Money Plane (2020) Sinhala Subtitle

November 08, 2020 Admin
Subtitle by Rasika Samanjith

 

                       MONEY PLANE – අහස් කැසිනෝව
                     එජ් ( Edge ) කියන්නෙ රෙස්ලින් ක්‍රීඩාව ප්‍රිය කරන, නරඹන ඕනෑම කෙනෙක් දන්න නමක්. සම්පූර්ණ නම කිව්වොත් Adam Joseph Copeland. කැනේඩියානු ජාතික වෘත්තීමය රෙස්ලින් ක්‍රීඩකයෙක් වගේම රංගන ශීල්පියෙක්. ඒත් දැන් නම් ආබාධයක් හේතු කොටගෙන රෙස්ලින් වලල්ලෙන් අයින් වෙලා ඉන්නෙ. ඔහු රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක් 20202 ජුලි 10 දින නිකුත් වුනා. ඒ තමයි Money Plane. ඇමරිකන් ෆිලුමක්. ධාවන කාලය විනාඩි 82 යි. Action ගණයට තමයි වැටෙන්නෙ. IMDb අගය 4.6/10 ක් ලබාගෙන තියෙනවා. Adam Copeland සමඟ Kelsey Grammer (ඩේරියස්), Thomas Jane (හැරී), Katrina Norman (ඉසබෙලා) සහ සුරූපි Denise Richards චරිත නිරූපනයේ යෙදෙනවා.

                    මේකත් කොල්ලයක් පිළිබඳ කතාවක්. ජැක් රීස් සූදූ අන්තුවෙක්. සූදුවෙන් පැරදීම නිසා ඔහු විශාල මුදලක් නරකම මිනිස්සුන්ට ණයයි. ඩේරියස් කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු එම ණය ගෙවා දමා ජැක් තමා යටතට පත් කරගන්නවා. ඉතා වටිනා චිත්‍රයක් කෞතුකාගාරයෙන් හොරකම් කිරීමේ වැඩක් ඩේරියස්, ජැක්ට පවරනවා. ඒ සඳහා ගිය විට චිත්‍රය එහි නොතිබෙන අතර ජැක් සහ ඔහුගේ කණ්ඩායම මාට්ටු වෙනවා. ඒත් ඔවුන් බේරිලා එනවා. එතන යම් අසාමාන්‍ය දෙයක් තිබූ බව ඔවුන්ට දැනෙනවා. ඒත් ඒ ගැන හිතන්නට පෙර, කෞතුකාගාර වැඩේ අසාර්ථක වීම නිසා කෝපයෙන් සිටින ඩේරියස්, ජැක්ට තවත් බෙල්ල ගහලා යන වැඩක් පවරනවා. ඒ තමයි “මනි ප්ලේන්” ලෙස හැඳින්වෙන ගුවන් යානයක් කොල්ලකෑම. එම ගුවන් යානය සම්පූර්ණයෙන්ම කැසිනෝ එකක්. ලෝකයේ ඉහළම පෙලේ වැජඹෙන භයානක අපරාධකරුවන් පිරිසක් විසින් තමයි ඒක පවත්වගෙන යන්නෙ. කිසිම රජයකින් අල්ලන්න බෑ. මොකද සෑමවිටම තියෙන්නෙ අන්තර්ජාතික ගුවන් සීමාවෙ. මුදල් බිලියන ගනනින් එහි හුවමාරු වෙන අතර අවශ්‍ය සෑම ආකාරයේම සුඛෝපභෝගි සැප සම්පත් එහිදී ලබාගන්න පුලුවන්. මෙවැනි වැඩ වලින් ඈත්වී තම පවුල සමඟ නිදහසේ ජීවත් වීමට අදහස් කරගෙන සිටින ජැක් මෙයට අකමැති වුවත්, ඩේරියස්ට ඇති ණය නිසා ඔහුට මේක කරන්නම වෙනවා. තමාගෙ සියලු ණය පියවා දැමිය යුතුය යන එකඟතාවය මත, තමාගෙ අවසන් වැඩය ලෙස ජැක් මෙය බාරගන්නවා. ඔය කිව්වෙ මුල විතරයි. ඔවුන් මේ වැඩේ කොහොම කරාවිද? කෞතුකාගාරයයේ රහස මොකක්ද? චිත්‍රයට මොකද වුනේ? ෆිල්ම් එක බලමු.      ජය වේවා.

BRRip / 720p / 1080p

Available Torrents
720p bluray 753.93 MB
1080p bluray 1.51 GB
720p web 753.02 MB
1080p web 1.51 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search