Knock Off (1998) Sinhala Subtitle

February 07, 2022 Admin
Subtitle by Rasika Samanjith
ව්‍යාජ අනුරූ වලට මුවා වූ ත්‍රස්තවාදය

                       පැරණි චිත්‍රපට අපේක්ෂාවෙන් අපිත් එක්ක රැඳී සිටින හිතවතුන් වෙනුවෙන්, බොහෝ දවසකට පස්සෙ පැරණි ඇමරිකන් / හොංකොං ෆිලුමක් අරන් ආවා. අපි කවුරුත් දන්න අඳුනන ජීන් ක්ලෝඩ් වෑන් ඩෑම්ගෙ තවත් බොක්ස් ඔෆීස් වාර්තා අතරට එක්වුනු චිත්‍රපටියක්. ඒ තමයි Knock off. මුලින්ම තිරගත වුනේ 1998 සැප්තැම්බර් 04 දින ඇමෙරිකාවෙදි. එක්සත් ජනපදයේ ආරම්භක සති අන්තයේදීම ඇ.ඩො.මිලියන 10.3 ආදායමක් උපයා ගනිමින් හතර වන ස්ථානයට පත් වෙන්නට සමත් වෙලා තියෙනවා. විනාඩි 87 ක ධාවන කාලයකින් යුක්ත වන අතර Action, Crime, Thriller යන වර්ග වලට අයත්වෙනවා. අධ්‍යක්ෂනය Tsui Hark ගෙන්. වෑන් ඩෑම්ගෙ Street Fighter [1994] ලියපු Steven E. de Souza තමයි මේකෙත් තිර පිටපත ලියල තියෙන්නෙ. Jean-Claude Van Damme (මාකස් රේ) සමඟ තවත් පට්ට පොරක් රංගනයෙන් එකතු වෙනවා. ඒ තමයි Home Alone 2: Lost in New York [1992], The Animal [2001], The Hot Chick [2002] වැනි කොමඩි චිත්‍රපටවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් Rob Schneider (ටොමී හෙන්ඩ්‍රික්ස්). ඊට අමතරව Lela Rochon (කරෙන් ලී) සහ Michael Wong (හෑන්) රංගනයෙන් දායක වෙනවා.
                      බ්‍රෑන්ඩඩ් වෙළඳ භාණ්ඩ ව්‍යාජව, ඔරිජිනල් වගේම සකස් කිරීමේ කප්පිත්තෙක් තමයි මාකස් රේ කියන්නෙ. දැන් ඒ නීතිවිරෝධී වැඩ වලින් අයින් වෙලා ටොමී එක්ක එකතුවෙලා හොංකොංවල විලාසිතා ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන පාඩුවේ ඉන්නවා. එයාලගෙ ඇඳුම් පිට රට පවා යවනවා. නමුත් මෙයාලගෙ ඩෙනිම් වගයකුත් ව්‍යාජව හදනවා කියල දැනගන්න ලැබෙනවා. ඒ ව්‍යාජ ඩෙනිමුත් මෙයාලගෙ ඩෙනිම් අතරෙමයි පිට රට යන්නෙ. මේ කාරණයේදි සැකය එල්ල වෙන්නෙ රේට. මේ ගැන හොයාගෙන යනකොට රේට දැනගන්න ලැබෙනවා මේකට රුසියානු මාෆියාවත් සම්බන්ධ බව. ඒ විතරක් නෙමේ, ව්‍යාජ අනුරූ (Knockoff) සෑදීමට එහා ගිය අතිශය බරපතල සැලැස්මක් යටින් ක්‍රියාත්මක වන බවත් රේට දැනගන්න ලැබෙනවා. තමන්ගෙ නම සුද්ද කරගෙන රුසියන් මාෆියාව පරාද කරන්න මාකස් රේට හැකි වෙයිද? ඒ සටනෙදි රේට මොනා මොනා අහිමි වෙයිද? මෙහි කිසිම අසභ්‍ය දර්ශනයක් නොමැති බව නම් විශේෂයෙන් කියන්න ඕන.

ජය වේවා.

QUALITY  //  720p  –  830 MB   //   1080p  –  1.6 GB

SUB FORMAT // SRT // IDX TV

♣♣ BRRip / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 829.58 MB
1080p bluray 1.66 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (4)
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 98

    තෑන්ක්ස් සබ් එකට සහෝ.. කාලෙකින් ඔයාගෙ සබ් එකක් සයිට් එකේ වැ⁣ටුණේ

  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 97

    ටිකක් වැඩ වැඩ්යි, සුපුන්. ඒත් සබ් නවත්තන්නෙ නෑ.

  • Shamal Manojan User
    Android 7 Chrome 94

    ඔච්චර වැඩ අස්සේ මෙහෙම වත් පැරණි ෆිල්ම් දෙන එකට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් හැම වෙලාවකම ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නොල්ඩ්, චක් නොරිස්, Dolph වගේ අයගේ පැරණි ෆිල්ම් ම දෙන්න සහෝ. :pray:

  • Rasika Samanjith Admin
    Android 10 Chrome 98

    අනිවාරෙන් කරමු.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search