Trending

Operation Napoleon (2023) Sinhala Subtitle

අයිස් යට සැඟවුණු නාසි ගුවන් යානයේ අභිරහස
                   අද ඔයාලට අරන් ආවෙ Mystery, Thriller වර්ගයේ අයිස්ලන්ත නිර්මාණයක්. අභිරහස් ගණයේ චිත්‍රපට බලන අයට නම් සුපිරි නිර්මාණයක්. බොක්ස් ඔෆීස් වාර්තා පවා සමත්වෙලා තියෙන මේ චිත්‍රපටය තමයි Operation Napoleon. මුලින්ම තිරගත වුනේ 2023 පෙබරවාරි 03 දින අයිස්ලන්තයේදී. පසුගිය අගෝස්තු 11 තමයි එක්සත් ජනපදයේ නිකුත් වුනේ. Arnaldur Indriðason විසින් ලියන ලද Best-selling නවකතාවක් වන Operation Napoleonsskjolin ඇසුරෙන් නිපදවන ලද මෙහි ධාවන කාලය පැය 1 විනාඩි 52 යි. අයිස්ලන්ත සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම ඇතුලත් වෙනවා. රඟපෑමෙන් එකතු වන්නේ Vivian Ólafsdóttir (ක්‍රිස්ටීන්), Jack Fox (ස්ටීව් රෂ්), Iain Glen (විලියම් කාර්), Wotan Wilke Möhring (සයිමන්), Ólafur Darri Ólafsson (එයිනර්) සහ Atli Óskar Fjalarsson (එලියස්). අධ්‍යක්ෂනය Óskar Þór Axelsson ගෙන්.
               ක්‍රිස්ටීන් ලෝයර් කෙනෙක්. තරුණියක්. එයාට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. ඒ තමයි එලියස්. දවසක් එලියස් යාලුවොත් එක්ක යනවා විමර්ශන සංචාරයක් අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරයක් වන වට්නාජෝකුල් වලට. එහිදී එයාලට හම්බවෙනවා අයිස් වලට යටවුනු, කඩන් වැටුනු පැරණි ජර්මන් ගුවන් යානයක්. දෙවන ලෝක යුද්ධ සමයේ එකක්. ඒ එක්කම එතෙන්ට චොපර් එකකින් එන පිරිසක් මේ යාලුවන්ව මරනවා. එලියස් මුලින් පැනගත්තත් පස්සෙ ඔවුන්ගෙ අත් අඩංගුවට පත්වෙනවා. එලියස් විසින් යානයේ විස්තර, පෝන් එකෙන් ක්‍රිස්ටීන්ට යවන නිසා මේ මිනීමරුවන් ඇයවත් මරන්න ඇගේ ගෙදරට යනවා. එහිදී ක්‍රිස්ටීන් බේරිලා පැනගත්තත් ඇයගේ මිතුරෙක් එහිදී ඝාතනය වෙනවා. නමුත් ඒ ඝාතනයට පොලීසිය සැකකරන්නෙත් ක්‍රිස්ටීන්ව. මිනීමරුවන් ඇයට වරෙක තර්ජනය කරනවා, ප්ලේන් එක ගැන පොලීසියට කිව්වොත් එලියස්ව මරනවා කියල. එච්චරටම වසන් කරන්න හදන්නේ, මේ යානය මොකක්ද? මොනවද ඒකෙ තියෙන්නෙ? කවුද ඒකෙ ගමන් කලේ? තමනුත් බේරිලා මල්ලිවත් බේරගන්න ක්‍රිස්ටීන්ට තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි මේ යානයේ අභිරහස හොයාගන්න එක. වැඩි විස්තර නොකියා ඉන්නම්.
                 විශේෂයෙන්ම කියන්න ඕනෙ බය නැතුව ගෙදර අය එක්ක බලන්න පුලුවන්. අසභ්‍ය දර්ශන මොකුත් නෑ. රටේ භූමි ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයක් වසාගෙන සිටින, අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරය සහ යුරෝපයේ දෙවන විශාලතම ග්ලැසියරය වන සුන්දර වට්නාජෝකුල් (Vatnajökull) වල පුංචි රවුමක් යන්නට ආරාධනා කරමින් නවතින්නම්.
ජය වේවා.
QUALITY // 480p – 470mb // 720p – 1gb // 1080p – 2gb
SUB FORMAT // SRT // IDXTV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.01 GB x264
1080p bluray 2.07 GB x264
▲14 · ▼1
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search