කාටවත් පණපිටින් පිටවෙන්නම බැරිද?
Netflix ලගෙ අලුත්ම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවෙ. මේක බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. ඒ තමයි 2021 සැප්තැම්බර් 29 නිකුත් වුනු No One Gets Out Alive. මේක Horror, Drama, Mystery, Thriller යන වර්ග වල සිනමා පටයක්. 2014 දී ප්‍රකාශයට පත්වුනු Adam Nevill ගේ ඒ නමින්ම යුතු බ්‍රිතාන්‍ය හොරර් නවකතාව ඇසුරෙන් තමයි නිපදවල තියෙන්නෙ. විනාඩි 85 ක ධාවන කාලයකින් යුක්තයි. රංගනයෙන් දායක වන්නේ Cristina Rodlo (අම්බර්), Marc Menchaca (රෙඩ්), David Figlioli (බෙකර්), Cosmina Stratan (පෙට්‍රා) සහ David Barrera (බෙටෝ).
කතාව කෙටියෙන් කියන්නම්. ඇඟලුම් ආයතනයක් සේවය කරන අසරණ තරුණියක් වන අම්බර් අලුත් බෝඩින් හවුස් එකකට එනවා. ඒකෙ කාමර බොහොම ලාබයි. ඇඩ් එකේ නම් තියෙන්නෙ පිරිසිදුයි කියල. ඒත් ඒක පරණ පන්නයේ තට්ටු කීපයකින් සමන්විත්, කාමර රාශියක් තියෙන පාලු, කබල් බංගලාවක්. ලයිට් හරියට වැඩ කරන්නෙත් නෑ. එහෙ නැවතිලා ඉන්නෙ තව එක කාන්තාවක් පමණයි. ඇය ෆ්‍රේජා. ඇගේ හැසිරීමත් අමුතුයි. ඒකෙ අයිතිකාරයා රෙඩ්. මුලින් ඔහු කියන්නෙ එහෙ ඉන්න පුලුවන් කාන්තාවන්ට පමණයි කියලා. නමුත් පසුව අම්බර් තව පිරිමි කෙනෙකුත් ඉන්නවා දකිනවා. ඒ ගෙදර මහ අමුතු අමුතු සද්ද ඇහෙනවා. අම්බර්ට අද්භූත දේවල් දකින්නත් ගන්නවා. ඒ අතරින් ගොඩක්ම බය හිතෙන දේ තමයි ගලින් නිමකරන ලද අඩි 2x2x2 පමණ වන පෙට්ටියක්. ඒ වුනාට ඒ ගල් පෙට්ටිය ගෙයි කොතනකවත් නෑ. එයාල අනුමාන කරනවා, නිවසේ එයාලට යන්න තහනම් ප්‍රදේශයක් වන බිම් මහලේ ඒක ඇති කියලා. කොහොම වුනත් දවස් කීපයක් යනකොට අම්බර්ට භයානක දේවල් සිද්ධ වෙන්න ගන්නවා. අතිශය බියට පත්වෙන අම්බර් වහාම එහෙන් පිටවෙනවා. නමුත් ඇය දුන් ඇඩ්වාන්ස් මුදලේ ඉතුරු ටික අරන් යන්න ඇයට රෙඩ් එක්ක ආපහු එන්න වෙනවා. ඒ ඇවිත් තමා කලේ ලෝකෙ ලොකුම මෝඩකම කියල තේරෙන්න අම්බර්ට වැඩි වෙලාවක් යන්නෙ නෑ. මේ චිත්‍රපටයෙ බය වෙන ඒවා තිබුනට අසභ්‍ය දර්ශන නම් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ.
ජය වේවා.
QUALITY
480p // 300 MB
720p // 800 MB
1080p // 1.6 GB
SUB FORMAT // SRT & IDX
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanx Bro.
නියමයි නේ …හොල්මන් ෆිල්ම් එකක් ඇවිත් …තැන්ක්ස් රසික !!:heart_eyes::star_struck:
Film eka hodai. balan inna puluwan, Damith.
තෑන්ක්ස් සබ් එකට සහෝ