Oxygen (2021) Sinhala Subtitle
උපසිරැසිය ප්‍රංශ භාෂා පිටපත් සඳහා පමණි
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත් වූ සහ බොහෝ කතාබහට ලක්වූ ප්‍රංශ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත අරගෙනයි. මේ Oxygen (2021) චිත්‍රපටය. ඔබ 2010 වසරේ නිකුත්වූ රයන් රෙනෝල්ඩ්ස් රඟන Buried චිත්‍රපටය නරඹා ඇත්නම්, මෙයත් ඊට සමාන කතා තේමාවක් සහිත එකක්, නමුත් කතාව ඊට හාත්පසින්ම වෙනස්. ක්‍රිස්ටි ලෙබ්ලැන්ක්ගේ රචනයෙන් ඇලෙක්සැන්ඩ්‍රෙ ඔජාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙය මේ වනවිට (2021:05:20) 6.5ක IMDb අගයක්ද 89%ක Rotten Tomatoes අගයක්ද 66%ක මෙටාක්‍රිටික් අගයක්ද ලබා තිබෙනවා. මෙයට රංගනයෙන් දායක වන්නේ : මෙලනි ලෝරන්ට් ( ලිස්), මලික් සිදි (ලියෝ), ලෝරා බොනා (ඇලිස්), එරික් හර්සන් ( කැප්ටන් මෝර්) ඇතුළු පිරිසක්. චිත්‍රපටය ගැන කියනවනං Buried හි කතා තේමාවම වෙනස්ම ආකාරයකින් ඉදිරිපත් කිරීමක් සහ චරිතයක් ලෙස අපි චිත්‍රපටය තුලදී රූපයෙන් දකින්නේ ප්‍රධාන කථා නායිකාව පමණයි, එයට පණ පොවන මෙලනි ලෝරන්ට් ඉතාම විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන අතරම මුළු චිත්‍රපටයම නරඹන්නාව අවසානය තෙක් රඳවා තබා ගැනීමට තරම් කුතුහලයෙන් පිරි එකක් බවටත් පත් කරන්නට සමත් කතාවද ඊට මහත් රුකුලක් වනවා. දැන් අපි යමු කතාව පැත්තට….
ශීතනිද්‍රා කුටියක සිටින කාන්තාවක් හිටි හැටියේ අවදිවනවා තමන් ගැනවත් තමන් එය තුලට පැමිණියේ කෙසේද යන්න ගැනවත් කිසිදු මතකයක් නොමැතිව. ඊටත් වඩා ගැටලුවක් වන්නේ කුටියට සපයා ඇති ඔක්සිජන් සැපයුමද සීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවතීම. මේ මහා බියකරු සිහිනයෙන් ගැලවීමට ඇයට ඇති එකම මග වන්නෙ තමන්ට අහිමි මතකය යලි සොයාගැනීමයි… ඉන් එහාට නරඹන ඔබට බාරයි, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම…
ලබාදී ඇති උපසිරැසිය WEB/NF (Netflix) WEB, WEBRip,WEB-DL පිටපත් සඳහා වේ. කෙසේ නමුත් මෙම ප්‍රංශ චිත්‍රපටයේ ඉංග්‍රීසි හා ඉතාලි යන භාෂා ද්විත්වයෙන් හඬකැවූ පිටපත් අන්තර්ජාලයේ දකින්නට ලැබෙන අතර, උපසිරැසිය ගැලපෙනු ඇත්තේ ප්‍රංශ භාෂා පිටපත්වලට පමණක් බව කරුණාවෙන් සලකන්න. එම නිසා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කිරීමේදී “FRENCH” ලෙස සඳහන් පිටපත් පමණක් ලබාගැනීමට වගබලා ගන්න. “DUBBED” ලෙස සඳහන් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් හඬ කැවූ පිටපත්වන අතර “ENG/ITA” ලෙස සඳහන් කර ඇත්තේ ඉංග්‍රීසි හා ඉතාලි යන භාෂා ද්විත්වයම සහිත Dual audio පිටපත් වේ.
තෑන්ක්ස් සබ් එකට
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
හම්මෝ හසිත සහෝ නම් සබ් මැෂිමක්!
උපසිරැසිකරුවන් අතරින් අංක එක.. ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම් වලටම සබ් කරන්න.
සබ් එකට ස්තුතියි