Trending

Laal Rang (2016) Sinhala Subtitle

7.9ක් වැනි ඉහළ IMDB අගයකට හිමිකම් කියන මේ බොලිවුඩ් සිනමා පටයේ අධ්‍යක්ෂණය සයීඩ් අහමඩ් අෆ්සාල්ගෙන් වන අතර කතාව සහ තිරරචනය ඔහු සහ පන්කජ් මේතාගෙනි. රංගනයෙන් දායක වන්නේ ප්‍රවීණ නළු රන්දීප් හුඩා, නවක නළු අක්ෂේ ඔබරෝයි සහ රජ්නීෂ් දුග්ගල් ඇතුළු නළු නිළි කැලකි.
අප සියලු දෙනාගේ ඇඟේ දුවන්නේ රතු පැහැති රුධිරයයි. එනමුත්එය o+, B+ ආදී වූ විවිධාකාරයේ වර්ග වලට අයත්වේ. අපට යම්කිසි රෝගයකට රුධිරය අවශ්‍ය වූ විටක අපේ රුධිර ඝනයට ගැලපෙන රුධිර වර්ගය ලබාගන්නට අපට පිහිටවන්නේ ලේ බැංකුවයි. එහෙත් එයත්අපට ලැබෙන්නේ නියමිත ලෙසට නොවේනම්?
මෙහි කතාන්දරය දිවෙන්නේ ඉන්දියාවේ කර්නාලය මූලික කරගත් රුධිර ජාවාරමක් සම්බන්ධවය. රාජේශ් දීමන්ගේ බිරිඳ දරු ප්‍රසූතියකට රෝහලකට ඇතුලත් කරයි. ඇයගේ ශරීරය දුර්වල නිසා ඇයට ලබාදීමට ලේ බැංකුවකින් ලේ රැගෙන එන ලෙසට රෝහලෙන් පවසයි.
ලේ ලබාගැනීම සඳහා ලේ බැංකුවට යන ඔහුට එහිදී ඔහුගේ පැරණි මිතුරෙකු හමුවන අතර ඔවුන්ගේ පැරණි මිතුරකු වන ශන්කර් නැවත පැමිණ ඇති බව ඔහු රාජේශ්ට පවසයි. කවුද මේ ශන්කර්? ඔවුන්ගේ සම්බන්ධය කුමක්ද? ලේ ජාවාරමේ ස්වභාවය කෙසේද?
ඒ ප්‍රශ්ණ සියල්ලට පිලිතුරු මෙම සිනමාපටය නැරඹීමෙන් ලබාගත හැකිය.
” මිනිසා යනු රුධිරය ලීටර 5කින් සහ එය නැවුම්ව තබාගැනීමට ග්‍රෑම් 250ක හදවතකින් සැදුම්ලත් පඹයෙකි”
මාහට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව Subzlk.info අඩවියටත් ඇඩ්මින් දමිත් ප්‍රියංකර ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

Spoiler Warning : Laal Rang is an Indian 2016 Hindi action thriller film directed by Syed Ahmed Afzal and produced by Nitika Thakur. Randeep Hooda, Akshay Oberoi, and Piaa Bajpai star…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
Discussion (2)
  • Jack Unregistered
    Windows 10 Firefox 49

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    දිගටම වැඩේ කරන්න.
    ජය…

  • Sadaam_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search