Our Departures (2018) Sinhala Subtitle
Kasumi Arimura, Jun Kunimura, Munetaka Aoki, Itsuji Itao
[ ජපන් භාෂා Blu-ray පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ ]
ආයුබෝවන් අදත් subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ඉතාම සුන්දර ජපන් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි. Kazokuiro නොහොත් Our Departures (2018) ලෙසයි මේ චිත්‍රපටය හැඳින්වෙන්නේ. IMDb වෙතින් 7.1 ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ යසුහිරෝ යොෂීඩාගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්. රංගනයෙන් දායක වන්නේ කසුමි අරිමුරා ( අකිරා ඔකුසොනෝ), ජුන් කුනිමුරා (සෙත්සුඕ ඔකුසොනෝ), මුනෙතකා අඕකි ( ෂුහෙයි ඔකුසොනෝ), නනාමි සකුරබා (යූරි සසාකි) ඇතුළු පිරිසක්. ලොකූ විස්තරයක් කියන්න දෙයක් නෑ, හැබැයි ඉතාම පොඩි කතාවක්, ලොකු අර්ථයක් සහිතව, සිතට දැනෙන ලෙස නිර්මාණය කර ඇති බවනම් කියන්නම ඕනෙ. දර්ශන තල පවා ඉතාම සුන්දරයි, රඟපෑම් ගැන කියන්න වචන නෑ.දැන් අපි යමු කතාව පැත්තට…
අකිරා කියන්නෙ මෑතකදී සැමියා මිය ගිය, ඔහුගේ මුල් විවාහයේ දරුවාත් සමග තනිවූ තරුණ කාන්තාවක්. තම සැමියාගේ අළු සහිත බඳුනද රැගෙන ඔහුගේ පියාට එය බාරදීමට දරුවාත් සමග ඇය යනවා ඔහු වෙසෙන ප්‍රදේශයට. එහිදී ඇය ඉදිරි ජීවිතය ගෙවන ආකාරය සැලසුම් කරනවා.. ඉතිරිය නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි…!
බොහොම ස්තූතියි සහෝ
thanks for the sub
ගොඩක් ස්තුතියි.
තව ලස්සන ජපන් නිර්මාණ ටිකක් දෙන්න කියල ඉල්ලනවා