
කලා කෘති සොරකමට මුවාවූ පලිගැනීම
Thriller, Crime, Horror වර්ගයේ ඇමරිකන් ෆිලුමක් තමයි අද අරගෙන ආවෙ. මේක අමුතුම ආකාරයකට දිග හැරෙන ෆිලුමක්. එහෙම කිව්වෙ ඇයි කියල චිත්‍රපටය බැලුවාම ඔයාලට තේරෙයි. චිත්‍රපටය Masquerade. මුලින්ම නිකුත් වුනේ 2021 ජුලි 30. මුල ඉඳන් අග වෙනකල්ම එක විනාඩියක්වත් අත නොහැර එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්. මේකෙ රේටින් එහෙම නම් ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. ඒත් සමහර රේටින් වැඩි ෆිල්ම් වලට වඩා හොඳයි. අනික රේටින් බලන්න ගියොත් නම් අපිට සුපිරි ෆිල්ම් ගොඩාක් මිස් වෙනවා. මේකෙ රඟපාන්නෙ Bella Thorne. මතක ඇතිනෙ I Still See You (2018), Infamous (2020) සහ Girl (2020) වැනි චිත්‍රපට වලින් මතක හිටින චරිත වලින් ඔබ හමුවට ආවා. Bella Thorne (රෝස්) සමග රංගනයෙන් දායක වෙන්නේ Alyvia Alyn Lind (කේසි), Austin Nichols (ඩැනියෙල්), Mircea Monroe (ඔලිවියා), Joana Metrass (සොෆියා) සහ Skyler Samuels (කාන්තාව). ධාවන කාලය මිනිත්තු 120 යි.
කතාවට පොඩි ආරම්භයක් දෙන්නම්. වැඩි විස්තර කිව්වොත් කතාවෙ රසය, කුතුහලය විනාශ වෙනවා. මොකද මේක අමුතුම ආකාරයක අභිරහස් කතාවක්. ඔයාල හිතන් ඉන්න ඒවා අන්තිම විනාඩියේදි වෙනස් වෙනවා. අන්තිම විනාඩිය වෙනකම් කුතුහලය තබාගන්න චිත්‍රපටයේ නිර්මාපකයෝ සමත් වෙලා තියෙනවා. ඒ හින්දා ඔයාලටත් කියන්නෙ චිත්‍රපටය මුල ඉඳන් බලන්න, කලින් අග බලන්න යන්න එපා. ඉතින් මේකෙ කතාව සරලවම ගෙවල් බිඳීමක්. රාත්‍රියක, විදුලි බලයත් විසන්ධි කරල, මූණු වහගත්තු හොරු කීප දෙනෙක් ධනවත් ගෙදරකට පනිනවා. ගෙදර අම්මයි තාත්තයි ගමනක් ගිහින්. ගෙදර ඉන්නෙ එයාලගෙ තරුණ දුව කේසියි, එයාගෙ තනියට ඉන්න තරුණ කාන්තාවක් වන සොෆියයි. හොරු ඒ ගෙදරට පනින්නෙ ඉතා වටිනා කලා කෘති වගයක් හොරකම් කරන්න. ඔවුන් වැඩ පටන් ගන්නෙම සොෆියාව මරලා. කේසි හැංගෙනවා. ඔවුන් කේසිව හොයන අතරේ නගරයේ තවත් තැනක, මේ හා සම්බන්ධ තවත් සිද්ධියක් ගලායනවා. ඒ මොකක්ද? ඒ ගැනත් කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැතුව යනවා. සහ මේ නිර්මාණය රස විඳින්න බැරිවෙනවා. මෙහි කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල අවසන් වශයෙන් කියන්නම්.
ජය වේවා.
QUALITY // 720p – 737 MB // 1080p – 1.4 GB
SUB FORMAT // SRT & IDX
♣♣ BRRip / 720p / 1080p ♣♣
Download Links:
Download Torrent BRRip 720P පිටපත Download Torrent BRRip 1080P පිටපත Download Direct BRRip 720P පිටපත Download Direct BRRip 1080P පිටපත
Rasika Samanjith
TV EPISODES :
0
MOVIES :
100
3.8
0%
0%
Comments: 3
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Shamal Manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් Jakob’s Wife – 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?