Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle
  • Genres
  • Crime
  • Papillon (2017) Sinhala Subtitle

Papillon (2017) Sinhala Subtitle

November 13, 2018 Junior Admin

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලොව පුරා ඉහලම අලෙවියක් ලද ස්වයං චරිතාපදානයක් ඇසුරින් නිමවී 1973 වසරේ තිරගත වූ Papillon චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය Papillion (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්. මේක ඇත්තටම අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල නිර්මාණයක්, ඔහුට තමයි මේකෙ වැඩි ගෞරවය යන්න ඕනෙ. මොකද ඉල්ලීමට දවස් කීපෙකට පෙර මම චිත්‍රපටය බැලුවත්, ඒ වනවිටත් අන්තර්ජාලයේ මෙයට සිංහල උපසිරැසි තියන බව පෙන්නුම් කල නිසා මට වැඩි උනන්දුවක් තිබුණෙ නෑ උපසිරැසිය කරන්න,නමුත් ඉල්ලීම නිසා මම තීරණය කලා මෙයට උපසිරැසි කරන්න. හරි, චිත්‍රපටය පැත්තට යන්න කලින් පැහැදිලි කරගන්න දෙයක් තියනවා, අපි බලමු දැන් ඒ ගැන.

මේ චිත්‍රපටයේ එන සිදුවීම දිවෙන්නෙ ප්‍රංශ ගියානා දඬුවම් ජනපදය වටා. මේ දඬුවම් ජනපද (Penal Colony) කියන්නෙ එකල නීතියන් දඬුවම් ලැබූ සිරකරුවන් සාමාන්‍ය ජනතාවගෙන් ඈත් කර තැබීමට යොදාගත් ක්‍රමයක්. සරලවම කිව්වොත් මෙම සිරකරුවන් සාමාන්‍ය ජනයා වෙසෙන පෙදෙස්වලින් බොහෝ දුර ඈත ඒ කියන්නෙ බොහෝවිට හුදෙකලා දූපතක්, ජනශුන්‍ය යටත් විජිත ප්‍රදේශයක් වගේ තැනකට පිටුවහල් කිරීම. මේ තැන්වල බොහෝවිට බන්ධනාගාරයකුත් පිටුවල තිබිල තියනව මේ සිරකරුවන්ව ගාල් කිරීමට. සාමාන්‍ය බන්ධනාගාරයක වගේම ජේලර්වරුන්ගේ යටතෙ තමයි මේ සිරකරුවනුත් ඉඳල තියෙන්නෙ.මෙහී මූලිකම අරමුණ සිරකරුවන් තම රටින් ජනතාවගෙන් ඈත්කොට තැබීම වුණත්, ඔවුන්ගේ ශ්‍රමය රටේ ලාභය වෙනුවෙන් යොදාගැනීමත් ඊට අයත් අරමුණක්ව තිබෙනවා ඒ කාලයේ. මේ ක්‍රමය රජසමයන්වලට පවා දිවෙන බොහෝ දුර ඈත අතීතයක් තිබෙන්නක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් මේ ක්‍රමයම භාවිතා කර තිබෙනවා ඔවුන්ගේ අධිරාජ්‍ය සමයේ. ඔබ අහල ඇති ඕස්ට්‍රේලියාවත් මේ ආකාරයේ දඬුවම් ජනපදයක් ලෙසයි බ්‍රිතාන්‍යයන් එකල භාවිතා කර තිබෙන්නේ. මේ විදියට ප්‍රංශය තම සිරකරුවන් පිටුවහල් කල ප්‍රදේශය තමයි මේ ගියානා කියල හඳුන්වන්නෙ. එය පිහිටා ඇත්තේ දකුණු ඇමරිකාවේ.

චිත්‍රපටයේ සත්‍ය කතාව (යැයි පැවසෙන) අනුව හෙන්රි චැරියේ කියන්නෙ (1906-1973) මිනීමැරුම් චෝදනාවකට ජීවිතාන්තය දක්වා දඬුවම් ලබා පෙරකී ප්‍රංශ ගියානා දඬුවම් ජනපදය වෙත පිටුවහල් කල අයෙක්. ඔහුගේ අන්වර්ථ නාමය තමයි මේ “පපියෝන්” කියන්නෙ. ප්‍රංශ භාෂාවෙන් එහි අර්ථය සමනලයා. ඊට හේතුව වෙන්නෙ ඔහුගේ පපුවේ කොටාතිබී ඇති සමනලයෙකුගේ පච්චයක්. කෙසේ හෝ දඬුවම් කාලය නිමවීමට පෙර තම මිතුරෙකුගේ උදවුවෙන් පැන එන මේ හෙන්රි ‘පපියොන්’ චැරියේ 1969 වසරේදී තම චරිතාපදානය පල කරනවා ‘පපියෝන්’ නමින්ම. මෙය ප්‍රංශය තුල වැඩිම අලෙවියක් ලැබූ පොත් අතරින් එකක් ලෙසද සැලකෙනවා. මෙය තමන්ගේම චරිතාපදානය යැයි කීවත් බොහෝ අය විශ්වාස කරන්නේ මෙය වැඩිවශයෙන් අනෙකුත් සිරකරුවන්ගේ අත්දැකීම්වල එකතුවක් විය හැකි බවයි. ඇත්තටම හෙන්රි පවසා ඇත්තේත් මෙම පොතෙන් සත්‍ය 75%ක් පමණක් බවයි, නමුත් එම අගය ඊටත් අඩු බවයි විචාරකයන් පවසන්නේ. පපියෝන් පොතේ තියනවලු හෙන්රි විසින් බන්ධනාගාර ආරක්ෂකයෙකුගේ දියණියක් මෝරුන්ගෙන් බේරාගත් වීර වික්‍රමයක්.නමුත් විචාරකයන් පවසන්නේ එම වීර ක්‍රියාව සිදුකර ඇත්තේ ඇල්ෆ්‍රඩ් ස්ටෙෆන් නම් තවත් සිරකරුවෙකු විසින් බවත්, එම උත්සාහයේදී සිය දෙපා අහිමිවන ඔහු ඉන්පසු මියගිය බවත්. ඊට අමතරව පොතේ ඇති යම් සිදුවීම්වල දිනවකවානු වැරදි පිලිබඳ විමසද්දී හෙන්රි පවසා ඇත්තේ “මගෙ ලඟ යතුරු ලියනයක් තිබුණේ නෑ” කියායි. 2005 වර්ශයේදී චාල්ස් බෘනියර් නම් 104 වියැති පුද්ගලයෙක් මේ පපියෝන් කතාවෙ එන එන සැබෑ පපියෝන් තමන් බවත්, හෙන්රි තමන්ගේ ලෙස ලියා ඇත්තේ චාල්ස් බෲනියර් වන තමන්ගේ කතාව බවත්. ඔහුද මේ කතාවෙ එන කාලසමයේදී අදාල දඬුවම් ජනපදයේ දඬුවම් විඳි අයෙක්ලු. කෙසේ හෝ සමනලයෙකුගේ පච්චයක් පවා බෲනියර්ගේ පපුවෙ තිබූ බවයි සඳහන් වෙන්නේ. හැබැයි අනිත් අතට ගත්තම ඔහු සිරකරුවෙක්ව සිටි නිසා වෙන්නත් ඇති හරි වැරදි ගැන වැඩි වැඩියෙන් කතාවෙන්නෙ. කොහොමත් සිරකරුවෙක් ලිව්වත්, සමාජයේ ගෞරවයට පාත්‍රවුණ ප්‍රභූවරයෙක් ලිව්වත් ස්වයං චරිතාපදානයක් කියන්නෙ බොහෝවිට “මං පොර ” කියන අදහසින් ලියවුණ, 50%ක් විතරම ප්‍රබන්ධ තමයි මමනං හිතන්නෙ. ඒ ඒ අය ලඟින් ඇසුරු කලවුන්, ඥාතීන් තමයි හරිම කතාව දන්නෙ. . කොහොම වුණත් හොඳ චිත්‍රපටයක් රස විඳින්න මග බලා ඉන්න අපට මේව ඒතරම් අදාලත් නෑනෙ එක අතකට. ඒ වගේම කියන්න ඕනෙ හෙන්රි චැරියේ තමන් බන්ධනාගාරයෙන් පලා ආ පසු කාලයේ සිදුවීම් අළලා තවත් පොතක් ලියා තිබෙනවා “Banco” නමින්. මේ දෙකම අනුසාරයෙන් තමයි චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ. හරි, දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.

පැය දෙකකුත් මිනිත්තු 13ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය අයත් වෙන්නෙ අපරාධ, නාට්‍යමය, අභිරහස් වර්ගීකරණයට. හෙන්රි ‘පපියොන්’ චැරියේගේ පෙරකී පොත් දෙකත්, ඩෝල්ටන් ට්‍රම්බෝ , ලොරෙන්සෝ සෙම්පල්.කණිෂ්ඨ යන දෙදෙනා 1973 වසරේ තිරගතවූ මෙහි මුල් නිර්මාණයට ලියූ තිර පිටපතත් ඇසුරින් මේ චිත්‍රපටයේ තිර පිටපත ලියා තිබෙන්නේ ඇරොන් ගුසිකොව්ස්කි විසින්. අධ්‍යක්ෂණය මයිකල් නොයර් විසින්. මෙය ලබාගෙන ඇති Imdb අගය 7.1ක්. ඊට අමතරව Rotten tomatos වෙතින් 53%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 52%ක අගයකුත් ගූගල් පරිශීලකයන් වෙතින් 93%ක ප්‍රසාදයකුත් ලබාගන්නට මේ චිත්‍රපටය සමත් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ චාලි හුනාම් (පපියොන්), රමී මලෙක් (ලුවිස් ඩෙගා), ක්‍රිස්ටෝෆර් ෆෙයාබෑන්ක් (ජෝන් කැස්ටිලි), මයිකල් සෝචා (ජූලෝ), රෝලන්ඩ් මුලර් (සෙලියර්), ජොයෙල් බෙස්මන් (මැචුරේ) වගේ පිරිසක්. චිත්‍රපටයෙ කතාව ගැනනම් මේ ලිපිය කියෙව්ව ඕගොල්ලන්ට යම් අදහසක් ඇති කියල මම විශ්වාස කරනවා. ඒ නිසා මම කතාව විස්තර කරන්න යන්නෙ නෑ, ඒ සියල්ල ඔබටම බාර කරනවා, එහෙනම් මම ගිහින් එන්නම් තව ඇනිමේෂන් චිත්‍රපටයක උපසිරැසිය අවසන් ලයින් කීපයේ තියෙන්නෙ. ඒකත් දෙන්නම් අදම පුළුවන් වුණොත්.

උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BluRay පිටපත් ද්විත්වයටම උපසිරැසි ඇතුලත්ය. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
9763 Downloads
Available Torrents
720p bluray 1.12 GB
GET
1080p bluray 2.15 GB
GET
720p web 1.11 GB
GET
1080p web 2.14 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (20)
← Older
  • asanka jayantha User
    Windows 7 Opera 56
    2018-12-07

    good😀aaaaaaa

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 123
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved