Last Man Down (2021) Sinhala Subtitle

October 06, 2021 Admin
Subtitle by Rasika Samanjith
තවත් නොනවතින රැල්ලක්

                            2021 ඔක්තෝබර් 19 දින ඇමරිකාවේදී තිරගත වීමට නියමිතව ඇති තවත් Action, Thriller ගණයේ නවතම සිනමා පටයක් තමයි Last Man Down. මේක ස්වීඩන්-බ්‍රිතාන්‍ය සම නිෂ්පාදනයක්. කතාව සහ අධ්‍යක්ෂනය Fansu Njie ගෙන්. මේකෙ කියන්න තරම් ලොකු කතාවක් නෑ. නමුත් හොඳ වස්තු බීජයක් තියෙනවා. ඇක්ෂන් වලට තමයි මුල් තැන දීලා තියෙන්නෙ. ෆිල්ම් එකෙන් හතරෙන් තුනක්ම වගේ නන්ස්ටොප් ඇක්ෂන්. ඒ වගේ ෆිල්ම් බලන්න ආස අයට නම් නියමයි. විනාඩි 88 ක ධාවන කාලයකින් යුතු මෙහි  රංගනයෙන් දායක වෙන්නේ Daniel Stisen (ජෝන් වුඩ්), Olga Kent (මරියා ජොන්සන්), Daniel Nehme (කමාන්ඩර් ස්ටෝන්) සහ Stanislav Yanevski (ඩොක්ටර් ෆෙල්ට්ස්පාට්).
                        දැන් තියෙන කෝවිඩ්-19 වෛරසයටත් වඩා දරුණු වෛරසයක් ලොව පුරා පැතිරී ගිය කාලයක්. යුරෝපා ජනගහනය මුලුමනින්ම අතුගෑවිලා යන්න ආසන්නයේ ඉන්නෙ. මෙහි ව්‍යාප්තිය වලක්වන්න හමුදාව යොදවලා තියෙනවා. ඒ වගේ හමුදා නායකයෙක් තමයි කමාන්ඩර් ස්ටෝන්. ඔහු මැරයෙක් වගේ. ඔහු ආසාදිතයින් පමණක් නොවෙයි, ආසාදිත බවට සැක කරන අයවත් මරල දානවා. නගර පිටින් සමූල ඝාතනය කරනවා. ස්ටෝන් යටතේ ඉන්න විශේෂ කාර්ය බලකා සෙබලෙක් වන ජෝන් වුඩ් මේවට විරුද්ධයි. අහිංසක සිවිල් වැසියන් පිරිසකට සැගවෙන්න උදව් කල නිසා ස්ටෝන්, ජෝන්ගේ බිරිඳවත් මරල දානවා ආසාදිත බවට සැකයි කියල. මේවායින් කලකිරෙන ජෝන් හමුදාවෙන් පැනල ගිහින් වනාන්තරයක හුදෙකලාව ජීවත් වෙනව දර කපන්නෙක් විදිහට. මේ විදිහට අවුරුදු 3 ක් ගෙවිල යනවා. දවසක් රෑක හදිසියේම වෙඩි වැදුනු කෙල්ලෙක් ජෝන්ගෙ කැබින් එක ගාවට ඇවිත්, මට උදව් කරන්න, මාව හංගන්න කියල සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඒ කෙල්ල පස්සෙ මුලු හමුදාවක්ම පන්නන බවක් නොදන්න ජෝන් ඇයට පිහිට වෙනවා. මේ කෙල්ල කවුද? හමුදාවක්ම පස්සෙ පන්නන්න තරම් මොකක්ද ඇගේ තියෙන වැදගත් කම. තමාගෙ සාමකාමී ජීවිතය උඩු යටිකුරු වෙන්න යන බව ජෝන්ට තේරුම් යන්නේ, ඇයට වැදිල තිබුනු උණ්ඩය එලියට ගත්තාම. ඒක සාමාන්‍ය උණ්ඩයක් නෙමේ. හමුදාමය ට්‍රැකින් ඩිවයිස් එකක්. ඒ කියන්නෙ ලුහුබැඳීමේ උපකරණයක්.

ජය වේවා.

QUALITY
480p  //  278 MB
720p   //  560 MB  //  804 MB
1080p  //  1.6 GB

SUB FORMAT // SRT & IDX

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 806.05 MB
1080p bluray 1.62 GB
720p web 804.78 MB
1080p web 1.62 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (4)
  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 94

    Sub එකට ගොඩක් ස්තුතියි අයියේ. පුළුවන්නම් ඊලග Sub එකට Jackie Chan ගේ Supercop 2 (1993) Movie එකට හරි Jackie Chan ගේ මොකක් හරි Movie එකකට Sub එක දෙන්නකෝ. බුදු සරණයි දෙවි පිහිටයි:pray::pray::pray:

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 94

      oyage illima itu kalaa.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 94

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Rise of the Footsoldier: Origins (2021)
    The Night House (2020)

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 94

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search