
කුණාටු රැයේ වැරදුනු මෙහෙයුම
2021 අප්‍රියෙල් 16 දින ඇමෙරිකාවේදී නිකුත් වුනු තවත් නවතම සිනමා නිර්මාණයක් තමයි මෙදා ඔබ හමුවට අරගෙන ආවෙ. මේක Action, Drama, Thriller ගණයේ චිත්‍රපටයක් වන Night Of The Sicario. මෙහි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නෙ කලක් සිනමා ලොවේ ඉහළම තලයේ වැජඹුණු ප්‍රවීන නිලියක්. ඒ තමයි Natasha Henstridge. 1995 වසරේ තිරගත වූ Species චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඇය, තම ප්‍රථම චිත්‍රපටයෙන්ම බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට සමත්වූ තාරකාවක්. පසුව 1996 වසරේ Jean-Claude Van Damme සමඟ රඟපෑ Maximum Risk චිත්‍රපටයෙන්ද ප්‍රේක්ෂක ජනාදරය දිනාගැනීමට සමත් වූ ඇය නැවත 1998 වසරේදී Species II තුලින්ද රසික හදවත් වලට සමීප වුනා. Ghosts of Mars [2001],Nowhere Safe [2014], Home Invasion [2016] ඇය රඟපෑ තවත් ජනප්‍රිය නිර්මාණ කීපයක් වන අතර Natasha Tonya Henstridge අපට අවසන් වරට හමුවූයේ 2019 වසරේ තිරගත වූ House Red [2019] චිත්‍රපටයෙන්. Natasha ට අමතරව Costas Mandylor, Addison Kendall, Manny Perez යන ශීල්පීන් Night Of The Sicario හී රංගනයෙන් දායක වෙනවා. ධාවන කාලය විනාඩි 82 යි.
කතාවෙ පසුබිම දරුණු සුලි කුණාටුවක් සහිත රාත්‍රියක්. පළමු විවාහයෙන් දික්කසාද වී සිටින ටේලර්, තමන්ගෙ නිවසේ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන කෙනෙක්. තම පියාගෙන් ඇයට උරුම වූ මේ නිවස ඒ වෙනුවෙන්ම ගොඩ නැගූ එකක් වන අතර වැඩිහිටි නිවාසය ආරම්භ කර ඇත්තෙත් ඇගේ පියා. විශාල විසිතුරු නිවසක් වන මෙය තට්ටු කීපයකින් සමන්විත කාමර 100 ක් පමණ තියෙන එකක්. ඒ කුණාටු රාත්‍රියේ මේ නිවසට අහම්බෙන් එනවා අමුත්තො තුන් දෙනෙක්. වයස අවුරුදු 12 ක් පමණ වන අමේලියා, ඇගේ පියා සහ ඔවුන්ට ආරක්ෂාව සපයන මත්ද්‍රව්‍ය නාශක අංශයේ ආරක්ෂකයෙක්. අමේලියාගෙ පියාට වෙඩි වැදිලා. ආරක්ෂක නිලධාරියාගේ ඉල්ලීම මත දුවටයි, පියාටයි රැකවරණය දෙන්න ටේලර් එකඟ වෙනවා. ඔවුන් පස්සෙ පන්නන්නෙ ඉතා දරුණු මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක්. ඒ ඔවුන්ට විරුද්ධව ඇති පෙඩරල් නඩුවක සාක්ෂිකරුවන් ලෙස මේ අය පෙනී සිටින්න නියමිත නිසා. වංක ගිරියක් වැනි ටේලර්ගෙ නිවස යුද පිටියක් බවට පත්වෙන්නේ, කුලී ඝාතකයන් අමේලියා සහ පියා සොයාගෙන එහි කඩාවැදීමත් සමගයි. ටේලර් ඇතුලු පිරිස මේ තර්ජනයට කොහොම මුහුණ දෙයිද? හැබැයි මැරයන්ට හිතපු තරම් ලේසි වෙන්නෙ නම් නෑ.
ජය වේවා.
QUALITY – 720p 760MB / 1080p 1.5 GB
SUB FORMAT – SRT & IDX
♣♣ WEBRip / 720p / 1080p ♣♣
Download Links:
Download Torrent 720P පිටපත 760 MB Download Direct 720P පිටපත 760 MB Download Torrent 1080P පිටපත 1.5 GB Download Direct 1080P පිටපත 1.5 MB
Rasika Samanjith
TV EPISODES :
0
MOVIES :
100
3.4
0%
0%
Comments: 4
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
Rasika Samanjith
Thank U very much, Malli.
Sulakshana Thilakarathna
බොහොමත්ම ස්තූතියි, ජය වේවා!!!
Rasika Samanjith
බොහොම ස්තූතියි, මල්ලි.