One More Shot (2024) Sinhala Subtitle

May 09, 2024 Admin
Subtitle by Rasika Samanjith
තවත් නොනවතින රැල්ලක්

                  පසුගිය 2024 ජනවාරි 12 වෙනිදා එක්සත් රාජධානියේදී නිකුත් වුනු One More Shot , අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු ස්කොට් ඇඩ්කින්ගෙ අලුත්ම චිත්‍රපටයයි. 2021 වසරේදී නිකුත්වුනු One Shot චිත්‍රපටයේ දෙවන කොටස. ඒ නිසා මේක One Shot 2 කියලත් හැඳින්වෙනවා. හැබැයි පළමු කොටස බැලුවෙ නෑ කියලා මේක බලන්න කිසිම බාදාවක් නෑ. මුල ඉඳන් අගටම විනාඩි 102 ක නන්ස්ටොප් ක්‍රියාදාමයක්. බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන අතර Action, Thriller කාණ්ඩයන්ට අයත් වෙනවා. Scott Adkins (ජේක් හැරිස්) සමග රංගනයෙන් එකතු වෙනවා තවත් සුපිරි වැඩ්ඩෙක් වන Michael Jai White (ජැක්සන්) සමග Alexis Knapp (ලෝමැක්ස්) සහ Tom Berenger (මාෂල්).
                       සීල් භටයෙක් වන හැරිස් ඇතුලු කණ්ඩායමට වැදගත් මෙහෙයුමක් බාරවෙනවා. පෝලන්තයේ සිරගෙදරක සිටින ත්‍රස්තවාදී සැකකරුවෙක් වන මන්සූර්ව වොෂින්ටනයට රැගෙන ඒම. නමුත් එහිදී විනාශකාරී ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනා මිය යන අතර හැරිස්ට සිද්ධවෙනවා තනිවම මන්සූර් රැගෙන එන්න. කෙසේ වෙතත්, සිරකරු මාරු කිරීමේ ක්‍රියාවලිය ගුවන් තොටුපල පර්යන්තයේදී දිග හැරෙන විට, දැඩි ලෙස සන්නද්ධ සහ සුවිශේෂී දක්ෂ කුලී හේවායන් කණ්ඩායමක්, මන්සූර්ව ලබාගැනීම සදහා ගුවන් තොටුපල භූමියට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. සියලුම CIA සහ ආරක්ෂක නිලධාරින් මරණයට පත්වන අතර, ත්‍රස්තවාදීන්ගේ දුෂ්ට අරමුන ඉදිරියේ මෙවරත් එක මිනිහෙක් හිට ගන්නවා. ඒ ජේක් හැරිස්.
ස්කොට් ඇඩ්කින්ගේ රසිකයෙක් නම් අනිවාරෙන්ම බැලිය යුතු ෆිලුමක්. කිසිම අසභ්‍ය දර්ශනයක් මේකෙ නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 720p – 950mb // 1080p – 1.9gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 949.31 MB
1080p web 1.9 GB
2160p web 4.59 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (2)
  • Buddhika laKMal Unregistered
    Windows 10 Firefox 126

    ස්තූතියි සහෝ උපසිරැසියට

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      Thanx Bro.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search