Motherless Brooklyn (2019) Sinhala Subtitle

February 03, 2020 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ පසුගිය වසරේ අගභාගයේ නිකුත්වුන තවත් හොලිවුඩ් චිත්‍රපටයක උපසිරැසිය රැගෙනයි. එඩ්වඩ් නෝටන් නම් අතිදක්ෂ රංගන ශිල්පියාගේ තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන්ද හැඩවුණු මේ චිත්‍රපටය Motherless Brooklyn (2019). මෙය අපේ Kantha සහෝදරයා කල ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. ඒ නිසා ස්තූතිය ඔහුටයි මුලින්ම. චිත්‍රපටය ගැන කියනවනම් මෙය ජොනතන් ලෙතම් නම් ඇමරිකානු ජාතික ලේඛකයා විසින් 1999 වසරේදී ලියා පළකල මෙනමින්ම යුත් නවකතාවක් පාදක කරගෙනයි නිර්මාණය වෙන්නෙ.

ලේඛක ජොනතන් ඇලන් ලෙතම්

පොතේ පිටකවරය

IMDB අඩවියෙන් 6.9ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 62% ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 60%ක අගයක්ද ලබාගෙන අති මේ චිත්‍රපටය පසුගියදා නිමාව දුටු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මානයකටද නිර්දේශව තිබුණා, ඊට අමතරව තවත් එක් සම්මානයක්ද මෙය දිනාගෙන තිබෙනවා. අපරාධ, නාට්‍යමය, අභිරහස් යන තුන් වර්ගයට අයත් මෙය පැය දෙකකුත් මිනිත්තු විසි හතරක ධාවන කාලයකින් යුක්තයි. රංගනයෙන් දායක වන්නේ එඩ්වඩ් නෝටන් (ලයනල් එස්රොග්), බෲස් විලීස් ( ෆ්‍රෑන්ක් මිනා), ගුගූ ම්බතා-රෝ ( ලෝරා රෝස්), ඇලෙක් බෝල්ඩ්වින් ( රැන්ඩොල්ෆ්), විලියම් ඩැෆෝ ( පෝල්), බොබී කැනවල් ( ටෝනි), ඊතන් සප්ලී ( කෝනි), චෙරී ජෝන්ස් ( හොරොවිට්ස්), ඩලාස් රොබට්ස් ( ඩැනී ෆැන්ට්ල්), ජෝ පේස්( විලියම් ලිබර්මන්), පීටර් ග්‍රේ ලුවිස් ( නගරාධිපති).. ඇතුළු පිරිසක්.

මෙය එඩ්වඩ් නෝටන්ගේ දෙවන අධ්‍යක්ෂණය වන අතර ඔහු අධ්‍යක්ෂණය කල මුල්ම චිත්‍රපටය වන්නේ 2000 වසරේදී තිරගතවූ Keeping the Faith චිත්‍රපටයයි. එසේම මේ Motherless Brooklyn චිත්‍රපටය නිමැවෙන්නේ නවකතාවක් ඇසුරින් වුවත් එයට ඇමරිකාවේ බෲක්ලින්හි සිදුවූ සත්‍ය සිදුවීම් යම් අයුරකින් අදාලයි. මෙහි එන රැන්ඩොල්ෆ් චරිතය, ඔහුගේ අත්තනෝමතික සංවර්ධන වැඩපිලිවෙල්, ඩොජර්ස් බේස්බෝල් කණ්ඩායම බෲක්ලින් අත්හැර ලොස් ඇන්ජලීස් වෙත යාම, හැරොවිට්ස් චරිතය වැනි යම් යම් දේ සත්‍ය ඒවා වන අතර, ඒවායේ විස්තර ලිපියේ සඳහන් කල නොහැක්කේ එය චිත්‍රපටයේ රසවින්දනයට සෘජුවම බාධාවක් වන බැවිනි.

කෙසේ හෝ චිත්‍රපටය නැරඹීමේදී ඔබට වැදගත්ම වන දේ තමයි මෙහි ලයනල් එස්රොග් චරිතයේ ආබාධ තත්වය ගැන දැනගෙන සිටීම. එය හැඳින්වෙන්නේ Tourette syndrome ( ටුරෙට් සින්ඩ්‍රෝමය) නමින්.ස්නායුමය ආබාධ තත්වයක් වන මෙය අදාල තැනැත්තාගේ පාලනයකින් තොරව ශබ්ද වචන කටින් පිටවීම, ටික්ස් (Tics) ලෙස හඳුන්වන මාංශපේශී චලන ඇතිකරන්නක්. ඒ නිසාම චිත්‍රපටය නරඹද්දි ඔබට දකින්නට ලැබෙයි ඔහුගෙන් ඒ ආකාරයට විවිධ වචන කටින් පිටවෙන ආකාරය, මේවා සමහර තැන්වල කතාවට ගැලපිය හැකි ලෙස පරිවර්තනය කල හැකි වුවත් යම් තැන්වල එසේ කල නොහැකි නිසා ඒවා හිස්ව තබා තිබෙනවා උපසිරැසිය තුල. කෙසේ හෝ මේ ටුරෙට් සින්ඩ්‍රෝමය ඇමරිකාව තුල අඩු වැඩි වශයෙන් බොහෝ පිරිසක් තුල දක්නට ලැබෙන බව කියවෙන අතර ඒ වෙනුවෙන්ම වූ සංගමයක්ද තිබෙනවා Tourette Association of America නමින් ( නම මත ක්ලික් කිරීමෙන් ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත පිවිසිය හැක). පෙර සඳහන් කල ද්විත්වයට අමතරව මෙහි රෝග ලක්ෂණ බොහෝ තිබෙන අතර, එයින් කීපයක් චිත්‍රපටය තුල දැකිය හැකියි. ටුරෙට් සංගමය මගින් සකසා ඇති මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට මෙම ආබාධය ගැන වැඩිදුර විස්තර දැනගත හැක. එහි අදහස් පලකරන රෝගීන්ගේ ඉරියව් දෙස හොඳ අවධානයෙන් නරඹන්න. මෙහි ඇති අවාසනාවන්තම තත්වය මෙයට ස්ථිර ප්‍රතිකාරයක් නැති වීමයි.

ඊට වඩා විශේෂයෙන් කියන්නට යමක් නැති නිසා අපි දැන් යමු කතාව පැත්තට…

1950 වසරේ නිව්යෝක්… ටුරෙට් සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳින පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වන ලයනල් එස්රොග් සේවය කරන්නේ තම කුඩාකල මිතුරන් පිරිසකගේ එකතුවෙන් හැදුණු L&L රහස් පරීක්ෂක හා රථ වාහන කුලී පදනම මත සපයන ආයතනයක. ආබාධයකින් පීඩා වින්දත් ඔහුට තිබෙනවා විශේෂ හැකියාවක්, ඒ තමයි තමන් එදිනෙදා අසන දකින සියලු දේ සවිස්තරාත්මකව මතකයේ තබාගැනීමේ හැකියාව. ඔහුගේ මේ දක්ෂතාවය මේ රහස් පරීක්ෂක ආයතනයට ඉතාම වැදගත් වුවත්, ඔහුගේ ආබධය නිසා ක්ෂේත්‍ර රාජකාරිවලින් ඈත්වයි ඔහු සිටින්නේ. දිනක් ඔහුගේ මිතුරා මෙන්ම උපදේශකවරයා අභිරහස් ලෙස ඝාතනය වනවා. එය විසඳීමේ රාජකාරිය බාරගන්නා ඔහුගේ විමර්ශනය ඇදෙන්නේ ඔහු සිතන පැත්තකට නෙමෙයි… ඉතිරිය නරඹන ඔබට බාරයි, එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්. චිත්‍රපටය ආරම්භ වන්නේම මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ Measure for Measure නාට්‍යයේ එන ඉතාම වැදගත් මෙන්ම සදාකාලිකව වලංගු වාක්‍ය කණ්ඩයකින්…

” යෝධයකුගේ ශක්තිය තිබීම අගනේය….
එනමුත් එය යෝධයකු මෙන් භාවිත කිරීම ආඥාදායකය.”

උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Available Torrents
720p bluray 1.25 GB
1080p bluray 2.49 GB
720p web 1.25 GB
1080p web 2.49 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (11)
  • mr.unknown Unregistered
    Windows 10 Chrome 79

    Docter Sleep eke sun ekath denna ikanata 🙂

  • sampath Unregistered
    Windows 7 Firefox 72

    thnx machan

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • mithun Unregistered
    Android 8 Chrome 79

    මෙකට සබ් වැටෙයි කියල හිතුවෙ නැ thanks !!

  • Mithun Unregistered
    Android 8 Chrome 79

    අම්මො. හරී අමාරුවෙන් බලල ඉවර කලා.😁 මට නම් මෙක වැඩි සෙට් උන් නෑ, එඋනත් ශර්ලොක් හොම්ස් පෑන්ස්ලාට සෙට් වෙයි.. එයාලට හරියන මුවී එකක්.. 😊

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72

      ටිකක් දිග වැඩියි වගේ නේ? මටත් තේරුණා එහෙම එකක්.

    • Mithun Unregistered
      Android 8 Chrome 79

      සැහෙන මහන්සි වෙලා තියෙනවා සබ් එක දන්න. එකට ස්තුතියි !!!, සෑහෙන ලයින් ගනක් තියෙන්න ඇති.! ෆිල්ම් එක පැහැදිලි මනසකින් බලන්න ඔන! තෙරුම් ගන්න. ❤

  • hashan_2 User
    Android 9 Chrome 79

    Thanxxxxxxxxxxxxxxxxxxxx

  • Rihan Unregistered
    Android 9 Chrome 80

    Machan puluvannam El chapo season 3 ake subtitles aka dipan.loku pinak bn

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    The Skin I Live In (2011) film එකට සබ් දෙන්න පුළුවන්ද Hasitha 😊😊

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search