Masquerade (2021) Sinhala Subtitle

October 02, 2021 Admin
Subtitle by Rasika Samanjith
කලා කෘති සොරකමට මුවාවූ පලිගැනීම

                               Thriller, Crime, Horror වර්ගයේ ඇමරිකන් ෆිලුමක් තමයි අද අරගෙන ආවෙ. මේක අමුතුම ආකාරයකට දිග හැරෙන ෆිලුමක්. එහෙම කිව්වෙ ඇයි කියල චිත්‍රපටය බැලුවාම ඔයාලට තේරෙයි. චිත්‍රපටය Masquerade. මුලින්ම නිකුත් වුනේ 2021 ජුලි 30. මුල ඉඳන් අග වෙනකල්ම එක විනාඩියක්වත් අත නොහැර එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්. මේකෙ රේටින් එහෙම නම් ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. ඒත් සමහර රේටින් වැඩි ෆිල්ම් වලට වඩා හොඳයි. අනික රේටින් බලන්න ගියොත් නම් අපිට සුපිරි ෆිල්ම් ගොඩාක් මිස් වෙනවා. මේකෙ රඟපාන්නෙ Bella Thorne. මතක ඇතිනෙ I Still See You (2018), Infamous (2020) සහ Girl (2020) වැනි චිත්‍රපට වලින් මතක හිටින චරිත වලින් ඔබ හමුවට ආවා. Bella Thorne (රෝස්) සමග රංගනයෙන් දායක වෙන්නේ Alyvia Alyn Lind (කේසි), Austin Nichols (ඩැනියෙල්), Mircea Monroe (ඔලිවියා), Joana Metrass (සොෆියා) සහ Skyler Samuels (කාන්තාව). ධාවන කාලය මිනිත්තු 120 යි.
                        කතාවට පොඩි ආරම්භයක් දෙන්නම්. වැඩි විස්තර කිව්වොත් කතාවෙ රසය, කුතුහලය විනාශ වෙනවා. මොකද මේක අමුතුම ආකාරයක අභිරහස් කතාවක්. ඔයාල හිතන් ඉන්න ඒවා අන්තිම විනාඩියේදි වෙනස් වෙනවා. අන්තිම විනාඩිය වෙනකම් කුතුහලය තබාගන්න චිත්‍රපටයේ නිර්මාපකයෝ සමත් වෙලා තියෙනවා. ඒ හින්දා ඔයාලටත් කියන්නෙ චිත්‍රපටය මුල ඉඳන් බලන්න, කලින් අග බලන්න යන්න එපා. ඉතින් මේකෙ කතාව සරලවම ගෙවල් බිඳීමක්. රාත්‍රියක, විදුලි බලයත් විසන්ධි කරල, මූණු වහගත්තු හොරු කීප දෙනෙක් ධනවත් ගෙදරකට පනිනවා. ගෙදර අම්මයි තාත්තයි ගමනක් ගිහින්. ගෙදර ඉන්නෙ එයාලගෙ තරුණ දුව කේසියි, එයාගෙ තනියට ඉන්න තරුණ කාන්තාවක් වන සොෆියයි. හොරු ඒ ගෙදරට පනින්නෙ ඉතා වටිනා කලා කෘති වගයක් හොරකම් කරන්න. ඔවුන් වැඩ පටන් ගන්නෙම සොෆියාව මරලා. කේසි හැංගෙනවා. ඔවුන් කේසිව හොයන අතරේ නගරයේ තවත් තැනක, මේ හා සම්බන්ධ තවත් සිද්ධියක් ගලායනවා. ඒ මොකක්ද? ඒ ගැනත් කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැතුව යනවා. සහ මේ නිර්මාණය රස විඳින්න බැරිවෙනවා. මෙහි කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල අවසන් වශයෙන් කියන්නම්.

ජය වේවා.

QUALITY // 720p – 737 MB // 1080p – 1.4 GB

SUB FORMAT // SRT & IDX

♣♣ BRRip / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 737.52 MB
1080p bluray 1.48 GB
720p web 737.3 MB
1080p web 1.48 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (3)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 94

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 94

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Shamal Manojan User
    Android 7 Chrome 93

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Jakob’s Wife – 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search