Mr. Nice Guy (1997) Sinhala Subtitle
හැමෝම හොඳින් කියල, මේ වතාවෙ අරගෙන ආවෙත් ජැකීගෙම ෆිල්ම් එකක් තමයි, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න බාරගත්තෙ විශේෂ ඉල්ලීමක් නිසා, මොකද මේ ෆිල්ම් එකට WEBRip ෆයිල් එකක් නිකුත් උනේ මේ ළඟදි, RARBG වෙබ් අඩවියෙන් තමයි නිකුත් කරල තියෙන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් කවුරුත් බලල නැති නිසා ආයෙ වතාවක් බලන්න හිතුන, ජැකීගෙ සුපිරි වැඩ තියෙන ලස්සන ෆිල්ම් එකක්, කොහොම හරි ෆිල්ම් එක නිදහස් උනේ 1996 අවුරුද්දෙ, පෙබරවාරි මාසෙ 1 වෙනිද, දකුණු කොරියාවෙදි තමයි ප්‍රථම වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 92% ලැබිල, IMDB අගය 6.2 ක් කියල සඳහන් වෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sammo Hung කියන අධ්‍යක්ෂකවරයා, ඔහු සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.
ෆිල්ම් එකේ හැටියට ජැකී ඉවුම් පිහුම් පැඩසටහන කරගෙන යන කෙනෙක්, කොහොම හරි එයා එයාගෙ රැකියාව කරගෙන යන අතරෙ නගරයේ ඉන්නවා අපරාධ කල්ලි දෙකක්, එයාල කරන්නෙ කොකේන් ව්‍යාපාරයක්, දවසක් එයාල කොකේන් ගනුදෙනුවක් කරන අතරෙ මාධ්‍ය වේදිනියක් ඒ සිද්ධිය වීඩියෝ කරනවා, ගනුදෙනු කරන අය අන්තිමේදි දැනගන්නවා එයාලගෙ ගනුදෙනුව වීඩියෝ කරපු බව, ඒ වෙලාවෙ මාධ්‍ය වේදිනිය බේරගන්නෙ ජැකී, කොහොම හරි ගනුදෙනු කරපු වීඩියෝ එක ජැකීගෙ කාර් එකේ බැරි වෙනවා, අපරාධකරුවන් මාධ්‍ය වේදිනියගෙ ගෙදර එනවා, වීඩියෝ ටේප් එක අරගෙන යන්න, එයා එතනින් බේරිලා එන්නෙ ජැකීව හම්බ වෙන්න, ඊට පස්සෙ අපරාධකල්ලි දෙකම ජැකීව ලුහුබඳිනවා, ඊට පස්සෙ ජැකීට සිද්ධ වෙනවා අපරාධකල්ලි දෙකට විරුද්ධව සටන් කරන්න, අපි බලමු ජැකීගෙ මේ ෆිල්ම් එක මොන විදිහට සිද්ධ වෙයිද කියල, ජැකීගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම දෙනාට ජය වේවා!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
බොහොම ස්තූතියි සහෝ, දිගටම සබ් දෙමු…!
ජැකීගෙ ෆිල්ම් එකක් කියන්නෙ ඉතින් සුපිරි තමයි,උපසිරැසියට බොහොම ස්තූතියි දිනූෂ සහෝ…!
Thanks, bro..! obata jaya…!!
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
නියමයි සහෝ, දිගටම සබ් දෙමු..!!
සබ් එක සුපිරිම කරල තියෙනවා, ඔබට ජය..!!