Pal Pal Dil Ke Paas (2019) Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම.ඉතින් මුලින්ම කියන්න ඕන හැමෝටම සුබ ආදරවන්තයින්ගේ දිනයක් කියලා.ඉතින් අද දවසට ගැළපෙන චිත්‍රපටියකට තමා උපසිරැසි අරගෙන ආවේ.ඉතින් තව වැඩි දෙයක් කියන්නේ නැතුව කෙලින්ම චිත්‍රපටිය පැත්තට බහින්නම්.

බොලිවුඩ් ආදර කතාවේ ප්‍රධාන අංගයක් තමා හොඳ පෙනුමක් ඇති යුවළක්.Karan Deolගේ පළමු චිත්‍රපටි අධ්‍යක්ෂණය වන මෙය එම අංග ලක්ෂණය මතින් සම්පූර්ණයි.හිමාල කඳුවැටියේ ඇති සුන්දරත්වයේ සිට තර්ජන සහ පවුල් නාද රටාවක් දක්වා මෙම චිත්‍රපටයි ආදර කතාවකට අයිති සෑම අංග ලක්ෂණයක්ම යොදාගෙන නිර්මාණය කොට ඇත.නමුත්, සාමාන්‍ය ආදර චිත්‍රපටියකින් අපේක්ෂා කරන දේ ලබා දීමට මෙම චිත්‍රපටිය අසමත්ව ඇත.චිත්‍රපටියට පණපොවන නළු නිළි කැළ ගැන කිව්වොත් ප්‍රධාන චරිත දෙක බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණ නවකයින් දෙපළකි.එනම් Karan Deol සහ Sahher Bambba වේ.මේ අතර Sachin Khedekar, Simone Singh, Kallirroi Tziafeta වැනි අය සෙසු චරිත වලට පණ පොවයි.IMDb අගය 4.6ක් වන අතර ගූගල් පරිශීලකයින් 90%කගේ ප්‍රසාදය දිනාගන්න මෙම චිත්‍රපටය සමත්ව ඇත.කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

මන් මුලින් කිව්වා වගේ මේ චිත්‍රපටය ආදර චිත්‍රපටයකින් බලාපොරොත්තු වන ඉටු කරන්න අසමත් වෙලා තියෙනෝ. මන් නම් හිතන්නේ එතමා චිත්‍රපටයේ අවසානය.චිත්‍රපටයේ අවසානය අධ්‍යක්ෂකවරයා සුබවාදි ආකාරයට නිර්මාණය කොට ඇත.නමුත් අවසානය සුබවාදි ආකාරයට නැතුව නිර්මාණය කළා නම් ප්‍රේක්ෂක පිරිසගේ ඇහැට කඳුලක් දීලා චිත්‍රපටිය අවසන් කරන්න තිබුණා.ඉතින් කරන් කියන්නේ හිමාලය පැත්තේ සංචාරක ව්‍යාපාරයක් කරන කෙනෙක්.එයාගේ කදවුරේ නම උජී දාර්.ඒවගේම සේහර් කියන්නේ ඉන්දියාවේ ඉන්න හොදම ව්ලොගර්.එයාගේ රාජකාරිය තමා ලොකු ලොකු මිනිස්සුන්ගේ අසාධාරණ වැඩ ජනතාවට පෙන්නලා ඔවුන්ගේ නමට මඩ පහර එල්ල කරන එක.ඉතින් සේහර්ට උජී දාර් කඳවුරය යන්න අවස්ථාවක් ලැබෙනවා.ඉතින් එයාගේ අධිෂ්ඨානය වුණේ උජී දාර් කඳවුරටත් මඩ පහරක් එල්ල කරන්න, මොකද ඒ කඳවුරේ අය කරන ගාස්තු ඉහළ නිසා.ඉතින් පස්සේ මොකක්ද වෙන්නේ කියන එක දැනගන්න චිත්‍රපටිය බලලා ඉන්න කියලා ආරාධනා කරනවා.

හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 2638
  • File Size : 58.788KB
  • Sub Update :2020-07-15
  • මයිකි Unregister User
    Android 9Chrome 80

    Thanks bro su ekata

    2020-02-15 at 4:12 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-02-16 at 12:43 pm
  • Hashan Priyadarshana User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-03-08 at 8:02 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *