Kopps (2003) Sinhala Subtitle

May 29, 2022 Admin
Subtitle by Rasika Samanjith
අපූරු පොලිස්කාරයෝ

                   අද ඔයාලට අරගෙන ආවෙ ටිකක් හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න පුලුවන් ජාතියේ පට්ට කොමඩියක්. මේක මට අහම්බෙන් හම්බුනේ. ඒ වෙලාවෙම හිතුනා මේක ඔයාලත් එක්ක බෙදා හදාගන්න ඕනෙ කියලා. අපිට ලස්සන නිර්මාණයක් හමුවුනොත් subz.lk පාඨක ඔයාලව කීයටවත් අමතක කරන්නෙ නෑ. මේක ස්වීඩන් නිර්මාණයක්. භාෂාවත් ස්වීඩන්. නම Kopps. ( ඉංග්‍රීසියෙන් cops – පොලිස්කාරයින් කියන තේරුම ) මුලින්ම තිරගත වුනේ 2003 පෙබරවාරි 07, ස්වීඩනයේදී. Action, Comedy, Drama වර්ගයේ ෆිලුමක්. විනාඩි 90 ක ධාවන කාලයකින් යුක්තයි. චිත්‍රපටය තිරගත වූ වකවානුවේම, ජනප්‍රිය නලු Adam Sandler සහ කොලොම්බියා පික්චර්ස් සමාගම චිත්‍රපටයේ අයිතිය මිලදීගෙන තියෙනවා, එය ඉංග්‍රීසි බසින් නැවත් නිර්මාණය කිරීම සඳහා. නමුත් මේ වනතුරුත් ඒ ගැන තොරතුරක් නැති බවයි පැවසෙන්නෙ. මෙහි නලු නිලියන්ට චිත්‍රපටය රූගත කිරීමට පෙර, ස්වීඩන් පොලිස් ඇකඩමියේ, ගිනි අවි භාවිතය ගැන පුහුණුවකුත් ලබා දීලා තියෙනවා. රංගනයෙන් දායක වෙනවා, Fares Fares (ජාකොබ්), Torkel Petersson (බෙනී), Göran Ragnerstam (ලස්සේ), Sissela Kyle (ඇග්නෙටා), Eva Röse (ජෙසිකා), Christian Fiedler (ෆෝල්කේ) සහ Erik Ahrnbom (හෝකන්).
                දුර බැහැර නගරෙක පිහිටි පොලීසියක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. මේ පුංචි නගරය හරිම සාමකාමී නගරයක්. අපරාධ කියන ඒව ඇත්තෙම නෑ. පොලීසියෙ ඉන්නෙ හය දෙනයි. ප්‍රධානී ෆෝල්කේ, ජාකොබ්, බෙනී, ලස්සේ, ඇග්නෙටා සහ හෝකන්. කාඩ් ගගහා, බෝල ගගහා, කෝපි බිබී, හොට් ඩෝග් කකා බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් තමයි මෙයාල කාලෙ ගත කරන්නෙ. හරකෙක් හෙම ලනුව කඩාගෙන පාරට එනවා වගේ සීන් තමයි මෙයාලට ලැබෙන ලොකුම කේස්. ඒවට යන්නෙ හෙන බැංකු මංකොල්ලයක් නවත්තන්න වගේ. දවසක් පොලිස් මූලස්ථානයෙන් මෙහෙට එනවා තරුණ නිලධාරිනියක් වන ජෙසිකා. ඇය ඇවිල්ල කියන දෙයින් මෙයාලගෙ ලෝකෙ උඩු යටිකුරු වෙනවා. ඒ තමයි කිසිම අපරාධයක් මේ නගරයේ සිදු නොවන නිසා, මේ පොලීසිය තව මාස තුනකින් වසා දැමීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව කියන කාරණය. ඈත පළාතකට මාරුවීම හෝ රස්සාව නැතිවීම යන කාරණා නිසා යාලුවො ටික බලාපොරොත්තු සුන් වුණු තත්ත්වයකට පත්වෙනවා. “මේකට කරන්න මොකක් හෝ දෙයක් තියෙන්න ඕනෙ” කියල කල්පනා කරන ජාකොබ් සහ ලස්සේට අපූරු අදහසක් පහළ වෙනවා. ඒකම ඔයාලටත් හිතුනද? එහෙනම් ඒක හරිද කියල දැනගන්නත් එක්ක, බඩ අල්ලන් හිනාවෙන්න බලාගෙන Kopps නරඹමු. ආ… තව විශේෂ දෙයක්… වසර ගණනාවකට පෙර අතිශය ජනප්‍රියත්වයට පත්වුනු, සුපර් හිට් වුනු හින්දි සිනමා පටයක, මේ චිත්‍රපටයේ දර්ශනයක් ඇතුලත් වුනා. බලමු මතක් වෙයිද කියලා.

ජය වේවා.

QUALITY // 480p – 400MB // 720p – 800MB // 1080p – 1.6 GB

SUB FORMAT // SRT // IDX TV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 798.53 MB
1080p bluray 1.6 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (2)
  • Supun Kaushalya Unregistered
    Android 12 Chrome 101

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Shamal Manojan User
    Windows 10 Chrome 102

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Request……..

    Until Death – 2007
    JCVD – 2008
    End of Days – 1999
    The 6th Day – 2000

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search