Outback (2019) Sinhala Subtitle
Kym Cramp, Brendan Donoghue, Lauren Lofberg, Taylor Wiese
2019 ඔක්තෝම්බර් 12 දින ඕස්ට්‍රේලියාවේදී මුලින්ම තිරගත කිරීම ආරම්භ කල මෙය ඕස්ට්‍රේලියානු සිනමා පටයක්. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කල ඉතා අනුවේදනීය කතාවක් රැගත් Outback ඇමෙරිකාවට පිවිසියේ මීට දින කීපයකට පෙරයි. ඒ කියන්නෙ 2020 ජුනි. ඕස්ට්‍රේලියාවේ ඉතා දුර බැහැර පිහිටි දුෂ්කර හුදෙකලා ප්‍රදේශයක සංචාරයකට යන ඇමෙරිකානු යුවලක්, GPS හරියට වැඩ නොකිරීම නිසා අතරමන්ව, ආහාර, ජලය, ආයුධ හෝ කිසිම පිටවීමක් වත් නැතිව විෂඝෝර සර්පයන්, ගෝනුස්සන් සහ කැලෑ බල්ලන් සහිත එම ශුෂ්ක කලාපීය ප්‍රදේශයේ දින ගණනාවක් තිස්සේ ජීවිතය රැකගැනීමට කරන අරගලය මෙහි මූලික කතා තේමාවයි. Thriller
& Adventure, Drama, Mystery & Suspense යන කාණ්ඩ වලට අයත් වෙනවා. IMDb අගය 4.9/10 ක්ද, Rotten Tomatoes අගය 67% ක්ද ලබාගෙන තියෙනවා. ධාවන කාලය විනාඩි 86 යි.
2015 වසරේදී ඇමෙරිකානු උසස් විද්‍යාල පෙම්වතුන් යුවලක් වන වේඩ් කෙලී සහ ලීසා සැච්ස් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවෙනවා. එයාලගෙ ඉලක්කය ඕස්ට්‍රේලියාවේ මනරම් වෙරළබඩ තීරයයි. මුල්ම බීච් එකේදී ජෙලි ෆිෂ්ලා නිසා වේඩ් තුවාල ලබන අතර ඉන්පසු ඔවුන්ගෙ සැලැස්ම වෙනස් කර “අවුට්බෑක්” එකක සංචාරය කරන්න තීරණය කරනවා. අවුට්බෑක් එකක් කියන්නෙ නගරයෙන් ඉතා ඈත පිහිටි දුෂ්කර හුදෙකලා ලඳු කැලෑ ප්‍රදේශයක්. එහි බලන්න වටින වැදගත් සහ සුන්දර ස්ථාන බැලීමයි මෙයාලගෙ අරමුණ. නමුත් පෝන් සිග්නල් පවා නැති මහිදී GPS ත් පිස්සු කෙලීම නිසා මෙයාලා එහෙ අතරමන් වෙනවා. ආපු පාරෙම ආපහු යන් කියලා කියද්දිත් මෙච්චර දුරක් ඇවිත් නිකම්ම ආපහු හැරෙන්න වේඩ් එකපාරටම කැමතිවෙන්නෙ නෑ. කිට්ටුව තියෙන පොඩි කඳු ගැටයක් පෙන්නල ඔහු කියනවා ඒක නැගලා වටපිට මොනවද තියෙන්නෙ කියලා බලලා තීරණය කරමු කියලා. ලීසා නම් ඒකට එච්චර කැමත්තක් දක්වන්නෙ නෑ. එතනින් තමයි මෙයාලගෙ ඉරණම කණපිට හැරෙන්නෙ. සමහර වෙලාවට ජීවිතය සහ මරණය අතර වෙනස වෙන්නෙ පොඩිම පොඩි තීරණයක්. එයාලට මේ මරු කටෙන් එලියට එන්න හැකිවේවිද? ඒ පොඩිම පොඩි තීරණය මෙයාලගෙ සංචාරය අවුට්බෑක් පුරාවෘත්තයක් බවට පත් කලේ කොහොමද? Taylor Wiese සහ Lauren Lofberg ප්‍රධාන රංගනයන් දායකවන Outback මේ ප්‍රශ්න වලට ඔයාලට පිළිතුරු ලබාදේවි. ජය වේවා.
ලින්ක් වැඩ නොකරන්නේනම් එම ලින්ක් එක සඳහන් කර කමෙන්ටුවක් දමන්න. ඉතා ඉක්මනින් එය යථාවත් කිරීමට අප සූදානම්.
බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍
Thank machan…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
උපසිරැසියට බොහොම ස්තූතියි.
Request…
Jeorge of the jungle 2 – 2003
The Delta Force 2 – 1990
JVCD – 2008
Full Love – 2008
තව වෑන් ඩෑම් ගේ ජැකී චෑන්ගේ චක් නොරිස් ගේ පැරණි චිත්‍රපට දෙන්න පුලුවන්ද?