[ අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray EXTENDED ( ධාවන කාලය පැය 2:35) පිටපත් සඳහා පමණක් ලබාදී ඇති උපසිරැසිය ගැලපෙන බව කරුණාවෙන් සලකන්න]
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ රසික ඉල්ලිමක් ඉෂ්ට කරමිනුයි. අපේ හෂාන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල Mr.Nobody (2009) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. ඔහුට මුලින්ම ස්තූතිය මේ චිත්‍රපටය ගැන දැනුම් දුන්නට, මොකද මමත් මේක නරඹල තිබුණෙ නෑ.
ජීවිතය...
අප ජීවිතය තුලදී බොහෝ තේරීම් කරන්නේය..
විටෙක අධ්‍යාපනයේදීය..
විටෙක රැකියාවක් තෝරාගැනීමේදීය...
යම් විටෙක ප්‍රේමයක් තෝරාගැනීමේදීය....
යම් විටෙක ජීවන සහකරු හෝ සහකාරිය තෝරාගැනීමේදීය...
ඒ අතරේදී යම් විටෙක මේ තේරීම්වලදී අප උභතෝකෝටික අවස්ථාවන්ට පත්වන්නේය...
දෙමාපියන්ගෙන් අයෙක් තෝරාගන්නට වන අවස්ථාද ඇත්තේය..
කෙසේ හෝ ජීවිතයේ තමන් අත්හල තේරීම් සිදුකලේනම් ජීවිතය කෙසේවේදැයි නිකමටවත් සිතා තිබේද?
මේ Mr.Nobody චිත්‍රපටයත් අප හමුවට එන්නෙ ඒ වගේ කතාවක් අරගෙන, නමුත් යම් විද්‍යා ප්‍රබන්ධ පසුබිමකුත් තිබෙනවා. IMDb වෙතින් 7.8ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 67%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 63%ක අගයක්ද ලබා ඇති මේ නාටයමය, ෆැන්ටසි, විද්‍යා ප්‍රබන්ධ යන තුන්වර්ගයට අයත් මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ යාකෝ වැන් ඩෝමල් ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්. බෙල්ජියම් චිත්‍රපටයක් වුවත් නිපදවා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ජෙරඩ් ලෙටෝ ( වැඩිහිටි හා තරුණ නීමෝ), සාරා පොලී ( වැඩිහිටි එලීස්), ඩයෑන් කෲගර් (වැඩිහිටි ඇනා), ලින් ඩැන් පැම් (වැඩිහිටි ජීන්), රයිස් ඉෆාන්ස් (නීමෝගේ පියා), නතාෂා ලිට්ල් (නීමෝගේ මව) වැනි පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට...
වර්ෂය - 2092
ප්‍රධාන චරිතය - මිස්ට. නීමෝ නෝබොඩි
වයස - අවුරුදු 117යි, 118වන උපන්දිනය ලබන්නට ආසන්නයි
මේ වනවිට තාක්ෂණය අතින් අතිශය දියුණුවක් ලබාසිටින මිනිසා මරණයද රවටා හමාරයි. ඒ ටෙලොමරයිසකරණය (Telomerization) එනම් සිරුරේ ක්ෂයවීයන සෛල නැවත සිරුරට ඇතුල්කිරීම මගින් අර්ධ- අමරණීයත්වය (Quasi- Immortality) අත්පත් කරගන්නට මිනිසා සමත්ව ඇති නිසා. අපේ කථානායක මිස්ට. නෝබොඩිනම් එයට අදාල නෑ, ඒ ඔහු මේ ටෙලොමරයිසකරණයට ලක්ව නැති නිසා. ඒ කියන්නෙ පෘතුවියේ වෙසෙන අවසන් මියෙන (Mortal) මිනිසා ඔහුයි. (ඔහු ටෙලොමරයිසකරණයට ලක්වී නොමැති හේතුව පැහැදිලි කිරීමක් නොකෙරෙතත්, එය හඳුන්වාදෙනවිට ඔහු එය කලහැකි වයස් සීමාව ඉක්මවා සිටින්නට ඇතැයි අපිට අනුමාන කල හැකියි). කෙසේ හෝ 118වන උපන්දිනයට පා තැබීමට ආසන්නව සිටින ඔහු මේ වනවිට තම පරපුරේ සියල්ලන් ඉක්මවා දීර්ඝායුෂ ලැබූවෙක්. මේ කාරණා නිසාම අති විශේෂ පුද්ගලයෙකු සේ සැලකෙන ඔහුව අප දකින්නේ රෝහල් කාමරයක ප්‍රතිකාර ලබමින් සිටින්නෙකු ලෙස වන අතර වයසත් සමගම ඔහුගේ මතකයද බොහෝ දුරට ඔහුව හැරදමා ගිහින්. මාධ්‍යයන්ද ඔහුගේ මරණය සජීවීව ලොව පුරා නරඹන්නන් වෙත විකාශය කිරීමටයි සිටින්නේ. ඒත් ඊට පෙර ඔහුගේ සැබෑ අතීතය සොයාගැනීමයි වෛද්‍යවරුන්ගේ අරමුණ. ඔවුන් ඊට විවිධ උත්සාහයන් ගන්නවා.මේ අතරේ ඔහුව හමුවීමට එනවා මාධ්‍යවේදියෙක්.. තම අතීතයේ යම් යම් කොටස් අපිලිවෙලට ඔහු වෙත ඉදිරිපත්කිරීමක් ලෙසයි අප මෙය දකින්නේ. කෙසේ වෙතත් එයත් පහසු කාර්යයක් නොවන්නේ ඔහුට ජීවන කාල මතකයන් එකකට වඩා තිබීමයි... ජීවිතයේ ගන්නා තේරීම් හා එයින් ඇතිවෙන වෙනස්කම් අනුමාන කිරීමක් ලෙසද පෙනෙන නිසා අප ඒ දකින දේවලින් සත්‍යය කුමක්දැයි හෝ එයින් එකක්වත් සත්‍යදැයිවත් නිසිලෙස තෝරාබේරාගැනීම පහසු නෑ. මෙය ලොව පුරා බොහෝ කතාබහට ලක්වුණ, විවිධ අය විවිධ ආකාරයට අර්ථ දක්වන එකක් නිසා, නිදහස් මනසකින් නරඹා තමන්ගේ මතයකට ඒම තමයි කරන්නට පුළුවන් පහසුම දේ. එහෙනම් එතනින් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්.
Spoiler Alert: චිත්‍රපටයේ ටයිම් ලයින් එක නොවැටහුණු අය මේ රූපය බලන්න
රූපය TaylorHolmes.comහි ලිපියකින් උපුටාගත්තකි




Android 9Chrome 78
බොහොම ස්තුතියි…
Android 9Opera 46
thanks for the sub