Trending

Lamb (2021) Sinhala Subtitle

4 Views
බැටළු පැටවා

           Subz.lk අපි කණ්ඩායම නිතරම උත්සාහ කරන්නෙ අන්තර්ජාතික සිනමා ලෝකය පුරාම ඔයාලව එක්ක යන්න. ඒ අනුව අපි ඔයාලට ගෙනාවා පසුගිය 2021 සැප්තැම්බර් 24 දින අයිස්ලන්තයේදී තිරගත කිරීම ආරම්භ කල තවත් අපූර්වතම අයිස්ලන්ත සිනමා නිර්මාණයක්. ඒ තමයි Lamb. ‘බැටළු පැටියා’ කියන තේරුම. මේකෙ අයිස්ලන්ත නම Dýrið. ඒ කියන්නෙ “සතා” කියන තේරුම. භාෂාවත් අයිස්ලන්ත. මිනිත්තු 106 ක් පුරාවට දිග හැරෙන Drama, Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මුලින්ම තිරගත කිරීමක් කරල තියෙන්නෙ 2021 ජුලි 13 දින, ප්‍රංශයේ පැවති 2021 Cannes Film Festival සම්මාන උළෙලදි. හොලිවුඩ්හී පැවැත්වෙන 94th Academy Awards සම්මාන උළෙලේ Best International Feature Film අංශය සඳහා අයිස්ලන්තය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේද මේ චිත්‍රපටයයි. 2021 ඔක්තෝබර් 8 දින ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනය ඇරැඹි Lamb, සිනමා ශාලා 583 ක තිරගත කරමින් පළමු සති අන්තයේම හත් වෙනි තැනට පත්වෙමින්, ඇ.ඩො.මිලියන 1 ක බොක්ස් ඔෆීස් ආදායමක් වාර්තා කරගෙන ඇත්තේ, එදා මෙදා තුර අයිස්ලන්ත සිනමා පටයක් ඇමරිකාව තුලදී පළමු සති අන්තය තුල උපයාගත් ඉහළම ආදායම ලෙසට වාර්තා පොත් අතරට එක්වෙමින්. උපයාගත් සමස්ත බොක්ස් ඔෆීස් අදායම ඇ.ඩො.මි. 2.7 ක් ලෙසයි වාර්තා වෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ දක්ෂ, ජනප්‍රිය ස්වීඩන් රංගන ශීල්පිනියක් වන Noomi Rapace. ඇයව ඔයාලට මතක ඇති The Girl with the Dragon Tattoo [2009], Close [2019] සහ The Trip / I onde dager [2021] යන නිර්මාණ වලින් මතක හිටින රංගනයන් ඉදිරිපත් කලා. ඇය මෙහි මරියාගෙ චරිතයට පණපොවන අතර අනෙක් චරිත වලට Hilmir Snær Guðnason (ඉන්ග්වාර්) සහ Björn Hlynur Haraldsson (පීතූර්) යන ශීල්පින් එකතු වෙනවා. නූමි කුඩා කාලයේ අයිස්ලන්තයේ ජීවත්වී ඇති අතර ඇය අයිස්ලන්ත භාෂාව කතා කරන ප්‍රථම චිත්‍රපටය හැටියටයි සඳහන් වෙන්නෙ.
               හරි කතාව දෙසට හැරෙමු. මරියා සහ ඉන්ග්වාර් කියන්නෙ අයිස්ලන්තයේ පිටිසර කඳුකර ප්‍රදේශයක ගොවිපළක් පවත්වාගෙන යන අඹුසැමි යුවළක්. මෙයාලට ළමයි නෑ. එක පාරක් බබෙක් ලැබෙන්න ඉඳලත්, මළ දරුවෙක් තමයි ලැබිල තියෙන්නෙ. මෙයාලගෙ ඉන්නවා බැටළු රැළක්. එක පාරක් මේ රැළේ බැටළු පැටියෙක් උපත ලබනවා. හිතාගන්නවත් බැරි විදිහේ අසාමාන්‍ය බැටළු පැටියෙක්. ඉතින් මේ දෙමාල්ලො දෙන්නා, මේ පැටියව එයාළගෙ ගෙදරට ගෙනත් එයාලගෙ ළමයෙක් වගේ හදාගන්නවා. එයාට දාන්නෙත් එයාලගෙ මැරුණු දරුවට දාපු “ආදා” කියන නම. එයාල ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. එයාල හිතන්නෙ ආදා, එයාලගෙ ජීවිතේට ලැබුනු තෑග්ගක් කියල. ඒත් ඒක එහෙමම වෙයිද? ඒ වගේම මේ චිත්‍රපටයෙන් අම්මල දෙන්නෙකුගෙ අනුවේදනීය මව් සෙනෙහසක් ඔයාලගෙ හදවත මොහොතකට හෝ සසල කරාවි. ඉතින් මේ ලස්සන නිර්මාණය බලන්න කියලා ආරාධනය කරනවා. තප්පර 50 ක විතර පොඩි සෙක්ස් කෑල්ලක් තියෙනවා. අපරාදෙ. නැත්නම් ළමයින්ටත් බලන්න තිබුනා.

විශේෂ
      මේ පාර YTS පිටපතේ ඉංග්‍රීසි උපසිරැසිය කොපියට බද්ධ වෙලාමයි තියෙන්නෙ. එතකොට සිංහල සබ් එකත් එක්ක බලනකොට අපහසුතාවක් එනවා. මොකද ඩබල් සබ් හින්දා. වෙන සයිට් වල කොපි වලත් කොහොමද දන්නෙ නෑ. ඒ නිසා මේ දීලා තියෙන ලින්ක් වලින්ම බාගන්න.

ජය වේවා.

QUALITY
480p //  350 MB
720p //  662 MB  //  700 Mb
1080p //  1.56 GB  //  1.42 GB

SUB FORMAT // SRT & IDX TV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 979.26 MB x264
▲7 · ▼5
Magnet GET
1080p bluray 1.96 GB x264
▲15 · ▼2
Magnet GET
2160p bluray 4.77 GB x265
▲6 · ▼1
Magnet GET
720p web 976.47 MB x264
1080p web 1.77 GB x264
▲55 · ▼6
Magnet GET
Discussion (8)
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 95

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 94

      Thanx, Brother.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 95

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 94

      Thanx, Brother.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 95

    බොහොම ස්තූතියි!
    වෙලාවට YTS කොපියෙ අවුලක් තියෙනව කියල කිව්වෙ.

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 94

      mamath mulin eka thamai download kale.

  • BeMax Unregistered
    Windows 10 Firefox 93

    legacies ekata dila iwara karannako bro….:slight_smile:

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 94

      Eka karana ayata man kiyannam.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search