• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Miracles aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitle

Miracles aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitle

2022/09/27 at 1:52 pm
Rasika Samanjith
අහිංසක මැර නායකයා

                      ජැකී චෑන්ගේ චිත්‍රපට ප්‍රිය කරන, නිතරම අප සමඟ රැඳී සිටින රසිකයින් වෙනුවෙන්, පොඩි නිහැඩියාවකට පස්සෙ අදත් අරගෙන ආවා ජැකීගේම අධ්‍යක්ෂනයක් වුනු, ටිකක් සැඟවිලා වගේ තියෙන ලස්සන නිර්මාණයක්. ඒ කියන්නෙ ටිකක් හොයාගන්න අමාරුයි. කතාව ලියල තියෙන්නෙත් ජැකීමයි. ජැකීගේ අනන්‍යතාව වන කොමඩි සහ පට්ට සටන් ටිකකින් සමන්විත ෆිලුමක්. ජැකීම කියන විදිහට, ඔහු නිර්මාණය කල චිත්‍රපට අතරින් ජැකී වඩාත්ම ප්‍රියකරන චිත්‍රපටය. ඒ තමයි හොංකොං නිර්මාණයක් වන Miracles හෙවත් Mr Canton and Lady Rose. මුලින්ම තිරගත වුනේ 1989 ජුනි 15 දිනයි. Action, Comedy, Crime, Drama, Romance යන ශානරයන්ට අයිති වෙනවා. 6.9/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ලොව පුරා ප්‍රදර්ශනයේදී විවිධ රටවලදී විවිධ නම් වලින් ඉදිරිපත් වුනා. Kei zik ( ඔරිජිනල් නාමය ) Mr. Canton and Lady Rose ( හොංකොං ඉංග්‍රීසි නාමය ) The Canton Godfather ( ඕස්ට්‍රේලියාව ) Gangster ( පිලිපීනය ) Miracles:The Canton Godfather (එක්සත් රාජධානියේ වීඩියෝ නාමය ) Black Dragon (ඇමරිකා එක්සත් ජනපදය )

1990 වසරේ පැවති 9th Hongkong Film Awards සම්මාන උලෙළේදී සම්මාන 4 කට නිර්දේශ වූ අතර හොඳම සටන් නිර්මාණය වෙනුවෙන් ලැබෙන සම්මානය තමන් සතු කරගන්නට ජැකී චෑන්ගේ ස්ටන්ට් කණ්ඩායම සමත්වුනා. ඊට අමතරව 1989, Golden Horse Film Festival හී සම්මාන 5 කටද නිර්දේශ වුනා. හොංකොං ඩොලර් 34,036,029 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයා ගැනීමට සමත් වුනු "මිරකල්ස්" වෙනුවෙන් හොංකොං සිනමාවෙ ජනප්‍රිය නලු නිලි පිරිසකුත් එකතුවෙලා තියෙනවා. Jackie Chan සමග Anita Mui (ලෝ මින්ග්), Wu Ma (හොයි මාමා), Bill Tung (ටුන්ග්) සහ Richard Ng (ඉන්ස්පෙක්ට හෝ) රංගනයෙන් දායක වෙනවා. ආ... ඔයාලට මතක ඇති 2008 වසරේ ආපු ආක්ෂේ කුමාර් සහ කත්‍රිනා කායිෆ් රඟපෑ Sing is Kinng හින්දි චිත්‍රපටය. ඒකත් Miracles එකේ රීමේක් එකක් තමයි. කතාව කෙටියෙන් කියන්නම්. කතාවට පසුබිම් වෙන්නෙ 1930 වසරේ හොංකොං නගරය. චීනයේ සාමාන්‍ය පවුලක තරුණයෙක් වන චුන්-වා හොංකොං වලට එන්නෙ රස්සාවක් හොයාගෙන. ගොඩ බැහැපු දාම වංචාකාරයෙකුට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකත් නැතිවෙනවා. එදිනම හොංකොංහි ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් ඇතිවී එක කල්ලි නායකයෙක් මරණාසන්න තත්ත්වයට පත්වෙනවා. ඔහුව බේරගන්න මේ තරුණයත් ඔවුන්ට උදව් කරනවා. නමුත් ඔහු මිය යන අතර ඔහුගෙන් පසු කල්ලියේ නායකත්වයට චුන්-වා පත් කරගන්නවා. මෙසේ දෛවෝපගත ලෙස හොංකොංහී ප්‍රබලතම පාතාල කල්ලියක නායකයා ලෙස ඔටුනු පළදන මේ ග්‍රාමීය තරුණයාගේ අනාගතය කොහොම වෙයිද? ඔහු මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද? ඔරිජිනල් හොංකොං පිටපත විනාඩි 123 ක් දික්වූ අතර Extended Chinese පිටපත් විනාඩි 127 ක් වුනා. අන්තර්ජාතික පිටපත විනාඩි 102 කට සංස්කරණය වූ අතර ඔබට අපි ලබාදෙන්නේ, චීන භාෂාවෙන් වූ ඔරිජිනල් Extended පිටපතයි. එහෙනම් විනාඩි 127 පුරා දිගහැරෙන Mirales හෙවත් Mr Canton and Lady Rose බලමු.

Note : uptobox ලින්ක් වල අවුලක් තියෙනවා. ඒ නිසා mkvking සයිට් එකේ කොපිය බාගන්න. 

ජය වේවා.

QUALITY // 480p - 540mb // 720p - 1.1gb // 1080p - 2.4gb

SUB FORMAT // SRT // IDX TV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1055

Download Links:

BRRip 480P පිටපත 540 MB uptobox (Direct)
BRRip 720P පිටපත 1.1 GB uptobox (Direct)
BRRip 1080P පිටපත 2.4 GB uptobox (Direct)
Miracles: The Canton Godfather
  • 720p (bluray)
    979.81 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.78 GB
    Download Torrent
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 12Chrome 105

    පට්ටම සෑහෙන දවසකින් පට්ට ෆිල්ම් එකක්… තෑන්ක්ස් සබ් එකට සහෝ

    2022-09-28 at 4:27 am
    Reply
    • Rasika Samanjith Admin
      Android 10Chrome 102

      වචන ටිකට හද පුරා ස්තූතියි, සහෝ.

      2022-09-28 at 12:02 pm
  • Shamal Manojan User
    Windows 10Chrome 105

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න පුලුවන්ද?

    Dragon Fist – 1979
    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986

    2022-09-28 at 8:02 am
    Reply
    • Rasika Samanjith Admin
      Android 10Chrome 102

      අනිවාරෙන් කරමු. ටිකක් කාලය දෙන්න බ්‍රෝ.

      2022-09-28 at 12:03 pm
  • Udaya prasanna.... Unregistered User
    Android 11Chrome 104

    ඔයා දෙන පරණ ෆිල්ම් ටික සුපිරි බ්‍රෝ ජයෙන් ජය වේවා….

    2022-10-01 at 2:53 am
    Reply
  • Rasika Samanjith Admin
    Android 10Chrome 102

    අලුත් ඒවා නම් හැම තැනම තියෙනවනෙ, උදය .

    2022-10-02 at 12:21 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms