Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

Predator (1987) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Fifty Shades Freed (2018) Sinhala Subtitle

The Theory of Everything (2014) Sinhala Subtitle

Blade Runner 2049 (2017) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • News of the World (2020) Sinhala Subtitle
News of the World (2020) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2021-01-22 / 09:24 AM

ලොවේ පුවත්
 

ආයුබෝවන් අදත් subz.lk හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ Jason Bourne චිත්‍රපට මාලාව ( එකක් හැර),Green Zone (2010), 22 July (2018), Captain Phillips (2013) වැනි අති සාර්ථක සිනමා පට අධ්‍යක්ෂණය කල පෝල් ග්‍රීන්ග්‍රාස්ගේ නවතම චිත්‍රපටය වන News of The World (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ඇත්තම කිව්වොත් දැඩි පෝල් ග්‍රීන්ග්‍රාස් රසිකයෙක් වන මම මේ චිත්‍රපටය නිකුත්වන තෙක් මගබලාගෙන සිටියත්, නැරඹුවායින් පසු යම් ආකාරයක බලාපොරොත්තු කඩවීමක් තිබෙන බවත් කියන්නට ඕනෙ මුලින්ම, ඊට හේතුව අප දන්නා සිනමාත්මක පෝල් ග්‍රීන්ග්‍රාස් මෙම චිත්‍රපටයෙන් මා නොදුටු නිසා. කෙසේ වෙතත් මේ චිත්‍රපටය මේ වනවිට Imdb වෙතින් 6.9ක අගයකුත් Rotten Tomatoes වෙතින් 87%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 74%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 77%කුත් ලෙස ලබාගෙන තිබෙන අතර ක්‍රියාදාම, වීර වෘතාන්ත, නාට්‍යමය තුන් ෂානරයන්ට අයත් වෙස්ටර්න් යුගයේ සෙමින් ගලායන කතාවක් තිබෙන මෙය එවන් සිනමා රසිකයන්ට පවුලේ සියල්ලන්ද සමග නිදහසේ නැරඹිය හැකි එකක් බවත් කියන්නට අවශ්‍යයි.

ඇමරිකානු කාව්‍ය ශිල්පිනී හා නවකථා ලේඛිකා පොලට් ජයිල්ස්ගේ News of The World නම් නවකථාව ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

නවකතාව ඇසුරින් තිර රචනය අධ්‍යක්ෂක පෝල් ග්‍රීන්ග්‍රාස් හා ලූක් ඩේවිස් අතින්. රංගනයෙන් දායක වෙන්නෙ ටොම් හෑන්ක්ස් (කැප්ටන් කිඩ්), එලේනා සෙන්ගල් (ජොහැනා), රේ මැකිනොන් ( සයිමන් බොඩ්ලින්),මරී විනිංහැම් ( ඩොරිස් බොඩ්ලින්), එලිසබෙත් මාවල් (ගානට්), මයිකල් ඇන්ජෙලෝ කොවිනෝ ( ඇල්මේ) ඇතුළු පිරිසක්.

♦ ජර්මානු ලමා නිළි හෙලෙනා සෙන්ග්ල්ගේ මුල්ම ඉංග්‍රීසි භාෂා චිත්‍රපටය මෙයයි.

♦ හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස්ගේ මුල්ම වෙස්ටර්න් යුගයේ චරිතය මෙය වන අතර මින් පෙර ඔහු එවන් චරිතයකට හඬ දායකත්වය පමණයි දක්වා තිබෙන්නේ, ඒ Toy Story චිත්‍රපට මාලාවේ වුඩී නම් චරිතයට.

♦ ටොම් හෑන්ක්ස් සහ පෝල් ග්‍රීන්ග්‍රාස් දෙදෙනා එක්ව වැඩ කරන දෙවන චිත්‍රපටය මෙයයි, ඒ Captain Philips (2013) චිත්‍රපටයෙන් පසුව.

දැන් තිබෙන්නේ චිත්‍රපටයේ කතාව පැත්තට යන්න වුණත්, කතාව වටහාගැනීමට අවශ්‍ය විය හැකි පසුබිම් විස්තරයකුත් මම අරගෙන එන්නම් මේ විදියට.

ඇමරිකානු සිවිල් යුධ සමය (1861- 1865)

1861 වසරේ අප්‍රේල් 12 දින සිට 1865 වසරේ මැයි 9 දින දක්වා පුරා වසර 4කුත් දින 27ක් පුරාවට පැතිරුණු ඇමරිකානු සිවිල් යුද්ධය ඇරඹෙන්නේ ඔබ දන්නා පරිදිම ඇමරිකාවේ උතුරුදිග ප්‍රාන්ත (යූනියන්) හා එයින් වෙන්වීගිය ඇමරිකා කන්ෆෙඩරේට් ප්‍රාන්ත අතර. මේ සිවිල් යුද්ධයේ ඇරඹුම වන්නේ කළු ජාතික අප්‍රිකානු වහලුන්ට නිදහස ලබාදිය යුතුය යන වාද විවාදය මත ඉහතකී දෙපාර්ශවය අතර ඇතිවන මත ගැටුම. මෙයින් වහලුන්ට නිදහස ලබාදීමට අකමැති පාර්ශවය තමයි කන්ෆෙඩරේට් ප්‍රාන්ත එකතුව.

මේ සිතියමේ නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇති උතුරුදිග ප්‍රාන්ත යූනියන් ප්‍රාන්ත වන අතර රතු පැහැයෙන් දක්වා ඇත්තේ වහල් සේවයට අහෝසි කිරීමට විරුද්ධවූ දකුණුදිග කන්ෆෙඩරේට් ඇමරිකා ප්‍රාන්තයි.

කන්ෆෙඩරේට් ධජය (වමේ), යූනියන් ධජය (දකුණේ)

බොහෝවිට සිනමා පටවල මේ දෙපාර්ශවය හැඳින්වෙන්නේ ඔවුනොවුන්ගේ හමුදා නිල ඇඳුම්වල වර්ණයෙන්, එනම් නිල් පැහැ නිල ඇඳුම් ඇඳි යූනියන් ප්‍රාන්ත සෙබලුන් බ්ලූ ( යම්විට යැංකීන් ලෙස හඳුන්වන්නේත් මේ අය) ලෙසත් අළු පැහැ නිල ඇඳුම් හැඳි කන්ෆෙඩරේට් සෙබළුන් ග්‍රේ ලෙසත්. පහත රූපය බැලූවිට වැඩිදුර පැහැදිලි වේවි. තව මතක තබාගන්න මේ යුද්ධයට රතු ඉන්දියානු ගෝත්‍ර සෙබළුනුත් යම් දායකත්වයක් දැක්වූ බව.

සිවිල් යුද්ධය අවසන් වන්නේ එවක කන්ෆෙඩරේට් හමුදා ජෙනරාල් යූනියන් හමුදා ජෙනරාල් රොබට් ලී යූනියන් හමුදා ජෙනරාල් යුලෙසිස් එස්. ග්‍රාන්ට් හට යටත් වීමෙන්.

යුලෙසිස් එස්. ග්‍රාන්ට් (වමේ), රොබට් ඊ. ලී (දකුණේ)

දැන් අපිට යා හැකියි චිත්‍රපටයේ කතාව දෙසට, චිත්‍රපටය ඇරඹෙන්නේ මේ සිවිල් යුද්ධය අවසන්ව වසර පහකට පමණ පසුව නිසා. සිවිල් යුද්ධයේ යූනියන් පාර්ශව කපිතාන්වරයෙකුවූ ජෙෆර්සන් කයිල් කිඩ් මේ වනවිට වෘතියෙන් පුවත්පත් කියවන්නෙක්, ඔබ අහල ඇති අපේ රටෙත් අතීතයේ සිට තිබෙනවා ප්‍රසිද්ධ ස්ථානවල සිට විවිධ පුවත් කවියෙන් කියූ කවිකොලකරුවන් නම් පිරිසක් සිට ඇති බව. අපේ මේ කපිතාන් ඊට යම් විදියකින් වෙනස් වෙන්නෙ ඔහු කියවන්නෙ විවිධ පුවත්පත්වල පළවන ප්‍රවෘත්ති නිසා. සත දහයේ කාසියක් අය කරමින් පලාතෙන් පලාතට යමින් මේ කාර්යය කරගෙන යන ඔහුට දිනෙක හමුවෙනවා අපූරු අමුත්තියක්… ජීවිතේ යම් අඳුරු පැතිකඩක් ඇති මේ කපිතාන්වරයාට ජීවිතය ගැන යම් පාඩමක් උගන්වන්නට සමත්වෙනවා මේ අමුත්තිය… ඔහුත් ඇයත් කටුක ඇමරිකානු මං මාවත් පුරා යන ගමනයි මේ චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඒ විස්තර ප්‍රමාණවත් කියල මම විශ්වාස කරනවා. ගිහින් එන්නම් හමුවෙමු තවත් චිත්‍රපටයකින්. නැරඹීමේදී අවශ්‍ය විය හැකි තව කරුණු කීපයක් මහතින් සඳහන් කරන්නම්, ඒ ස්වල්පයත් කියවන්න.

උපසිරැසි ගොණුව තුල ‍WEB සහ BLU-RAY පිටපත් සඳහා වෙන් වෙන්ව උපසිරැසි දෙකක් අඩංගු වේ. ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ කරුණු

කයෝවා ගෝත්‍රය : ඇමරිකාවේ ආදිවාසීන් වූ පන්සිය ගණනකට අධික රතු ඉන්දියානු ගෝත්‍රවලින් එකක් මේ කයෝවා ගෝත්‍රය. පසුකලෙක ඔවුන් සියලු දෙනා රෙසවේෂන් නම් ඔවුන්ටම වෙන්කල කටුක පෙදෙස්වල නැවත පදිංචි කෙරෙනවා ගිවිසුමක් මගින්.

 

රතු ඉන්දියානු ඒජන්සිය: මෙය ඇමරිකානු රජය වෙනුවෙන් රතු ඉන්දියානු කටයුතු සඳහා සකසා තිබූ ආයතනය වන අතර එහි නිලධාරීන් ඉන්දියානු ඒජන්තයන් ලෙස හඳුන්වා තිබෙනවා.

Information

Year : 2020


Genre : Action,adventure,drama,western

Actors : Tom Hanks,Helena Zengel,Tom Astor,Travis Johnson

Writer : N/A

Director : Paul Greengrass

Plot : Directed By Paul Greengrass. With Tom Hanks, Helena Zengel, Tom Astor, Travis Johnson. A Civil War Veteran Agrees To Deliver A Girl, Taken By The Kiowa People Years Ago, To Her Aunt And Uncle, Against Her Will. They Travel Hundreds Of Miles And Face Grave Dangers As They Search For A Place That Either Can Call Home.

Youtube Trailer
BRRip සඳහා වීඩියෝ පිටපත්

Direct පිටපත

Torrent පිටපත

Torrent පිටපත

Direct පිටපත

Torrent පිටපත

සිංහල උපසිරැස Download කරගන්න 1281 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
6.9
88%
73%
  1. Kantha_DLA Unregistered User January 22, 2021 at 6:51 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!


    Reply
  2. Hashan Unregistered User January 22, 2021 at 3:32 pm

    බොහොම ස්තූතියි හසිත සබ් එක⁣ට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:


    Reply
  3. Madusha Unregistered User January 25, 2021 at 6:48 pm

    බොහොම ස්තූතියි සබ් එකට


    Reply
  4. Inuka Wijerathna Subtitler February 19, 2021 at 6:52 pm

    සමාවෙන්න, ඇත්තටම අමතක වුනා කමෙන්ට් එකක් දාන්න.


    Reply
    • Inuka Wijerathna Subtitler February 19, 2021 at 6:53 pm

      ස්තූතියි සබ් එකට.


    • Hasitha Prasad Co - admin February 19, 2021 at 7:07 pm

      කමෙන්ට් පස්සෙ කොහොමවත් ෆලෝ කරන්නෑ, ඉනුක. සබ් එකක් කලා, පබ්ලිෂ් කලා, කවුරුහරි ප්‍රශ්ණයක් ඇහුවොත් උත්තර දුන්නා, එච්චරයි.කවුරුහරි සබ් එක එක්ක ෆිල්ම් එක බලල රසවින්දනං, ඒ තමයි මගෙ සතුට.


Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      News of the World (2020) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK