Trending

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ රුඩ්යාඩ් කිප්ලිං (1865-1936) නම් බ්‍රිතාන්‍ය කෙටිකතා ලේඛකයාගේ The Jungle Book (1894) නම් කෙටි කතා එකතුව ඇසුරින් නිර්මාණය වුණ Mowgli: Legend of the Jungle (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මෙහි උපසිරැසි කිරීම පටන්ගත්තෙ අද උදේ වුණත් ඒතරම් ලයින් ප්‍රමාණයක් නොතිබුණ නිසා අද දවස ඇතුලත අවසන් කරගන්න පුළුවන් වුණා. ඉල්ලීම මිතුන් සහෝදරයගෙ නිසා ඔහුටත් බොහොම ස්තූතියි. ඔබ දැනටමත් දන්නවා ඇති මෙහි ලේඛක රුඩ්යාඩ් කිප්ලිං මහතා ඉන්දියාවේ උපන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

ඒ නිසාම ඔහුගේ කෙටිකතා නිර්මාණ බොහොමයක් ඉන්දියානු වටපිටාව ඇසුරු කරගත් ඒවා. ඒ අතරින් මේ මෞග්ලීගේ කතාව එහෙමත් නැත්නම් The jungle book විශේෂ තැනක් ගන්නවා. ඉතින් ඒ ඇසුරින් තමයි මේ Mowgli: Legend of the Jungle (2018) චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මෙය ඇත්තටම 2016 වසරේ තිරගත වෙන්නට තිබුණ නිර්මාණයක් වුණත් ඒ වසරේදීම තිරගතව අතිශය ජනප්‍රියත්වයට පත් ඩිස්නි සමාගමේ The Jungle Book(2016) චිත්‍රපටය නිසා මෙය තිරගත කිරීම පසුවට කල්තබන්නට වෝනර් බ්‍රදර්ස් ආයතනය තීරණය කරනවා. කෙසේ හෝ අවසානයේ නෙට්ෆ්ලික්ස් සමාගම වෙත විකුණා දැමූ මෙය නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වුණා පසුගිය දෙසැම්බර් 7 වනදා. මේ The Jungle Book ඇසුරින් නිර්මාණය වුණු බොහෝ නිර්මාණ මුල් කෘතියෙන් මදක් බැහැරව කුඩා දරුවන්ම ඉලක්ක කරගෙන සෑදුණු ඒවා වුණත් මෙය එසේ නොවෙයි. ඒ බව අධ්‍යක්ෂ ඇන්ඩි සර්කිස් මහතාම වරක් පවසා තිබුණා සම්මුඛ සාකච්ඡාවකදී.

IMDB අගය 6.8ක්ද, Rotten Tomatos වෙතින් 54%ක අගයක්ද, මෙටාක්‍රිටික්ස් වෙතින් 55% අගයක්ද (මේ වනවිට) ලබා ඇති මෙයට තව හඬ දායකත්වය ලබාදෙන්නේ ක්‍රිස්ටියන් බේල් (භගීරා), කේට් බ්ලැන්චට් (කා), බෙනඩික්ට් කම්බර්බැච් (ෂේර් ඛාන්), නයීමො හැරිස් (නීෂා), ඇන්ඩි සර්කිස් (බාලූ), පීටර් මලන් (අකීලා), ජැක් රෙනෝර් (බ්‍රදර් වුල්ෆ්), එඩී මාසන් (විහාන්), ටොම් හොලන්ඩර් (ටබාකි) ඇතුළු පිරිසක්. ඊට අමතරව මෞග්ලී ලෙස ඉන්දීය ලමා නළු රොහාන් චාන්ද් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ කතාව ගැනනම් මම හිතන්නෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ ගොඩක් අය දන්නවා මේ කතාව. එය ටිකක් වෙනස් කෝණයකින් බලන්න විතරයි තියෙන්නෙ. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්!

Human child Mowgli is raised by a wolf pack in the jungles of India. As he learns the often harsh rules of the jungle, under the tutelage of a bear named Baloo and a panther named Bagheera, Mowgli becomes accepted by the animals of the jungle as one of their own, but the fearsome tiger Shere Khan doesn’t take a liking to him. But there may be greater dangers lurking in the jungle, as Mowgli comes face to face with his human origins.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 900.65 MB x264
▲11 · ▼0
Magnet GET
1080p web 1.69 GB x264
Discussion (11)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 55

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    Sabtitel ekata thank saho____

  • Silent$ Unregistered
    Windows 7 Chrome 70

    Thnxxxxxxxxxxx

  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි සහෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Firefox 57
  • Madusha Unregistered
    Windows 10 Opera 55

    බොහොම ස්තූතියි සහෝජය වේවා!

    • යසිත් Unregistered
      Android 4.4 Chrome 74

      ස්තූතියි මිත්‍රයා ඔබට ජය වෙවා

  • Subashana Lakshan User
    Android 7 UC Browser 12.9

    Good job ..💪💪💪🔥

  • Subashana Lakshan User
    Android 7 UC Browser 12.9

    NIce…😋🙂

  • DInuka Unregistered
    Android 10 UC Browser Turbo 1.7

    Download wen nena ei
    ei

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 75

      @දිනුක :- දැන් හරි. ලින්ක් අප්ඩේට් කලා.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search