Night of the Sicario (2021) Sinhala Subtitle

April 20, 2021 Admin
Subtitle by Rasika Samanjith
කුණාටු රැයේ වැරදුනු මෙහෙයුම

 

                       2021 අප්‍රියෙල් 16 දින ඇමෙරිකාවේදී නිකුත් වුනු තවත් නවතම සිනමා නිර්මාණයක් තමයි මෙදා ඔබ හමුවට අරගෙන ආවෙ. මේක Action, Drama, Thriller ගණයේ චිත්‍රපටයක් වන Night Of The Sicario. මෙහි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නෙ කලක් සිනමා ලොවේ ඉහළම තලයේ වැජඹුණු ප්‍රවීන නිලියක්. ඒ තමයි Natasha Henstridge. 1995 වසරේ තිරගත වූ Species චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඇය, තම ප්‍රථම චිත්‍රපටයෙන්ම බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට සමත්වූ තාරකාවක්. පසුව 1996 වසරේ Jean-Claude Van Damme සමඟ රඟපෑ Maximum Risk චිත්‍රපටයෙන්ද ප්‍රේක්ෂක ජනාදරය දිනාගැනීමට සමත් වූ ඇය නැවත 1998 වසරේදී Species II තුලින්ද රසික හදවත් වලට සමීප වුනා. Ghosts of Mars [2001],Nowhere Safe [2014], Home Invasion [2016] ඇය රඟපෑ තවත් ජනප්‍රිය නිර්මාණ කීපයක් වන අතර Natasha Tonya Henstridge අපට අවසන් වරට හමුවූයේ 2019 වසරේ තිරගත වූ House Red [2019] චිත්‍රපටයෙන්. Natasha ට අමතරව Costas Mandylor, Addison Kendall, Manny Perez යන ශීල්පීන් Night Of The Sicario හී රංගනයෙන් දායක වෙනවා. ධාවන කාලය විනාඩි 82 යි.

කතාවෙ පසුබිම දරුණු සුලි කුණාටුවක් සහිත රාත්‍රියක්. පළමු විවාහයෙන් දික්කසාද වී සිටින ටේලර්, තමන්ගෙ නිවසේ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන කෙනෙක්. තම පියාගෙන් ඇයට උරුම වූ මේ නිවස ඒ වෙනුවෙන්ම ගොඩ නැගූ එකක් වන අතර වැඩිහිටි නිවාසය ආරම්භ කර ඇත්තෙත් ඇගේ පියා. විශාල විසිතුරු නිවසක් වන මෙය තට්ටු කීපයකින් සමන්විත කාමර 100 ක් පමණ තියෙන එකක්. ඒ කුණාටු රාත්‍රියේ මේ නිවසට අහම්බෙන් එනවා අමුත්තො තුන් දෙනෙක්. වයස අවුරුදු 12 ක් පමණ වන අමේලියා, ඇගේ පියා සහ ඔවුන්ට ආරක්ෂාව සපයන මත්ද්‍රව්‍ය නාශක අංශයේ ආරක්ෂකයෙක්. අමේලියාගෙ පියාට වෙඩි වැදිලා. ආරක්ෂක නිලධාරියාගේ ඉල්ලීම මත දුවටයි, පියාටයි රැකවරණය දෙන්න ටේලර් එකඟ වෙනවා. ඔවුන් පස්සෙ පන්නන්නෙ ඉතා දරුණු මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක්. ඒ ඔවුන්ට විරුද්ධව ඇති පෙඩරල් නඩුවක සාක්ෂිකරුවන් ලෙස මේ අය පෙනී සිටින්න නියමිත නිසා. වංක ගිරියක් වැනි ටේලර්ගෙ නිවස යුද පිටියක් බවට පත්වෙන්නේ, කුලී ඝාතකයන් අමේලියා සහ පියා සොයාගෙන එහි කඩාවැදීමත් සමගයි. ටේලර් ඇතුලු පිරිස මේ තර්ජනයට කොහොම මුහුණ දෙයිද? හැබැයි මැරයන්ට හිතපු තරම් ලේසි වෙන්නෙ නම් නෑ.
ජය වේවා.

QUALITY  –  720p   760MB  /  1080p   1.5 GB

SUB FORMAT  –  SRT  &  IDX

♣♣  WEBRip / 720p / 1080p  ♣♣

Available Torrents
720p bluray 764.11 MB
1080p bluray 1.53 GB
720p web 766.55 MB
1080p web 1.54 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (4)
  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 90

      Thank U very much, Malli.

  • Sulakshana Thilakarathna Unregistered
    Android 9 Chrome 90

    බොහොමත්ම ස්තූතියි, ජය වේවා!!!

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 76

      බොහොම ස්තූතියි, මල්ලි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search