Mr. Nobody (2009) Sinhala Subtitle

/

 

[ අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray EXTENDED ( ධාවන කාලය පැය 2:35) පිටපත් සඳහා පමණක් ලබාදී ඇති උපසිරැසිය ගැලපෙන බව කරුණාවෙන් සලකන්න]

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ රසික ඉල්ලිමක් ඉෂ්ට කරමිනුයි. අපේ හෂාන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල Mr.Nobody (2009) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. ඔහුට මුලින්ම ස්තූතිය මේ චිත්‍රපටය ගැන දැනුම් දුන්නට, මොකද මමත් මේක නරඹල තිබුණෙ නෑ.


ජීවිතය…

අප ජීවිතය තුලදී බොහෝ තේරීම් කරන්නේය..

විටෙක අධ්‍යාපනයේදීය..

විටෙක රැකියාවක් තෝරාගැනීමේදීය…

යම් විටෙක ප්‍රේමයක් තෝරාගැනීමේදීය….

යම් විටෙක ජීවන සහකරු හෝ සහකාරිය තෝරාගැනීමේදීය…

ඒ අතරේදී යම් විටෙක මේ තේරීම්වලදී අප උභතෝකෝටික අවස්ථාවන්ට පත්වන්නේය…

දෙමාපියන්ගෙන් අයෙක් තෝරාගන්නට වන අවස්ථාද ඇත්තේය..

කෙසේ හෝ ජීවිතයේ තමන් අත්හල තේරීම් සිදුකලේනම්
ජීවිතය කෙසේවේදැයි නිකමටවත් සිතා තිබේද?

මේ Mr.Nobody චිත්‍රපටයත් අප හමුවට එන්නෙ ඒ වගේ කතාවක් අරගෙන, නමුත් යම් විද්‍යා ප්‍රබන්ධ පසුබිමකුත් තිබෙනවා. IMDb වෙතින් 7.8ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 67%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 63%ක අගයක්ද ලබා ඇති මේ නාටයමය, ෆැන්ටසි, විද්‍යා ප්‍රබන්ධ යන තුන්වර්ගයට අයත් මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ යාකෝ වැන් ඩෝමල් ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්. බෙල්ජියම් චිත්‍රපටයක් වුවත් නිපදවා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ජෙරඩ් ලෙටෝ ( වැඩිහිටි හා තරුණ නීමෝ), සාරා පොලී ( වැඩිහිටි එලීස්), ඩයෑන් කෲගර් (වැඩිහිටි ඇනා), ලින් ඩැන් පැම් (වැඩිහිටි ජීන්), රයිස් ඉෆාන්ස් (නීමෝගේ පියා), නතාෂා ලිට්ල් (නීමෝගේ මව) වැනි පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…

වර්ෂය – 2092

ප්‍රධාන චරිතය – මිස්ට. නීමෝ නෝබොඩි

වයස – අවුරුදු 117යි, 118වන උපන්දිනය ලබන්නට ආසන්නයි

මේ වනවිට තාක්ෂණය අතින් අතිශය දියුණුවක් ලබාසිටින මිනිසා මරණයද රවටා හමාරයි. ඒ ටෙලොමරයිසකරණය (Telomerization) එනම් සිරුරේ ක්ෂයවීයන සෛල නැවත සිරුරට ඇතුල්කිරීම මගින් අර්ධ- අමරණීයත්වය (Quasi- Immortality) අත්පත් කරගන්නට මිනිසා සමත්ව ඇති නිසා. අපේ කථානායක මිස්ට. නෝබොඩිනම් එයට අදාල නෑ, ඒ ඔහු මේ ටෙලොමරයිසකරණයට ලක්ව නැති නිසා. ඒ කියන්නෙ පෘතුවියේ වෙසෙන අවසන් මියෙන (Mortal) මිනිසා ඔහුයි. (ඔහු ටෙලොමරයිසකරණයට ලක්වී නොමැති හේතුව පැහැදිලි කිරීමක් නොකෙරෙතත්, එය හඳුන්වාදෙනවිට ඔහු එය කලහැකි වයස් සීමාව ඉක්මවා සිටින්නට ඇතැයි අපිට අනුමාන කල හැකියි). කෙසේ හෝ 118වන උපන්දිනයට පා තැබීමට ආසන්නව සිටින ඔහු මේ වනවිට තම පරපුරේ සියල්ලන් ඉක්මවා දීර්ඝායුෂ ලැබූවෙක්. මේ කාරණා නිසාම අති විශේෂ පුද්ගලයෙකු සේ සැලකෙන ඔහුව අප දකින්නේ රෝහල් කාමරයක ප්‍රතිකාර ලබමින් සිටින්නෙකු ලෙස වන අතර වයසත් සමගම ඔහුගේ මතකයද බොහෝ දුරට ඔහුව හැරදමා ගිහින්. මාධ්‍යයන්ද ඔහුගේ මරණය සජීවීව ලොව පුරා නරඹන්නන් වෙත විකාශය කිරීමටයි සිටින්නේ. ඒත් ඊට පෙර ඔහුගේ සැබෑ අතීතය සොයාගැනීමයි වෛද්‍යවරුන්ගේ අරමුණ. ඔවුන් ඊට විවිධ උත්සාහයන් ගන්නවා.මේ අතරේ ඔහුව හමුවීමට එනවා මාධ්‍යවේදියෙක්.. තම අතීතයේ යම් යම් කොටස් අපිලිවෙලට ඔහු වෙත ඉදිරිපත්කිරීමක් ලෙසයි අප මෙය දකින්නේ. කෙසේ වෙතත් එයත් පහසු කාර්යයක් නොවන්නේ ඔහුට ජීවන කාල මතකයන් එකකට වඩා තිබීමයි… ජීවිතයේ ගන්නා තේරීම් හා එයින් ඇතිවෙන වෙනස්කම් අනුමාන කිරීමක් ලෙසද පෙනෙන නිසා අප ඒ දකින දේවලින් සත්‍යය කුමක්දැයි හෝ එයින් එකක්වත් සත්‍යදැයිවත් නිසිලෙස තෝරාබේරාගැනීම පහසු නෑ. මෙය ලොව පුරා බොහෝ කතාබහට ලක්වුණ, විවිධ අය විවිධ ආකාරයට අර්ථ දක්වන එකක් නිසා, නිදහස් මනසකින් නරඹා තමන්ගේ මතයකට ඒම තමයි කරන්නට පුළුවන් පහසුම දේ. එහෙනම් එතනින් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්.

Spoiler Alert: චිත්‍රපටයේ ටයිම් ලයින් එක නොවැටහුණු අය මේ රූපය බලන්න

රූපය TaylorHolmes.comහි ලිපියකින් උපුටාගත්තකි

7.8
IMDB

Year : 2009

Actors : Jared Leto, Sarah Polley, Diane Kruger, Linh Dan Pham

A boy stands on a station platform as a train is about to leave. Should he go with his mother or stay with his father? Infinite possibilities arise from this decision. As long as he doesn't choose, anything is possible.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1788
  • File Size : 36.471KB
  • Sub Update :2020-07-14
  • ඉනුක විජේරත්න User
    Windows 10Chrome 80

    මාත් මේක බලන්න ආසාවෙන් හිටියේ. දැන් බලන්න පුළුවන්.
    ස්තූතියි.

    2020-04-07 at 3:10 pm
  • Janith Unregister User
    Android 10Chrome 80

    Thnks subtitles ekata…Aiye Bloodshot(2019) subtitles ekath karamu ekath fatta

    2020-04-07 at 4:53 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි හසිත සහෝ 😊👍.. මේ subzlk site එකෙන් ඉටුකරපු තුන්වෙනි ඉල්ලීම සහ මගෙ ඉල්ලීමට හසිත සහෝ ඔයාම උපසිරසි ලබාදෙන දෙවනි චිත්‍රපටය 😊😊 ආයෙත් පාරක් බොහොම ස්තුතියි කියනව හසිත සහෝදරයා 👊👊👊..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    2020-04-07 at 5:15 pm
  • MAALNATH Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………….good luck …………..
    Can you keep a secret 2019
    Isn’t romantic 2019
    To all the boys 2018 ,2020
    I love you man 2009
    Role models 2008……..
    Movie valatath sinhala sub denna …………….

    2020-04-07 at 10:21 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-04-08 at 6:51 am
  • Krishan NiShalya User
    Windows 8.1Chrome 80

    කියන්න වචන නෑ bro
    බොහොම ස්තූති ❤️❤️❤️❤️❤️

    2020-04-09 at 11:22 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    හසිත, Easy Money film series එකේ තුන්වෙනි film එකට site එකේ සබ් නැද්ද

    2020-04-10 at 10:40 pm
    • Hasitha Prasad Super Mod
      Windows 7Firefox 75

      @හෂාන්:- තුන්වෙනි ෆිල්ම් එක සයිට් එකේ නෑ, හෂාන්. Easy money එකේ පොඩි ප්‍රශ්ණයක් වුණා, හෂාන්. මගෙ ලඟ තිබුණ ප්‍රින්ට් එක නැති වුණානෙ (එකක් නෙමෙයි ෆිල්ම් තුනම). තුන්වෙනි එකේ ටොරන්ට්වල සීඩ් තිබුණෙ නෑ ඒ දවස්වලත්. මමම Openload එකටත් දාල තිබුනෙ ෆිල්ම් තුනම ඒ හින්දා. දැන් ඒකත් නෑනෙ. බලමු මම කොහෙන්හරි එකක් හොයාගන්න බලන්නම්. හම්බවුණොත් අනිවාර්යයෙන්ම සබ් එක දෙන්නම්.

      2020-04-10 at 11:20 pm
    • Hashan M. Priyadarshana Unregister User
      Android 4.2Android Browser 4

      අපරාදෙ 😞 openload නැති කරල දැම්මනෙ.. හරි හසිත එහෙනම් film එක හම්බුනොත් film එකයි සබ් එකයි දෙන්න.. බොහොම ස්තුතියි 😊😊

      2020-04-10 at 11:25 pm
  • Madusha Unregister User
    Windows 10Opera 67

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-04-12 at 11:58 am
  • Pasindu Unregister User
    Android 9Chrome 70

    කාලෙක ඉදන් බලන්න හිටපු ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට. 2000 ආපු unbreakable චිත්‍රපටයට සබ් එක ගැන යාලුවෙක් මට මතක් කලා. මම ඒ යෝජනාව සහෝට ඉදිරිපත් කරනව. පුලුවන්නම් සලකල බලන්න. සබ් එකට ගොඩාක් ස්තූතියි.

    2020-04-16 at 8:03 pm
  • Charith Pramodya User
    Windows 10Chrome 81

    Public Enemies (2009) Jhonny Depp ge supirima film ekak kohewath sub deela na.

    2020-04-19 at 12:36 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    හසිත, පුළුවන් නම් Robert Pattinsonගෙ Cosmopolis (2012) film එකට සබ් දෙන්න 😊😊😊

    2020-04-23 at 7:40 pm
  • Lakshansilva18 Unregister User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-
    The house that jack built (2018)
    My friend dahmer (2017)
    Extremely Wicked, Shockingly Evil and Vile (2018)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    In the name of the father (1993)
    Big fish (2003)

    2020-05-04 at 12:38 am
  • Kasun Unregister User
    Android 9Chrome 78

    බොහොම ස්තුතියි…

    2020-05-30 at 2:57 pm
  • sasanka sathyajith Unregister User
    Android 9Opera 46

    thanks for the sub

    2020-07-30 at 1:10 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *