Papillon (2017) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලොව පුරා ඉහලම අලෙවියක් ලද ස්වයං චරිතාපදානයක් ඇසුරින් නිමවී 1973 වසරේ තිරගත වූ Papillon චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය Papillion (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්. මේක ඇත්තටම අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල නිර්මාණයක්, ඔහුට තමයි මේකෙ වැඩි ගෞරවය යන්න ඕනෙ. මොකද ඉල්ලීමට දවස් කීපෙකට පෙර මම චිත්‍රපටය බැලුවත්, ඒ වනවිටත් අන්තර්ජාලයේ මෙයට සිංහල උපසිරැසි තියන බව පෙන්නුම් කල නිසා මට වැඩි උනන්දුවක් තිබුණෙ නෑ උපසිරැසිය කරන්න,නමුත් ඉල්ලීම නිසා මම තීරණය කලා මෙයට උපසිරැසි කරන්න. හරි, චිත්‍රපටය පැත්තට යන්න කලින් පැහැදිලි කරගන්න දෙයක් තියනවා, අපි බලමු දැන් ඒ ගැන.

මේ චිත්‍රපටයේ එන සිදුවීම දිවෙන්නෙ ප්‍රංශ ගියානා දඬුවම් ජනපදය වටා. මේ දඬුවම් ජනපද (Penal Colony) කියන්නෙ එකල නීතියන් දඬුවම් ලැබූ සිරකරුවන් සාමාන්‍ය ජනතාවගෙන් ඈත් කර තැබීමට යොදාගත් ක්‍රමයක්. සරලවම කිව්වොත් මෙම සිරකරුවන් සාමාන්‍ය ජනයා වෙසෙන පෙදෙස්වලින් බොහෝ දුර ඈත ඒ කියන්නෙ බොහෝවිට හුදෙකලා දූපතක්, ජනශුන්‍ය යටත් විජිත ප්‍රදේශයක් වගේ තැනකට පිටුවහල් කිරීම. මේ තැන්වල බොහෝවිට බන්ධනාගාරයකුත් පිටුවල තිබිල තියනව මේ සිරකරුවන්ව ගාල් කිරීමට. සාමාන්‍ය බන්ධනාගාරයක වගේම ජේලර්වරුන්ගේ යටතෙ තමයි මේ සිරකරුවනුත් ඉඳල තියෙන්නෙ.මෙහී මූලිකම අරමුණ සිරකරුවන් තම රටින් ජනතාවගෙන් ඈත්කොට තැබීම වුණත්, ඔවුන්ගේ ශ්‍රමය රටේ ලාභය වෙනුවෙන් යොදාගැනීමත් ඊට අයත් අරමුණක්ව තිබෙනවා ඒ කාලයේ. මේ ක්‍රමය රජසමයන්වලට පවා දිවෙන බොහෝ දුර ඈත අතීතයක් තිබෙන්නක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් මේ ක්‍රමයම භාවිතා කර තිබෙනවා ඔවුන්ගේ අධිරාජ්‍ය සමයේ. ඔබ අහල ඇති ඕස්ට්‍රේලියාවත් මේ ආකාරයේ දඬුවම් ජනපදයක් ලෙසයි බ්‍රිතාන්‍යයන් එකල භාවිතා කර තිබෙන්නේ. මේ විදියට ප්‍රංශය තම සිරකරුවන් පිටුවහල් කල ප්‍රදේශය තමයි මේ ගියානා කියල හඳුන්වන්නෙ. එය පිහිටා ඇත්තේ දකුණු ඇමරිකාවේ.

චිත්‍රපටයේ සත්‍ය කතාව (යැයි පැවසෙන) අනුව හෙන්රි චැරියේ කියන්නෙ (1906-1973) මිනීමැරුම් චෝදනාවකට ජීවිතාන්තය දක්වා දඬුවම් ලබා පෙරකී ප්‍රංශ ගියානා දඬුවම් ජනපදය වෙත පිටුවහල් කල අයෙක්. ඔහුගේ අන්වර්ථ නාමය තමයි මේ "පපියෝන්" කියන්නෙ. ප්‍රංශ භාෂාවෙන් එහි අර්ථය සමනලයා. ඊට හේතුව වෙන්නෙ ඔහුගේ පපුවේ කොටාතිබී ඇති සමනලයෙකුගේ පච්චයක්. කෙසේ හෝ දඬුවම් කාලය නිමවීමට පෙර තම මිතුරෙකුගේ උදවුවෙන් පැන එන මේ හෙන්රි 'පපියොන්' චැරියේ 1969 වසරේදී තම චරිතාපදානය පල කරනවා 'පපියෝන්' නමින්ම. මෙය ප්‍රංශය තුල වැඩිම අලෙවියක් ලැබූ පොත් අතරින් එකක් ලෙසද සැලකෙනවා. මෙය තමන්ගේම චරිතාපදානය යැයි කීවත් බොහෝ අය විශ්වාස කරන්නේ මෙය වැඩිවශයෙන් අනෙකුත් සිරකරුවන්ගේ අත්දැකීම්වල එකතුවක් විය හැකි බවයි. ඇත්තටම හෙන්රි පවසා ඇත්තේත් මෙම පොතෙන් සත්‍ය 75%ක් පමණක් බවයි, නමුත් එම අගය ඊටත් අඩු බවයි විචාරකයන් පවසන්නේ. පපියෝන් පොතේ තියනවලු හෙන්රි විසින් බන්ධනාගාර ආරක්ෂකයෙකුගේ දියණියක් මෝරුන්ගෙන් බේරාගත් වීර වික්‍රමයක්.නමුත් විචාරකයන් පවසන්නේ එම වීර ක්‍රියාව සිදුකර ඇත්තේ ඇල්ෆ්‍රඩ් ස්ටෙෆන් නම් තවත් සිරකරුවෙකු විසින් බවත්, එම උත්සාහයේදී සිය දෙපා අහිමිවන ඔහු ඉන්පසු මියගිය බවත්. ඊට අමතරව පොතේ ඇති යම් සිදුවීම්වල දිනවකවානු වැරදි පිලිබඳ විමසද්දී හෙන්රි පවසා ඇත්තේ "මගෙ ලඟ යතුරු ලියනයක් තිබුණේ නෑ" කියායි. 2005 වර්ශයේදී චාල්ස් බෘනියර් නම් 104 වියැති පුද්ගලයෙක් මේ පපියෝන් කතාවෙ එන එන සැබෑ පපියෝන් තමන් බවත්, හෙන්රි තමන්ගේ ලෙස ලියා ඇත්තේ චාල්ස් බෲනියර් වන තමන්ගේ කතාව බවත්. ඔහුද මේ කතාවෙ එන කාලසමයේදී අදාල දඬුවම් ජනපදයේ දඬුවම් විඳි අයෙක්ලු. කෙසේ හෝ සමනලයෙකුගේ පච්චයක් පවා බෲනියර්ගේ පපුවෙ තිබූ බවයි සඳහන් වෙන්නේ. හැබැයි අනිත් අතට ගත්තම ඔහු සිරකරුවෙක්ව සිටි නිසා වෙන්නත් ඇති හරි වැරදි ගැන වැඩි වැඩියෙන් කතාවෙන්නෙ. කොහොමත් සිරකරුවෙක් ලිව්වත්, සමාජයේ ගෞරවයට පාත්‍රවුණ ප්‍රභූවරයෙක් ලිව්වත් ස්වයං චරිතාපදානයක් කියන්නෙ බොහෝවිට "මං පොර " කියන අදහසින් ලියවුණ, 50%ක් විතරම ප්‍රබන්ධ තමයි මමනං හිතන්නෙ. ඒ ඒ අය ලඟින් ඇසුරු කලවුන්, ඥාතීන් තමයි හරිම කතාව දන්නෙ. . කොහොම වුණත් හොඳ චිත්‍රපටයක් රස විඳින්න මග බලා ඉන්න අපට මේව ඒතරම් අදාලත් නෑනෙ එක අතකට. ඒ වගේම කියන්න ඕනෙ හෙන්රි චැරියේ තමන් බන්ධනාගාරයෙන් පලා ආ පසු කාලයේ සිදුවීම් අළලා තවත් පොතක් ලියා තිබෙනවා "Banco" නමින්. මේ දෙකම අනුසාරයෙන් තමයි චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ. හරි, දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.

පැය දෙකකුත් මිනිත්තු 13ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය අයත් වෙන්නෙ අපරාධ, නාට්‍යමය, අභිරහස් වර්ගීකරණයට. හෙන්රි 'පපියොන්' චැරියේගේ පෙරකී පොත් දෙකත්, ඩෝල්ටන් ට්‍රම්බෝ , ලොරෙන්සෝ සෙම්පල්.කණිෂ්ඨ යන දෙදෙනා 1973 වසරේ තිරගතවූ මෙහි මුල් නිර්මාණයට ලියූ තිර පිටපතත් ඇසුරින් මේ චිත්‍රපටයේ තිර පිටපත ලියා තිබෙන්නේ ඇරොන් ගුසිකොව්ස්කි විසින්. අධ්‍යක්ෂණය මයිකල් නොයර් විසින්. මෙය ලබාගෙන ඇති Imdb අගය 7.1ක්. ඊට අමතරව Rotten tomatos වෙතින් 53%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 52%ක අගයකුත් ගූගල් පරිශීලකයන් වෙතින් 93%ක ප්‍රසාදයකුත් ලබාගන්නට මේ චිත්‍රපටය සමත් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ චාලි හුනාම් (පපියොන්), රමී මලෙක් (ලුවිස් ඩෙගා), ක්‍රිස්ටෝෆර් ෆෙයාබෑන්ක් (ජෝන් කැස්ටිලි), මයිකල් සෝචා (ජූලෝ), රෝලන්ඩ් මුලර් (සෙලියර්), ජොයෙල් බෙස්මන් (මැචුරේ) වගේ පිරිසක්. චිත්‍රපටයෙ කතාව ගැනනම් මේ ලිපිය කියෙව්ව ඕගොල්ලන්ට යම් අදහසක් ඇති කියල මම විශ්වාස කරනවා. ඒ නිසා මම කතාව විස්තර කරන්න යන්නෙ නෑ, ඒ සියල්ල ඔබටම බාර කරනවා, එහෙනම් මම ගිහින් එන්නම් තව ඇනිමේෂන් චිත්‍රපටයක උපසිරැසිය අවසන් ලයින් කීපයේ තියෙන්නෙ. ඒකත් දෙන්නම් අදම පුළුවන් වුණොත්.

උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BluRay පිටපත් ද්විත්වයටම උපසිරැසි ඇතුලත්ය. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.

7.0
IMDB

Year : 2017

Actors : Rami Malek, Charlie Hunnam, Tommy Flanagan, Eve Hewson

Wrongfully convicted for murder, Henri Charriere forms an unlikely relationship with fellow inmate and quirky convicted counterfeiter Louis Dega, in an attempt to escape from the notorious penal colony on Devil's Island.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 8284
  • File Size : 56.947KB
  • Sub Update :2021-01-08
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 70

    සහො Incredibles කලෙක්ෂන් එකටත් සබ් දෙන්නකො ❤️

    2018-11-14 at 4:35 am
  • Mithun Unregister User
    Android 8Chrome 69

    ගොඩක් ස්තුතියි සහෝ මෙකට සබ්ටයිල් දැම්මට .මෙවගේ හොද චිත්‍රපටයකට ඔයාගෙන් උපසිරැසියක් ලැබෙන එක නම් සතුටක්. WEB,BLURAY දෙකටම දුන්නට තැන්ක්ස් 😍

    2018-11-14 at 8:35 am
  • Pasindu Unregister User
    Android 6Chrome 66

    සුපිරි වැඩක් මචං

    2018-11-14 at 8:41 am
  • Gayan Dushmantha Unregister User
    Windows 7Opera 56

    Bohoma sthuthi sub ekata 👍 👍 👍 , puluwannam anith sites walin sub denne nati films walata denna, Gold (2018) hindi movie ekata puluwanam sub denna 👍 👍 👍

    2018-11-14 at 7:46 pm
  • Madusha Unregister User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ

    2018-11-14 at 10:09 pm
  • Mithun Unregister User
    Android 8Chrome 69

    කියාල වැඩක් නැ මෙක බලළා කොහොමද එක කියන්නෙ කියල හිතාගන්න බැරිඋනා. පට්ටම ෆිල්ම් එක මෙක නම් .මේ අවුරුද්දේ මේවනකල් මේවගේ හිතට දැනුන එකක් නම් බැලුවෙ නැහැ , Leave No Trace මුවී එක ඇර.. පට්ටම සහෝ මෙක නම්. ගෝඩක් ස්තුතියි පරිවර්තනයට මන් මෙක බලලා ඉවර වෙලත් කල්පනා කලේ එක කියන්නම ඔන කියල මොකද ඒතරම් සුපිරිම එකට සබ් එක තිබුන Thank lot

    2018-11-14 at 10:18 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 56

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 . ඔන්න Mile 22 එකත් අප්ඩේට් කලා 😉

      2018-11-14 at 10:20 pm
    • Mithun Unregister User
      Android 8Chrome 69

      Thx brother. තව Equalizer 2 බැලුවෙ නැ හසිත, friday බලනව අරම් තියෙන්නේ එකත් Bluray එකම.. අසම නලුවා ඉන්න හින්ද ටිකක් කල් දැම්ම😍

      2018-11-14 at 11:03 pm
  • achala chathuranga Unregister User
    Windows 7Chrome 70

    phone ekata sub wada nahane hariyata

    2018-11-15 at 10:42 am
    • Mithun Unregister User
      Android 8Chrome 69

      MX player eka use karanna saho.eka tama 4n walin balanwa nm hodama .sabtitel eka gataluwak natuwa wada

      2018-11-15 at 11:49 am
    • Achala Chathuranga Unregister User
      Android 7.1Chrome 70

      Thanks🙂mama use karanneth mx player thamai but sub timing eka aul

      2018-11-15 at 11:13 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 56

      @ අචල – දීල තියන සබ් ටයිටල් ෆෝල්ඩර් එකේ සබ් දෙකක් තියනවා WEB-DL වලටයි BLURAY වලටයි වෙන වෙනම. මම සබ් එක හැදුවෙ WEB-DL එකට. ප්‍රින්ට් එක තාම මං ලඟ තියනවා ඒකට WEB සබ් එක හරියටම හරි. ඒ නිසා ඔයා ගත්ත ප්‍රින්ට් එක WEB-DL නම් WEB-DL කියල නම් කරල තියන සබ් එක දාගෙන බලන්න ,BLURAY නම් ඊට අදාල සබ් එක දාගෙන බලන්න. ඔයා ටයිමින් අවුල් කිව්ව නිසාම මම BLURAY ටොරන්ට් එකකුත් WEBTORRENT එකට දාල සබ් එක චෙක් කලා,ටයිමින් හරියටම හරි. අවශ්‍යනම් Proof දෙන්නත් පුළුවන්.

      2018-11-16 at 12:26 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 56

      PS : වෙන කිසිම කෙනෙකුට ටයිමින් අවුලක් ඇවිල්ලත් නෑ.

      2018-11-16 at 12:28 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 70

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය වේවා!

    2018-11-16 at 1:16 am
  • Nadushan M Guruge Unregister User
    Android 8Chrome 67

    Thanks brdr..

    2018-11-16 at 9:40 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 55

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-17 at 10:39 am
  • Asinda Unregister User
    Android 8.1Chrome 67

    සුපිරි film එකක් .sub එකට බොහොම ස්තූතියි. Wed dl හා Bluray කියන්නෙ මොකක්ද

    2018-11-18 at 4:58 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 56

      ‍Asinda @ – ‍WEB-DL කියන්නෙ Amazon Prime , i Tunes , Netflix වගේ වීඩියෝ ස්ට්‍රීමින් , වීඩියෝ ඔන් ඩිමාන්ඩ් සේවාවකින් නියමිත මුදල් ගෙවා ඩවුන්ලෝඩ් කරන ලද අදාල චිත්‍රපටයේ ඔරිජිනල් පිටපතක්. එහෙම ඩවුන්ලෝඩ් කල පිටපත් එන්කෝඩ් කරල විශාල ප්‍රමාණයේ වීඩියෝ පිටපතක් ලෙස ටොරන්ට් අඩවිවෙත අප්ලෝඩ් කරනවා Movie pirates ලා. පසුව විවිධ එන්කෝඩර්ස්ල ඒ පිටපත අරගෙන විවිධ ප්‍රමාණවලින් සහ 720 P ,1080 P වශයෙන් නැවත එන්කෝඩ් කරල ආපහු අප්ලෝඩ් කරනවා. කොයිවිදියකින් මොන නමකින් ආවත් WEB-DL කියල තියනවනම් ඒක අර උඩ කිව්ව වගේ සේවාවකින් ඩවුන්ලෝඩ් කල පිටපතක්.BLURAY කියන්නෙ වෙළඳපොළට නිකුත් කෙරෙන BLURAY 3D ඩිස්ක් එකකින් රිප් කරල එන්කෝඩ් කල පිටපතක්. මේ පිටපතුත් අර කලින් අර විදියටම ටොරන්ට් වෙත අප්ලෝඩ් වෙනවා විවිධ නම් වලින්. සරලවම කියනවනම් මේ WEB-DL සහ BLURAY පිටපත් අතර කොලටි එකේ ලොකු වෙනසක් නෑ, දෙකම ඔරිජිනල් පිටපත්. හැබැයි BLURAY වලත් පිටපත් වර්ග දෙකක් නිකුත් වෙනවා අන්තර්ජාලයට, ඒ BLURAY සහ BDRIP නමින්. මෙතනින් BDRIP කියන්නෙ සාමාන්‍යයෙන් මෙගාබයිට් 600ට අඩු ප්‍රමාණයකට එන්කෝඩ් කල ඒවා. BLURAY කියන්නෙ ඊට ඉහල ඒවා බොහෝවිට 1 GB හෝ ඊට එහා. ඒ නිසා BLURAY පිටපතේ කොලටිය ඉහලයි BDRIP එකට වඩා. කෙටියෙන්ම කිව්වොත් WEB-DL සහ BLURAY දෙකම එක වගේ. ඒ වුණාට උපසිරැසි ටයිම් ලයින් වෙනස් , ඒ නිසා ඒ ඒ පිටපත්වලට දීල තියන උපසිරැසියත් එක්ක නැරඹුවාම හරි. පිළිතුර පැහැදිලි ඇති කියල හිතනවා 🙂

      2018-11-19 at 12:53 am
  • Namal Ekanayake Unregister User
    Android 4.2Chrome 66

    Supiri bro

    2018-11-22 at 10:08 am
  • asanka jayantha User
    Windows 7Opera 56

    good😀aaaaaaa

    2018-12-07 at 8:23 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *