
ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ කොරියානු හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් නිර්මාණය වුන ඇමරිකානු චිත්‍රපටයක්. නමින් මේ චිත්‍රපටය Minari (2020). තවමත් ඔන් ඩිමාන්ඩ් හෝ සිනමා ශාලා යන දෙඅංශයෙන් මෙය නිල වශයෙන් එලිදක්වා නැතත් චිත්‍රපට සම්මාන උළෙලක් වෙත යැවුනු Web (Web-Screener/ internal) පිටපතක් අන්තර්ජාලය වෙත මුදාහැරියා NOGRP නම් pirate group එකක් විසින් පසුගිය දිනෙක. අද මේ උපසිරැසිය අරගෙන එන්නෙ එම පිටපතටයි. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය තත්වය ඉතාම හොඳ පිටපතක් නිසා බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න.
Imdb වෙතින් 7.7ක අගයකුත් Rotten Tomatoes වෙතින් 100%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 87%ක අගයකුත් ලබා මේ වනවිට (2021:ජන:7) සම්මාන 22ක් දිනා ඇති මෙහි තිරපිටපත හා අධ්‍යක්ෂණය ලී අයිසැක් චුන්ග් විසින්. රංගනයෙන් දායක වන්නේ ; ස්ටීවන් යුන් (ජේකොබ්), යෙරි හාන් (මොනිකා),යුන් යුහ්-ජුන් ( අත්තම්මා), ඇලන් එස්. කිම් ( ඩේවිඩ්), නොයෙල් චෝ (ඈන්), විල් පැටන් (පෝල්) ඇතුළු පිරිසක්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව දෙසට…
1950 වසරේ ඇරඹී වසර තුනක් පුරාවට පැවතුණු උතුරු සහ දකුණු කොරියා යුධ සමයෙන් පසු කාලයේ ඇතිවන දුෂ්කරතා හේතුවෙන් ඇමරිකාවට සංක්‍රමණය වන දකුණු කොරියානු පවුලක සංක්‍රමණික ජීවිතයේ යම් කාල පරාසයක් තමයි චිත්‍රපටයට ඇතුලත් වෙන්නේ. ජේකොබ් සහ මොනිකා නම් මේ යුවලට තම දරුවන් වන ඈන් සහ ඩේවිඩ් සමග කැලිෆෝනියා ප්‍රාන්තය අත්හැර ආකන්සාස් ප්‍රාන්තය වෙත පදිංචියට පැමිණෙනවා ජීවිතය යම් ස්ථාවර තත්වයකට ගෙන ඒමේ අරමුණ සහිතව. ඒත් මේ ගමන පිලිබඳව මොනිකාගේ ඒතරම් සතුටක් නෑ. මේ අඩදබර අතරේ ඔවුන් තම ඇමරිකානු සිහිනය සැබෑ කරගන්නට කරනා අරගලයයි මේ චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ… එහෙනම් විටෙක විනෝදබර, විටෙක සංවේදී, මනබඳින රූපරාමුවලින් පිරි මේ අපූරු නිර්මාණය රසවිඳින ලෙසට ආරාධනා කරමින් මම නවතින්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. Web පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. WEB-SCR පිටපත්වලට එය නොගැලපෙන බවද සලකන්න.
විශේෂ :
♠ මෙහි ස්ටීවන් යුන් (ජේකොබ්) පලඳින රතු හිස්වැස්ම ඔහුට වයස 17දී ඔහුගේම මව විසින් තෑගි දුන් එකක් බව කියවෙනවා.
Download Links:
Download Direct පිටපත Download Torrent පිටපත Download Torrent පිටපත
Hasitha Prasad
Comments: 8
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Hashan
බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
ජය වේවා.! :punch::punch::punch:
Hasitha Prasad
:slight_smile:❤
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Hasitha Prasad
:slight_smile:❤
Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Kantha_DLA
Request :
Redemption Day (2021)
Horizon Line (2020)
Synchronic (2019)
Fatale (2020)
Pasindu
Ane mewa SRT dannako
Hasitha Prasad
Srt විදියට දාලා තියෙන්නෙ.