතයට පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පී ඩැනියෙල් ක්‍රේග්ගේ වෙනස්ම ආකාරයක රංගනයකුත් අපිට දැකබලාගන්න පුළුවන්. ඔහුට අමතරව ඇනා ඩි අර්මස් ( මාර්තා), ක්‍රිස් එවන්ස් ( රැන්සම්), ජේමි ලී කර්ටිස් (ලින්ඩා), මයිකල් ෂැනොන් ( වෝල්ට්), ඩොන් ජොන්සන් (රිචඩ්), ටෝනි කොලට් (ජෝනි ත්‍රොම්බි), ලකීත් ස්ටැන්ෆීල්ඩ් (ලුතිනන් එලියට්), ක්‍රිස්ටෝෆර් ප්ලමර් ( හාලන් ත්‍රොම්බි), ජේඩන් මාටෙල් (ජේකොබ්),රිකී ලින්ඩ්හෝම් (ඩොනා), එඩී පැටර්සන් (ෆ්‍රැන්), කේ කැලන් ( ලොකු ආච්චි වනෙටා) වැනි රංගන තරු රැසක් මෙයට රංගන දායකත්වය දක්වනවා. හරි දැන් අපි යමු කතාව පැත්තට…

හාලන් ත්‍රොම්බි… ඈත නිස්කලංක ගම්මානයක මැදුරක වෙසෙන අභිරහස් නවකතා ලිවීමට ප්‍රසිද්ධියක් උසුලන, ඒ නිසාම උපයාගත් විශාල ධනයකටද හිමිකම් කියන 85වන වියේ පසුවන මහළු ලේඛකයෙක්. ඔහුගේ ලේඛන කලාවට සම්බන්ධ රැකියාවලින් හා ඔහුගේ මූල්‍යමය සහයෝගයෙන් තමයි ඔහුගේ දරු මුණුබුරන් බොහෝ දෙනෙක් ජීවත්වෙන්නේ. එහෙත් එක් දිනක ඔහු තම කාර්යාල කාමරය තුල අභිරහස් ලෙස මියගොස් සිටිනු නිවසේ ගෘහපාලිකාවගේ ඇස ගැටෙන අතර, මේ පිලිබඳ විමර්ශනයට අති දක්ෂ රහස් පරීක්ෂකයෙකුද අද්භූත ආකාරයට එකතු වෙනවා… එතනින් එහාට කුතුහලය සියල්ලම ඔබට ඉතිරි කරමින් මම නවතින්නම්. මෙය හොඳ අවධානයෙන් නැරඹුවොත් මෙහි තැනින් තැන අපිට දකින්නට ලැබෙන හෝඩුවාවලින් මේ අභිරහස අතරමගදීම විසඳන්නට පුළුවන් වෙන්නටත් ඉඩ තිබෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් චිත්‍රපටයකින් ලඟදීම..

 

විශේෂ : –

මෙහි එක් තැනක බෙනෝ බ්ලාන්ක් Gravity’s Rainbow නොහොත් ගුරුත්වාකර්ෂණ දේදුන්න නම් කෘතියක් පිලිබඳව සඳහන් කරනවා. එය 1973 වසරේදී තෝමස් පින්චන් විසින් රචිත කෘතියක් වන අතර එය ජාතික කෘති සම්මානය දිනා පුලිට්සර් සම්මානයටද නිර්දේශ වුවත් පුලිට්සර් සම්මාන උපදේශක මණ්ඩලයේ දෝෂ දර්ශනයට ලක්වෙනවා, එහි සාමාජිකයන් කීපදෙනෙක් එය ‘කියවීමට අපහසු’ හා ‘අවශ්‍ය තරමට වඩා ලියන ලද’ කෘතියක් ලෙස දකින නිසා. චිත්‍රපටය තුලදී බෙනෝ පවසනවා ඔහුද කෘතිය කියවා නැතත් එහි නමට තමන් කැමති බව. කෘතියේ නමේ අර්ථය වන්නේ දෙවන ලෝක යුධ සමයේ ජර්මානු V-2 රොකට්ටුවල ගමන් මග වන අතර බෙනෝ එය ඝාතන අභිරහසක චාපාකාර ගමන්මගට සමාන කර දක්වන එකයි එතන කරන්නේ.

Gravity’s Rainbow

මේ රූපය බැලූවිට වඩාත් පැහැදිලි වේවි එය

• ගෝ පුවරු ක්‍රීඩාව

ඔබට එය ක්‍රීඩා කරන ආකාරය මේ වීඩියෝවෙන් නරඹන්නට හැකියි අවශ්‍යනම්

• හැමිල්ටන් සංගීතමය ප්‍රසංගය

මෙය ඇමරිකාවේ බ්‍රෝඩ්වේ රඟහල් ජාලය තුල ඉදිරිපත්කෙරුණු සංගීතමය ඉදිරිපත් කිරීමක්.

එය ඉතිහාසඥ රොන් චෙමෝ විසින් 2004 වසරේදී රචිත ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් චරිතාපදානය ඇසුරු කරගෙන ඇමරිකානු සංගීතඥ Lin-Manuel Miranda විසින් කල නිර්මාණයක්.

ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් චරිතාපදානය

ඔහු ඇමරිකා එක්සත් ජනපදය පිහිටවන්නට මුල්වූවන්ගෙන් අයෙක් වන අතර එහි මූල්‍ය පද්ධතියේ නිර්මාතෘද, මුල්ම එක්සත් ජනපද භාණ්ඩාගාරික ලේකම්වරයාද වනවා. හැමිල්ටන් ප්‍රසංගයේ එක් ගීතයක පදයක් චිත්‍රපටය තුල කියවෙනවා. එය සංක්‍රමණිකයන් ගැන කියවෙන්නක්. එය හැමිල්ටන් ජීවිතයටද අදාලයි, ඒ ඔහුද එක්තරා ආකාරයක සංකමණිකයෙකු නිසා..

බ්‍රිතාන්‍යයට හිමි බටහිර ඉන්දීය කොදෙව්දූපත්වලදී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් උපත ලබන්නේ අවිවාහක දෙමාපිය යුවලකට දාව. දෙමාපියන් අවිවාහක නිසා එංගලන්ත කතෝලික පල්ලිය හැමිල්ටන්ට ඔවුන්ගේ පාසලේ අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදෙන්නේ නෑ. නිවසට පැමිණ ගුරුහරුකම් ලබාදෙන්නෙක් සහ පොත් 34කින් සමන්විතවූ පවුලේ පුස්තකාලයයි ඔහුගේ පාසල වන්නේ. හැමිල්ටන්ගේ පියා පවුල හැරදමා යන අතර ඊට සුළු කලකට පසු ඔහුගේ මවද මියයනවා. ඔහුගේ තනි නොතනියට ඉතිරි වන්නේ පවුලේ පුස්තකාලය පමණයි. වර්ෂ 1772 අගෝස්තු 30 වන දින, ඔහු සිටි දූපත කුණාටුවකින් විනාශයට පත්වෙනවා. එය වචනයට නගන ඔහුගේ හැකියාව දකින ව්‍යාපාරිකයන් ඔහුට ඇමරිකාවට ගොස් අධ්‍යාපනය ලැබීමට අරමුදල් සපයනවා. ඔහු ‘ සංක්‍රමණිකයෙක් ‘ ලෙස හැඳින්වෙන්නේ ඒ නිසයි. ඉහතකී හැමිල්ටන් ප්‍රසංගයේ එන Immigrants (We Get The Job Done) ගීතය ගැන චිත්‍රපටය තුල කියවෙනවා. එහි හැමිල්ටන් මික්ස්ටේප් ඇල්බම් වර්ෂන් එක නරඹන්න පුළුවන් මෙතනින්. එම ඇල්බමයේ 11 වැනි ගීතය වන්නේ මෙයයි.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
6811 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
1080P
Direct download
Direct
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 1.17 GB x264
Magnet GET
1080p bluray 2.17 GB x264
▲100 · ▼43
Magnet GET
2160p bluray 6.09 GB x265
▲100 · ▼5
Magnet GET
720p web 1.17 GB x264
Magnet GET
1080p web 2.31 GB x264
Magnet GET
Discussion (19)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-02-11

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

    Reply
  • Rajitha Unregistered
    Android 9 Chrome 79
    2020-02-12

    Thanks jayawewa……!

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-02-12

    The Skin I Live In (2011) film එකට සබ් දෙන්න පුළුවන්ද Hasitha 😊😊

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-12

      මාත් බලලනං නෑ ඒක. බලල සබ් දෙන්නම්, හෂාන්.

    • Hashan M. Priyadarshana Unregistered
      Android 4.2 Android Browser 4
      2020-02-12

      Antonio Banderas ඉන්නෙ දන්නව ඇතිනෙ පොර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ Original Sin එකේ එහෙම ඉන්නෙ 😊😊.. IMDb එකත් 7.6ක් තියනව පොඩ්ඩක් බලල පුළුවන් නම් සබ් දෙන්න 👊

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-17

      සබ් එක දෙන්නම්, හෂාන්. Doctor Sleep ඩිරෙක්ටර්ස් කට් එකේ සබ් එක කරනවා මේ වෙලාවෙ. ඒකට පස්සෙ දෙන්නම්.

    • Hashan M. Priyadarshana Unregistered
      Android 4.2 Android Browser 4
      2020-02-17

      බොහොම ස්තුතියි Hasitha 😊👊.. Doctor Sleep එකට සබ් එක දෙන එක නම් ගොඩක් වටිනව බ්‍රෝ Bluray Director’s Cut එකට සිංහල සබ් එක අන්ත්ජාලයේ නෑ

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-21

      Doctor Sleep(2019) – Director’s cut හා Theatrical Cut යන පිටපත් සියල්ලම සඳහා ගැලපෙන පරිදි පලකර ඇත.

  • Madusha Unregistered
    Windows 10 Opera 66
    2020-02-13

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-02-13

    උපසිරසියට ස්තුතියි සහෝ!!
    අද තමා බලන්න ඔනේ මුවී එක ඩව්න්ලොර්ඩ් කරල තියෙන්නේ 😍.

    Reply
  • Dilan Unregistered
    Android 9 Chrome 79
    2020-02-15

    Docter Sleep Director Cut එකට සබ් එක දෙන්න ❤️

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-16

      තව දවස් කීපෙකින් දෙන්නම්, සබ් එක කරමින් ඉන්නෙ මේ දවස්වල,Jumanji ෆිල්ම් එක කරන්න නැවැත්තුවා පොඩ්ඩකට. Directors Cut එකටමයි සබ් එක දෙන්නෙ.

    • Dilan Unregistered
      Android 9 Chrome 79
      2020-02-16

      තෑන්ක්ස් ❤️❤️❤️🔥

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-21

      Doctor Sleep(2019) – Director’s cut හා Theatrical Cut යන පිටපත් සියල්ලම සඳහා ගැලපෙන පරිදි පලකර ඇත.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 80
    2020-02-16

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • mithun Unregistered
    Android 8 Chrome 79
    2020-02-21

    Jarhead: Law of Return
    2019
    War

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-21

      ඒක හොඳ එකක් වගේ, නේද, මිතුන්.
      තව ෆිල්ම් දෙකක් තියනව බාරගත්ත, ඊට පස්සෙ දෙන්නම්.

  • dileepa godage User
    Windows 10 Chrome 80
    2020-04-07

    ෆිල්ම් එක ගොඩක් කල් තිබ්බත් බලන්න උවමනාවක් තිබ්බේ නෑ.හැබැයි බලපු වෙලේ ඉදල අතාරින්න හිතුනේ නෑ.
    ඔකොටම වඩා සබ් එක ගැන දාපු ලිපිය නැත්නම් මේක බලන්න හිතන්නෙ වත් නෑ.

    බොහොම ඊස්තූත්යි සහෝ
    ජය !

    Reply
  • Kavindu Chamikara User
    Android 10 Chrome 101
    2022-05-16

    මේ විදිහට permenent සබ් ඇඩ් කරේ කොහොමද කියන්නඩකො plz

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 721
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved