News of the World (2020) Sinhala Subtitle

January 21, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
ලොවේ පුවත්
 

ආයුබෝවන් අදත් subz.lk හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ Jason Bourne චිත්‍රපට මාලාව ( එකක් හැර),Green Zone (2010), 22 July (2018), Captain Phillips (2013) වැනි අති සාර්ථක සිනමා පට අධ්‍යක්ෂණය කල පෝල් ග්‍රීන්ග්‍රාස්ගේ නවතම චිත්‍රපටය වන News of The World (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ඇත්තම කිව්වොත් දැඩි පෝල් ග්‍රීන්ග්‍රාස් රසිකයෙක් වන මම මේ චිත්‍රපටය නිකුත්වන තෙක් මගබලාගෙන සිටියත්, නැරඹුවායින් පසු යම් ආකාරයක බලාපොරොත්තු කඩවීමක් තිබෙන බවත් කියන්නට ඕනෙ මුලින්ම, ඊට හේතුව අප දන්නා සිනමාත්මක පෝල් ග්‍රීන්ග්‍රාස් මෙම චිත්‍රපටයෙන් මා නොදුටු නිසා. කෙසේ වෙතත් මේ චිත්‍රපටය මේ වනවිට Imdb වෙතින් 6.9ක අගයකුත් Rotten Tomatoes වෙතින් 87%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 74%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 77%කුත් ලෙස ලබාගෙන තිබෙන අතර ක්‍රියාදාම, වීර වෘතාන්ත, නාට්‍යමය තුන් ෂානරයන්ට අයත් වෙස්ටර්න් යුගයේ සෙමින් ගලායන කතාවක් තිබෙන මෙය එවන් සිනමා රසිකයන්ට පවුලේ සියල්ලන්ද සමග නිදහසේ නැරඹිය හැකි එකක් බවත් කියන්නට අවශ්‍යයි.

ඇමරිකානු කාව්‍ය ශිල්පිනී හා නවකථා ලේඛිකා පොලට් ජයිල්ස්ගේ News of The World නම් නවකථාව ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

නවකතාව ඇසුරින් තිර රචනය අධ්‍යක්ෂක පෝල් ග්‍රීන්ග්‍රාස් හා ලූක් ඩේවිස් අතින්. රංගනයෙන් දායක වෙන්නෙ ටොම් හෑන්ක්ස් (කැප්ටන් කිඩ්), එලේනා සෙන්ගල් (ජොහැනා), රේ මැකිනොන් ( සයිමන් බොඩ්ලින්),මරී විනිංහැම් ( ඩොරිස් බොඩ්ලින්), එලිසබෙත් මාවල් (ගානට්), මයිකල් ඇන්ජෙලෝ කොවිනෝ ( ඇල්මේ) ඇතුළු පිරිසක්.

ජර්මානු ලමා නිළි හෙලෙනා සෙන්ග්ල්ගේ මුල්ම ඉංග්‍රීසි භාෂා චිත්‍රපටය මෙයයි.

හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස්ගේ මුල්ම වෙස්ටර්න් යුගයේ චරිතය මෙය වන අතර මින් පෙර ඔහු එවන් චරිතයකට හඬ දායකත්වය පමණයි දක්වා තිබෙන්නේ, ඒ Toy Story චිත්‍රපට මාලාවේ වුඩී නම් චරිතයට.

ටොම් හෑන්ක්ස් සහ පෝල් ග්‍රීන්ග්‍රාස් දෙදෙනා එක්ව වැඩ කරන දෙවන චිත්‍රපටය මෙයයි, ඒ Captain Philips (2013) චිත්‍රපටයෙන් පසුව.

දැන් තිබෙන්නේ චිත්‍රපටයේ කතාව පැත්තට යන්න වුණත්, කතාව වටහාගැනීමට අවශ්‍ය විය හැකි පසුබිම් විස්තරයකුත් මම අරගෙන එන්නම් මේ විදියට.

ඇමරිකානු සිවිල් යුධ සමය (1861- 1865)

1861 වසරේ අප්‍රේල් 12 දින සිට 1865 වසරේ මැයි 9 දින දක්වා පුරා වසර 4කුත් දින 27ක් පුරාවට පැතිරුණු ඇමරිකානු සිවිල් යුද්ධය ඇරඹෙන්නේ ඔබ දන්නා පරිදිම ඇමරිකාවේ උතුරුදිග ප්‍රාන්ත (යූනියන්) හා එයින් වෙන්වීගිය ඇමරිකා කන්ෆෙඩරේට් ප්‍රාන්ත අතර. මේ සිවිල් යුද්ධයේ ඇරඹුම වන්නේ කළු ජාතික අප්‍රිකානු වහලුන්ට නිදහස ලබාදිය යුතුය යන වාද විවාදය මත ඉහතකී දෙපාර්ශවය අතර ඇතිවන මත ගැටුම. මෙයින් වහලුන්ට නිදහස ලබාදීමට අකමැති පාර්ශවය තමයි කන්ෆෙඩරේට් ප්‍රාන්ත එකතුව.

මේ සිතියමේ නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇති උතුරුදිග ප්‍රාන්ත යූනියන් ප්‍රාන්ත වන අතර රතු පැහැයෙන් දක්වා ඇත්තේ වහල් සේවයට අහෝසි කිරීමට විරුද්ධවූ දකුණුදිග කන්ෆෙඩරේට් ඇමරිකා ප්‍රාන්තයි.

කන්ෆෙඩරේට් ධජය (වමේ), යූනියන් ධජය (දකුණේ)

බොහෝවිට සිනමා පටවල මේ දෙපාර්ශවය හැඳින්වෙන්නේ ඔවුනොවුන්ගේ හමුදා නිල ඇඳුම්වල වර්ණයෙන්, එනම් නිල් පැහැ නිල ඇඳුම් ඇඳි යූනියන් ප්‍රාන්ත සෙබලුන් බ්ලූ ( යම්විට යැංකීන් ලෙස හඳුන්වන්නේත් මේ අය) ලෙසත් අළු පැහැ නිල ඇඳුම් හැඳි කන්ෆෙඩරේට් සෙබළුන් ග්‍රේ ලෙසත්. පහත රූපය බැලූවිට වැඩිදුර පැහැදිලි වේවි. තව මතක තබාගන්න මේ යුද්ධයට රතු ඉන්දියානු ගෝත්‍ර සෙබළුනුත් යම් දායකත්වයක් දැක්වූ බව.

සිවිල් යුද්ධය අවසන් වන්නේ එවක කන්ෆෙඩරේට් හමුදා ජෙනරාල් යූනියන් හමුදා ජෙනරාල් රොබට් ලී යූනියන් හමුදා ජෙනරාල් යුලෙසිස් එස්. ග්‍රාන්ට් හට යටත් වීමෙන්.

යුලෙසිස් එස්. ග්‍රාන්ට් (වමේ), රොබට් ඊ. ලී (දකුණේ)

දැන් අපිට යා හැකියි චිත්‍රපටයේ කතාව දෙසට, චිත්‍රපටය ඇරඹෙන්නේ මේ සිවිල් යුද්ධය අවසන්ව වසර පහකට පමණ පසුව නිසා. සිවිල් යුද්ධයේ යූනියන් පාර්ශව කපිතාන්වරයෙකුවූ ජෙෆර්සන් කයිල් කිඩ් මේ වනවිට වෘතියෙන් පුවත්පත් කියවන්නෙක්, ඔබ අහල ඇති අපේ රටෙත් අතීතයේ සිට තිබෙනවා ප්‍රසිද්ධ ස්ථානවල සිට විවිධ පුවත් කවියෙන් කියූ කවිකොලකරුවන් නම් පිරිසක් සිට ඇති බව. අපේ මේ කපිතාන් ඊට යම් විදියකින් වෙනස් වෙන්නෙ ඔහු කියවන්නෙ විවිධ පුවත්පත්වල පළවන ප්‍රවෘත්ති නිසා. සත දහයේ කාසියක් අය කරමින් පලාතෙන් පලාතට යමින් මේ කාර්යය කරගෙන යන ඔහුට දිනෙක හමුවෙනවා අපූරු අමුත්තියක්… ජීවිතේ යම් අඳුරු පැතිකඩක් ඇති මේ කපිතාන්වරයාට ජීවිතය ගැන යම් පාඩමක් උගන්වන්නට සමත්වෙනවා මේ අමුත්තිය… ඔහුත් ඇයත් කටුක ඇමරිකානු මං මාවත් පුරා යන ගමනයි මේ චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඒ විස්තර ප්‍රමාණවත් කියල මම විශ්වාස කරනවා. ගිහින් එන්නම් හමුවෙමු තවත් චිත්‍රපටයකින්. නැරඹීමේදී අවශ්‍ය විය හැකි තව කරුණු කීපයක් මහතින් සඳහන් කරන්නම්, ඒ ස්වල්පයත් කියවන්න.

උපසිරැසි ගොණුව තුල ‍WEB සහ BLU-RAY පිටපත් සඳහා වෙන් වෙන්ව උපසිරැසි දෙකක් අඩංගු වේ. ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ කරුණු

කයෝවා ගෝත්‍රය : ඇමරිකාවේ ආදිවාසීන් වූ පන්සිය ගණනකට අධික රතු ඉන්දියානු ගෝත්‍රවලින් එකක් මේ කයෝවා ගෝත්‍රය. පසුකලෙක ඔවුන් සියලු දෙනා රෙසවේෂන් නම් ඔවුන්ටම වෙන්කල කටුක පෙදෙස්වල නැවත පදිංචි කෙරෙනවා ගිවිසුමක් මගින්.

 

රතු ඉන්දියානු ඒජන්සිය: මෙය ඇමරිකානු රජය වෙනුවෙන් රතු ඉන්දියානු කටයුතු සඳහා සකසා තිබූ ආයතනය වන අතර එහි නිලධාරීන් ඉන්දියානු ඒජන්තයන් ලෙස හඳුන්වා තිබෙනවා.

Available Torrents
720p bluray 1.06 GB
1080p bluray 2.18 GB
2160p bluray 5.33 GB
720p web 1.06 GB
1080p web 2.18 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 88

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Hashan Unregistered
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි හසිත සබ් එක⁣ට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

  • Madusha Unregistered
    Windows 10 Opera 72

    බොහොම ස්තූතියි සබ් එකට

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 88

    සමාවෙන්න, ඇත්තටම අමතක වුනා කමෙන්ට් එකක් දාන්න.

    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 88

      ස්තූතියි සබ් එකට.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 85

      කමෙන්ට් පස්සෙ කොහොමවත් ෆලෝ කරන්නෑ, ඉනුක. සබ් එකක් කලා, පබ්ලිෂ් කලා, කවුරුහරි ප්‍රශ්ණයක් ඇහුවොත් උත්තර දුන්නා, එච්චරයි.කවුරුහරි සබ් එක එක්ක ෆිල්ම් එක බලල රසවින්දනං, ඒ තමයි මගෙ සතුට.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search